ISM APAC සහ Sana Commerce එක් වෙයි | සිළුමිණ

ISM APAC සහ Sana Commerce එක් වෙයි

ප්‍රමුඛ පෙළේ e-commerce සේවා සම්පාදකයෙකු වන ISM APAC සමාගම, පසුගියදා නෙදර්ලන්තයේ Sana Commerce Global ආයතනය සමඟ නව ව්‍යාපාර සහයෝගීතාවකට එළඹුණි. වසර 7කට අධික කාලයක් ආසියානු පැසිෆික් කලාපය මූලික කරගනිමින් Sana Commerce Globalහි මූලස්ථානය වෙනුවෙන් ප්‍රධාන සංවර්ධන මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියා කළ ISM APAC ආයතනය, නව සහයෝගීතාව සමඟ Sana Commerce Sri Lanka නමින් සිය ව්‍යාපාර මෙහෙයුම් ආරම්භ කර තිබේ.

දැනට සමාගම සතු සේවක සංඛ්‍යාව 180කට අධික ය. Sana Commerce යනු නිෂ්පාදන සමාගම්, බෙදාහැරීම් සහ තොග වෙළෙඳ සමාගම්වලට පාරිභෝගිකයින් සමඟ සම්බන්ධ වෙමින් දිගු කාලීන සබඳතා ගොඩනඟා ගැනීමට අවස්ථාව සලසන e-commerce අවකාශයකි. මෙහි විශේෂත්වය වන්නේ හුදෙක් ගනුදෙනුවලින් ඔබ්බට ගිය සබඳතා නිර්මාණය කරගැනීමට ඉඩප්‍රස්ථා උදා කරදීම ය. මෙම සුවිශේෂීත්වය හේතුවෙන්ම Forrester මගින් Strong Performer සහතිකය මෙන්ම ජර්මනියේ පැවැති 2021 e-commerce සම්මාන උළෙලේදී Best E-shop වැඩමුළුව අංශයේ ජයග්‍රාහකයා වීමට ද, G2 හිදී මධ්‍ය වෙළෙඳපොළ කාණ්ඩයේ ප්‍රමුඛස්ථානය දිනාගැනීමට ද Sana Commerce සමත් විය.

”ශ්‍රී ලංකාවේ පිහිටි අපගේ සංවර්ධන මධ්‍යස්ථානය තුළ ඉතාම දක්ෂ වෘත්තිකයින් පිරිසක් සේවය කරනවා. විවිධ ව්‍යාපෘති රැසක් භාරගෙන ඉතාම සාර්ථකව ඒවා මෙහෙයවමින්, සෑම අවස්ථාවක ව්‍යාපෘතිවල අපේක්ෂිත මට්ටමට ළඟාකරගන්නා මෙම වෘත්තීකයින් කණ්ඩායම, අපගේ සාර්ථකත්වය සහ නවෝත්පාදනයේ ගාමක බලවේගය බවටත් පත්ව තිබෙනවා. එම නිසා වේගයෙන් ඉදිරියට යමින් වර්ධනීය අවස්ථා අත්පත් කරගැනීමට අපට පුළුවන්”, යනුවෙන් Sana Commerce ප්‍රධාන විධායක නිලධාරී සහ කළමනාකාර සහකරු Michiel Schipperus මහතා පැවසුවේය.

Great Place to Work Sri Lanka ආයතනය මගින් 2017, 2020 සහ 2021 වර්ෂවලදී ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ තොරතුරු තාක්ෂණ සේවා ස්ථාන අතරින් සේවය සඳහා සුදුසුම ස්ථානයක් ලෙස ද Sana Commerce Sri Lanka නම් කර තිබේ. අභ්‍යන්තර සහ බාහිර සංවාද, නිර්මාණ සහ දැනුම් හුවමාරු වැඩසටහන්, විශ්වවිද්‍යාල ආරාධිත දේශන මෙන්ම කාන්තාවන් සඳහා වෙන්වූ ශ්‍රී ලංකාවේ එකම හැකතන් තරගය වන She Coderess වැනි ඉසව්වලට අනුග්‍රාහකත්වය දක්වමින් ආයතනික පරිසරය තුළ සේවකයින්ගේ වර්ධනය වෙනුවෙන් ඉහළ දිරිගැන්වීමක් ලබාදීම ද Sana Commerce Sri Lanka හි විශේෂත්වයකි.

”අපි මුලදී Sana Commerce හි ප්‍රධාන සංවර්ධන මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියා කළ අතර, මෙම නව සහයෝගීතාව තුළින් ලොව ඕනෑම ස්ථානයක් වෙත අපගේ සේවා පිරිනැමීමට අවස්ථාව උදා වී තිබෙනවා”, යනුවෙන් Sana Commerce Sri Lanka කළමනාකාර අධ්‍යක්ෂ ප්‍රියන්ත බෙත්මගේ මහතා ප්‍රකාශ කළේය.

Comments