ආර්ජන්ටිනාව රත්වෙයි | Page 3 | සිළුමිණ

ආර්ජන්ටිනාව රත්වෙයි

 කුණු ඇමරිකා මහාද්වීපයේ පිහිටා ඇති ආර්ජන්ටිනාව මේ දිනවල දැඩි අසාමාන්‍ය උණුසුම් කාලගුණ තත්ත්වයක් හේතුවෙන් පීඩාවට පත්ව ඇතැයි වාර්තා වේ. මේ දිනවල එරට සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ඉක්මවා වාර්තා වෙමින් පවතී. මෙසේ වීමට හේතුව ආර්ජන්ටිනාව ආශ්‍රිත ගොඩබිමට උණුසුම් වායු ධාරාවල බලපෑමක් ඇති වී තිබීම බව කාලගුණ විද්‍යාඥයන්ගේ මතය වී තිබේ. මේ අතර අගනුවර වන බුවනෝර්ස් අයර්හි විදුලිය බිඳ වැටීම් ද වාර්තා වී ඇත්තේ අධීක විදුලි පරිභෝජනය හේතුවෙනි. ජනතාව වැඩි වශයෙන් වායුසමීකරණ භාවිත කිරීමට පෙලඹීම මෙයට හේතුව ලෙස දක්වා තිබේ.

Comments