රම්බෝ දුප්පත් වෙලා ගේත් විකුණන්න දාලා | Page 3 | සිළුමිණ

රම්බෝ දුප්පත් වෙලා ගේත් විකුණන්න දාලා

ලොව පුරා අති ජනප්‍රිය වූ රම්බෝ චිත්‍රපට මාලාවේ ප්‍රධාන චරිතය නිරූපණය කළ මහා නළු සිල්වෙස්ටර් ස්ටැලෝන් බිඳ වැටී ඇති තම ආර්ථීක තත්ත්වය හේතුවෙන් කැලිෆෝර්නියාවේ පිහිටා ඇති ඔහුට අයත් සුන්දර මන්දිරයක් විකුණා දැමීමට උත්සාහ දරමින් සිටින බව වාර්තා වේ. ‘ලා ක්වීන්ටා‘ යනුවෙන් නම් කර ඇති ‘මැන්ෂන්‘ වර්ගයේ මේ මහා මන්දිරය ඉදිකර ඇත්තේ මධ්‍යධරණී විලාසිතාවට අනුවය. මීට දශකයකට පමණ පෙර ස්ටැලෝන් මේ මන්දිරය මිලදීගෙන ඇත්තේ ඩොලර් මිලියන 4.50කටය. තම ආර්ථික තත්ත්වය ක්‍රමයෙන් පිරිහෙත්ම 2014 වසරේ සිට මේ නිවෙස විකුණා දැමීමට ස්ටැලෝන් උත්සාහ දරා ඇති අතර ප්‍රථමයෙන් ඔහු ඒ සඳහා ලබා දී ඇති ලන්සුව ඩොලර් මිලියන 4.1කි. එහෙත් මේ දක්වා නිවෙස විකුණා ගැනීමට නොහැකි වූ බැවින් තමා නිවෙස මිලදී ගත් මුදලට වඩා ඩොලර් මිලියනයකටත් වඩා අඩුවෙන් එනම් ඩොලර් 3.35කට එය විකුණා දැමීමට ස්ටැලෝන් උත්සාහ ගනිමින් සිටින බව වාර්තා වේ. 

 

Comments