තුන්වැනි වරටත් කැනඩාව පාලනයට එන ලෝකයේ කඩවසම්ම අගමැති | සිළුමිණ

තුන්වැනි වරටත් කැනඩාව පාලනයට එන ලෝකයේ කඩවසම්ම අගමැති

 

 

නළුවකු වැනි පාලකයකුට ඡන්ද ලබා ගැනීමේ එතරම් අපහසුවක් නැත. එහෙත් සැබැවින්ම හොලිවුඩ් නළුවකුගේ පෙනුම තිබෙන මේ පාලකයා ට කැනඩා ජනතාව ඡන්දය දුන්නේ ඔහුගේ නළු පෙනුම නිසාවෙන් පමණක්ම නොවේ. ඔහු ඔහුට උපරිමයෙන් කැනඩාවට සේවය කළේය. දැන් එරට ජනතාව ඔහු කළ සේවය සලකා බලා ඔහුට තුන්වැනි වරටත් කැනඩාව බාර දී තිබේ. ජස්ටින් ටෲඩෝ නම් වන ඔහුට ලොව කඩවසම්ම අගමැතිවරයා යනුවෙන් කිසිඳු අපහසුවකින් තොරව පැවසිය හැකිය.

 

මේ වන විට පනස් වැනි වියේ සිටින ටෲඩෝ කැනඩාව බාර ගත්තේ අදින් වසර පහකට පෙරදීය. ඒ වන විට ඔහුගේ වයස යන්තම් අවුරුදු 45කි. ඒ වන විට ලෝකයේ ළා බාලතම අගමැතිවරුන් අතරට එක් වූ ටෲඩෝ තමන්ගේ හැකියාව ක්‍රියාවෙන්ම ඔප්පු කර සිටියේ සාර්ථක නායකත්වයක් කැනඩාවට ලබා දෙමිනි.

 

එහෙත් ටෲඩෝට ප්‍රථම ධූර කාලයේදී තරම් ඡන්ද සංඛ්‍යාවක් දෙවැනි සහ තුන්වැනි අවස්ථාවන්හිදී ලබා ගැනීමට නොහැකි විය. එයට හේතුව ඇතැම් විට ජනතාව දේශපාලනයට දක්වන ප්‍රතිවිරෝධතාව වශයෙන්ද හඳුනාගත හැකිය. ඊශ්‍රායලයේදී වූයේද එවැනි සිදුවීමකි. එහිදීද ජනතාව එකද දේශපාලන පක්ෂයකට හෝ බහුතර බලයක් ලබා දුන්නේ නැත. එය ජනතාව විසින් දේශපාලනය ප්‍රතික්ෂේප කිරීමක් වශයෙන්ද හඳුනාගත හැකිය.

 

දැන් ටෲඩෝටද සිදුවී ඇත්තේ එයම යැය පැවසිය හැකිය. ටෲඩෝට දෙවැනි ධූර කාලයේදී පාර්ලිමේන්තුවේ බහුතර බලය අහිමි විය. එබැවින් යළිත් මැතිවරණයක් කැඳවිමට සිදුවූ අතර මෙවරද ඔහුට ජනතාව බලය ලබා දී ඇති නමුත් එය පාර්ලිමේන්තුවේ බහුතර බලය නොවේ.

 

තරුණ වයසින්ම දේශපාලනයට පිවිස තම රටේ ජනතාවට විශ්වාසදායී පාලකයකු බවට පත් වූ ජස්ටින් ටෲඩෝ ‘කැනඩා දේශපාලනයේ රන් - කොල්ලා’ යන සුරතල් නාමයෙන්ද හඳුන්වයි. තිදරු පියෙකු වන ටෲඩෝ තම දරු පවුලටද ආදරයෙන් සලකන පියෙකු වශයෙන්ද ප්‍රසිද්ධියක් උසුලයි. දැන් තුන්වන වරටත් කැනඩාව බාර ගත් රන් කොල්ලා ඉදිරියේදී පාර්ලිමේන්තුවේ බහුතර බලය ලබා ගැනීමට කුමක් කරයිද යන්න ලොවම බලා සිටින්නේය.

Comments