පොලො­න්න­රුව නව­න­ග­රයේ මහ­ජන බැංකු ප්‍රාදේ­ශීය කාර්යා­ලය ජනතා අයි­ති­යට | සිළුමිණ

පොලො­න්න­රුව නව­න­ග­රයේ මහ­ජන බැංකු ප්‍රාදේ­ශීය කාර්යා­ලය ජනතා අයි­ති­යට

(කරුණාරත්න ගමගේ)

පොලොන්නරුව නවනගරයේ පිහිටි මහජන බැංකුවේ ප්‍රාදේශීය කාර්යාලය නවීකරණය කර ජනතා අයිතියට පත් කිරීම පසුගියදා(25)උත්සවාකාරයෙන් සිදු කෙරිණි.

ආරාධිත අමුත්තා ලෙස සහභාගීවූ මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී සාමාන්‍යාධිකාරී රංජිත් කොඩිතුවක්කු විසින් සුබ මොහොතින් කාර්යාල පරිශ්‍රය විවෘත කරනු ලැබීය.

පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්.ඒ.ධර්මසිරි,අතිරේක දිස්ත්‍රික් ලේකම් ඩබිලිව්.ඒ.ඩබ්ලිව්.වනසිංහ, මහජන බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී(ශාඛා කළමනාකරණ)මහින්ද ප්‍රේමනාත්,අලෙවි ප්‍රවර්ධන නිලධාරී නාලක විජේරත්න,ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ පොලොන්නරුව ප්‍රධාන විධායක නිලධාරී, ඉංජිනේරු දිලීප කන්නන්ගර ලත්පඳුර සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්‍ෂ,පී.ඩී.ජේ.ගුණතිලක යන අයද මහජන බැංකුවේ පොලොන්නරුව ප්‍රාදේශීය කළමනාකාරීනී ඉඳුවර රත්නායක සමඟ මහජන බැංකුවේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ සියලුම ශාඛා කළමනාකරුවන් ඇතුළු නිලධාරීහු පිරිසක්ද එම අවස්ථාවට එක්ව සිටියහ.

Comments