භාවිතයෙන් ඉවත් කළ ජංගම දුරකථනවලින් රන් පදක්කම් | සිළුමිණ

භාවිතයෙන් ඉවත් කළ ජංගම දුරකථනවලින් රන් පදක්කම්

ඔලිම්පික් උළෙලේදී ජපානය සිදුකළ තවත් විෂ්මකර්ම ක්‍රියාවක් වූයේ රන් පදක්කම් නිපදවීමයි. රන් පදක්කම් ඇතුළුව පදක්කම් 5000ක් නිපදවිය යුතු වූ අතර එය අති විශාල මුදලක් වැය වන ක්‍රියාවකි.

එහෙත් ජපානය කිසිදු අතිරේක වියදමකින් තොරව රන් පදක්කම් නිපදවූයේ එමගින් පරිසරයද ආරක්ෂා කර ගන්නේ කෙසේදැයි ලොවටම ආදර්ශයක්ද ලබා දෙමිනි. ජපානය ප්‍රථමයෙන්ම කළේ ජපාන ජනතාව භාවිතයෙන් ඉවත දමන ජංගම දුරකතන විශාල වශයෙන් එකතු කිරීමයි. ඉන්පසු එම ජංගම දුරකතනවල ඉතා සුළු වශයෙන් අඩංගුවන රත්රන් කැබලි ඉතා සියුම්ව එකතු කිරීමට කටයුතු යෙදුනු අතර එලෙස එක් කර ගත් රත්රන් කැබලි යොදමින් ඉතා උසස් තත්ත්වයේ රන් පදක්කම නිපදවීමට ජපානයට හැකියාව ලැබිණි. එමෙන්ම ප්‍රතිචක්‍රිකරණය පිළිබඳව අමිල පාඩමක් ලොවට කියා දෙන්නටද ජපානයට එමගින් හැකිවිය.

Comments