
සිළුමිණ සම කර්තෘවරයෙක් වශයෙන් සිටි අභාවප්‍රාප්තවූ ආචාර්ය රංජිත් එල්. අබේවික්‍රමයන් අවසන්වරට සිළුමිණට ලියූ ලිපිය.
ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ජන මනස සැනසූ, උත් ප්‍රේරණීය තලයකට ගෙන ගිය ‘සිළුමිණ’ පුවත්පත සමාජයේ මහත් පෙරැළියක් සිදු කළ මාධ්‍ය භූමිකාවකි.
1930 මාර්තු 30 වැනිදා එළිදැක්වූ සිළුමිණට වසර 91කි. පත්‍ර කලාවේ ප්‍රවීණත්වයට පිවිසි සිළුමිණ මඟින් ජන මනස - හදවත ප්‍රසාර්ථ තලයකට ගෙන ගිය මහා පුවත්පතකි.
එදා කතුවැකි ලියූ මාර්ටින් වික්‍රමසිංහ, මිනිසා ගේ මනස අවදි කරන්නට මහත් උත්සාහයක් ගත් බව එම කතු වැකි පරිශීලනයෙන් ප්‍රකට වන්නේය.
සිළුමිණ ‘ශාස්ත්‍රීය අතිරේකය’ ජන හදවත - මනස අවදි කළ තෝතැන්නකි. සමාජයේ දුර්මතයට තුඩුදුන්, යම් යම් විෂය මඟින් මතවාද සංවාද ජනිත කිරීමෙන් නිද්‍රාශීලි සමාජය අවදි කරන්නට ප්‍රබල කඩඉමක් විය.
මතවාද නැත්නම් එම පුවත් පතෙන් පලක් නොමැත. යම් යම් ගැටලු නිරාකරණය කරන්නට ගිහි - පැවිදි උගතුන් එම මතවාදවලට සම්බන්ධ වීමෙන් ජන සමාජය අතිශය ප්‍රබෝධයට පත්විය. ‘සම්මත සිංහල මතවාද’ - ‘පස් පැණි මතවාද සංවාද’ - සිංහල හෝඩියේ අක්ෂර සංවාදය - පූර්විකාව - විමසුම් - විකල්ප අදහස් - ග්‍රැමෆෝන් හි මතවාද හේතුවන් සිළුමිණ පුවත්පත තවදුරටත් ඉහළට ගියේය.
සිදතෙන් ඇ - ඈ ඉවත්වීම
‘සිදතෙන් ඇ - ඈ ඉවත්වීම’ පිළිබඳ ප්‍රබල මතවාදයකට යොමු විය. සිදත පද්‍යයට කළ වියරණ සංග්‍රහයක් මැයෙන් කොළඹ විශ්ව විද්‍යාලයේ සන්ධ්‍යා කහඳගමගේ පැවැසුවාය. එයට සමගාමීව අඹුවන්ගල විදුහලේ පී.එම්.කේ. පතිරත්න පැවැසුවේ ගුරුකුල මතවලට වහල් වීමෙන් සිදුවූවක් බවයි. පත් ඉරුවෙන් අක්ෂර මැකී ගිහින් යනුවෙන් රන්වල ඉන්ද්‍ර ජයරත්න පැවැසූ අතර පාලි - සකු බලපෑවාද? යනුවෙන් ත / ඥානිස්සර මහා විද්‍යාලයේ ශාස්ත්‍රවේදී එස්. ශ්‍රියා දයාරත්න පැවැසුවාය. දිගු කාලයක් මේ මතවාදය සම්බන්ධයෙන් විමසුමට බඳුන්වී සමාජයේ පැවැති දුර්මත දුරලීමට ප්‍රබල තැන්නක් විය.
*සමනල සංවාදය
‘සමනල සංවාදය තවත් ප්‍රබල කඩ ඉමකි. සමනොළ සමනළ වූයේ ස්වර පූර්ව රූපයෙනි’ යනුවෙන් පැවැසුවේ ‘සම සුලං සමනල විණි අදහසට එරෙහිවය.
නිසැදැස් මතවාද සංවාදය ප්‍රබල තැන්නකට පිවිසියේ ය. ‘නිසඳැස් ද විරිතෙන් පරිපූර්ණය’ යන මැයෙන් කැටවල බුද්ධසිරි හිමියන් ලියුවේ වික්ටර් පී. ලියනගේට පිළිතුරු වශයෙනි. මේ සම්බන්ධයෙන් ද දිගුවට මත පළවිය.
සම්මත සිංහල මතවාද යටතේ රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති ලෙවන්ගම සරණංකර නාහිමියන් පැවැසුවේ වැඩි වැටුප් පතා කරන සටන් බසේ ප්‍රගතියට නැත්තෙ ඇයිද? යන්නයි.
සමූපකාරය - සමූපකාරය
ස (මු) පකාරය - ස (මු) ප
කාරය - ස(මූ)පාකාරය
ස(ම)පකාරය යන මැයෙන් ද සංවාදයකට පිවිසිණි.
‘හඳුන්වා දෙන සම්මතය අතාර්තිකයි’ යන මැයෙන් ද මතවාදයක් පැවැතිණි. තවද ‘සැමියා බරුවා නම් අඹුව බිරිය නොවේද? යන මැයෙන් ද මතවාදයකි.
‘සිද්ධාන්ත පැනවීම අදීනත්වයට බාධාවක්’ යන මැයෙන් සම්මත සිංහල මතවාද සංවාද යටතේ තවදුරටත් රැගෙන ගියේය.
‘චක්‍රලේඛය අව්‍යක්තයි, වැරැදි වදන් සෙවීමට උත්සුකවීම පැසැසුමට ලක්වන්නක්, ‘බිරිඳ යන්නෙහි බුහු බසත් ‘නැත’ ය න්නද මතභේදයට තුඩු දුන් තවත් මතයකි.
ස(බ)රගමුවද? ස(ප)රගමුවද? යන්න ගැනත්, අධ්‍යක්ෂ ද අධ්‍යක්ෂ (ක) යන්න පිළිබඳවද මතවාදයක් පැවැතුණි.
ස(මු)පකාරය, ස(මූ)පකාරය යන්න දෙකම නිවැරැදියයි යන මතයක් ද විය. සකු උපසර්ග යොදා ගැනීමෙන් අදහස ලබාගන්න බැහැ යයිද උච්චාරණ පහසුවට භාවිතවූවක් යනුවෙන් ද මතයයි. තවදුරටත් ස(මුපකාරය ගීතයේ ඵලයක්ද යනුවෙන් තවත් මතයකි.
භාෂා සංගායනාවකට කාලය ඇවිත් යනුවෙන් ද මතවාදයකි.
අඹුව බිරිය නම් සැමියා බෙරියාය යනුවෙන් තවත් මතයකි.
සම්ප්‍රදායකට වැහැරීම ශිෂ්ටයන්ගේ ගතියයි යනුවෙන් තවත් සම්මත සිංහල මතයකි. භාෂාවේ විනය වියරණයයිද අර්ථාවබෝධයට න - ණ - ල - ළ භාවිතය අනුබලයක් යනුවෙන් ද තවත් මතවාදයකි.
*ඇ කාරයත් එක්වීම
භාෂාව සම්බන්ධයෙන් නිතරම මතවාදයට බඳුන්විය. එහි ඵලයක් වශයෙන් ‘හෙළ බස ලැදි වියතුන් එක්වී සුදුස වැඩ පිළිවෙළක් යොදමු යන මැයෙන්ද, රීතියත් - රිද්මයත් වරද්දාගනු එපා යනුවෙන් ද වැරැදි වදන් එක් රැස් කළොත් විහාල ග්‍රන්ථයක් ලිවිය හැකියයි ද මතයකි.
සිංහලයට ‘ඇ’ කාරයත් අවශ්‍ය නැතැයිද මතයකි. බස අසම්මත නම් සංවරයක් ඇතිවේද? යන්න තවත් මතවාදයකි. සම්මතය රැකිය යුතුද? නැද්ද? යන්න තවදුරටත් මතවාදයට බඳුන් විය.
‘ඉංගිරිසි නීති - රීති දේවත්වයෙන් සැලකීම’ යනු තවත් මතවාදයකි.
සම්මත සිංහලයත් ඕනෑ ද? එපාද? යනුවෙන් ශාස්ත්‍රපති පණ්ඩිත අරම ශ්‍රී ධම්මතිලක නාහිමියන්ගේ මතය බොහෝදුරට ගියේය.
පස් පැණි මතවාද සංවාදය බොහෝදුරට ගිය මතයකි. මෝරුවලට ‘තක්‍ර’ යනුවෙන් ගැමි වහරේ නිසි තැනක යෙදී නෑ යනු මතයකි. පස් පැණි දහම් ගැටයක්ද? යන්න තවත් මතයකි. පස් පැණිත් මෝරුත් අතර ඇති සම්බන්ධය කුමක්ද? යන්න තවත් මතයකි. තක වන්නාසේ ක්‍රියා පදයත්, පස් පැණි මෝරු හි වැටුණා සේ යන අර්ථයයි, තක - හුඟක් යන අර්ථයයි, පාලියෙන් ‘තත්ත’ ‘තත’ වී ඇත.
පස් පැණි සංවාදය
පුස්කොළ පිටපත් කිරීමේදි අර්ථය විකෘති වෙලා ‘තක’ යනු තර්කය යන අරුතයි. පත්පැණිත් තකවන්නාසේ නිවැරදි යෙදුමයි. ‘පස් පැණිත්’ යනු භෝජන සංග්‍රහයත්,
‘තක’ යනු මෝරුයි: අරුත් කී සැටි වැරැදියි යනුවෙන් චන්ද්‍රානි ගුණතිලක අදහස් දක්වන අතර මහාචාර්ය බන්දුසේන ගුණසේකරගේ අදහස වන්නේ ‘අපේ වියතුනට - උගතුනට ‘තක’ වදන හමු නොවීම පුදුමයක් යන්නයි, තවද මිහිරි තැවිල්ල පස් පැණි වූවාද? යන්න තවත් මතයකි. ‘සිදත් සඟරාව’ ගුරුකොට ගනිමු යයිද තවත් අදහසකි.
පස් පැණිද - පස් රසයද - පස් පණතද - පස් පැණිතද - පත් පැණිතද? යනුවෙන් තවදුරටත් මතය දිගට ඇදී ගියේ ය.
තක වනවා - තප්පවනවා දෙමළ බසේ බලපෑමක් ද යනුවෙන් සඳහන් කරන අතර පස් පැණිත්තක් තමන්නාසේ යනුවෙන් ශුද්ධ කරගත යුතුයි යන්න තවත් මතයකි.
පස් පැණි තක (එ) වන්නාසේ: ගැටලුව විසඳුණේ ද යනුවෙන් මහාචාර්ය සුචරිත ගම්ලත් අසයි. පස් පැණිවලට උපමා කෙළේ පස් ප්‍රීතිය යනුවෙන් තවත් මතයකි. ‘පස් පැණිත තවන්නාසේ’ නිවැරැදි යෙදුම යනුවෙන් ද තවත් මතයකි.
සිළුමිණ ශාස්ත්‍රීය අතිරේකයේ පස් පැණි ගැටලුව ඉතා දුරදිග ගිය මතවාදයකි. චන්ද්‍රානි ගුණතිලක හිතුවක්කාර ලෙස හෙළ බස විහිළුවට ලක්කරන්න එපායයි විශ්වවිද්‍යාල මහාචාර්යවරුන්ට පවසන්නීය.
ගැමි වහර ගුරු වහර පස් පැණිද? පත් පැණිද? යනුවෙන් තවදුරටත් මතය ඉදිරියට යයි.
විවිධාර්ථවලින් මංමුළාවට යනුවෙන්ද, පස්පැණි තකටත් නාසේ යනුවෙන්ද, ප්‍රණීතයට හෙළ වදන ‘පිණි’ යයිද මතයකි.
ඇහැලේපොළ අදිකාරම් අස්සන අන්තිම කැමැති පත්‍රයට යන මැයෙන් තවත් මතවාදයකි.
ඇහැලේපොළ ගිවිසුම
ඇහැලේපොළ අදිකාරම් උඩරට ගිවිසුමට අස්සන්කර නෑ මතවාදයේ තවත් මතයකි.
ශ්‍රී රහල් මාහිමි වැඩ සිටියේ අම්බනද? තොටගමුවේද? යනුවෙන් පළවූ තවත් මතවාදයකි.
විෂ්ණු - උපුල්වන්
විෂ්ණු - උපුල්වන් දෙදෙනෙක් යනුවෙන් තවත් මතයකි.
ග්‍රැමොෆෝන් ගී මතවාද තවත් සංවාදයකි. මේ සංවාදයේදී මුල් රසය නොබිඳ ගායනා කළ හැකිද? යනුවෙන් පවසන අතර වෙනත් හඬකින් ඇසෙන විට නීරසයක් හා දුකක් දැනේ පවසන අතර ඉලෙක්ට්‍රෝනික සංගීතයෙන් සංකර කරන්න එපා යනුවෙන් තවදුරටත් විමර්ශනයකි. අලුතෙන් ගැයේ නම් අර්ථ රසයට කුමක්වේද යන්න තවත් අදහසකි.
සරල ගී කාරයන් විකෘති කළ විට ජාතියට ඉතිරිවන්නේ කුමක්ද? නාද මාලාවට හානි නොකර ගයන්න හැකි නම් වරදක් නෑ, පැරැණි ගී අලුතෙන් ගැයීම රැකීමේ මඟක් නොවේ යන්න තවත් මතයන්ය.
තවදුරටත් ඉදිරියට යන ග්‍රැමෆෝන් ගී මතවාදය ‘නවක හඬින් කැසට් ගත කිරීමට වාණිජත්වයට නව පණක් දීමක්. රසඥතාව දනවමින් ගයන ගී ඇගැයීම ජාතික මෙහෙවරක්, සංරක්ෂණය කිරීමේ අග්‍රඵලයක්, පැරැණි ගී නොනසා රැක ගැනීම යුතුකමක්, පැරැණි දේ පැරැණි ලෙසම පැවැතිය යුතුද? මුල් නිර්මාණවලට කිසිඳු හානියක් නෑ. අපේ පැරැණි ගීත කෙළෙසන්න එපා.
තවදුරටත් ඉදිරියට යන ග්‍රැමෆෝන් ගී මතවාද ‘අර්ථය - තාලය නොනසා පැරැණි ගී ගැයීම වරදක් නෑ?’ උනිමු වෙණ සදතියි නොදත්තෙමු ගායනා කරතියි, පැරැණි ගායක - ගායිකාවන්ට කරන මදි පුංචිකමක්.
නාග රාගය
නාග - නග - නක රාගයද? රාජ නාමයන්ද යන මැයෙන් අරම ශ්‍රී ධම්මතිලක නාහිමියන් විසින් මතවාදයකට මං පිවිසන ලදි.
කව්සිළුණ කතුවරයා ගැනද මතවාදයක් පැවැතිණි.
සිළුමිණ ශාස්ත්‍රීය අතිරේකය මඟින් මතවාද සංවාද තවදුරටත් ඉදිරියට ගෙනයන ලදි. ‘සිංහල නව කතාවේ සමාජ විඥානය’ ආශ්‍රයෙන් තොම්සන් ඒ. වැන්දබෝනා ගෙනා එම අදහස දුරදිග ගිහින් සමාජය පුරා මහත් ආන්දෝලනයක් ඇති කරන්නකි.
සියපත ආශ්‍රයෙන් සමාජයට අදාළ කරුණු ආශ්‍රයෙන් අදහස්, ආකල්ප, සංකල්ප ගොන්නක් පහළවිය.
සාහිත්‍ය විචාර සංවාද ආශ්‍රයෙන් තර්කය විචාරයට ඈඳා ගැනීම නිර්මාණකරණයට හානි නැද්ද? යනුවෙන් විමර්ශනයට ලක්විය.
සිළුමිණ සාහිත්‍යය විෂය සම්බන්ධයෙන් පුළුල් ක්ෂේත්‍රයත් විහිදවන ලදි. සමාජයේ විවිධ පැතිකඩ දෙස පුළුල් වූ විඥානයකින් යුතුව ඒ කාර්යභාරය ඉටුකිරීමට සිළුමිණ දැවැන්ත මෙහෙවරක් සිදුකොට ඇත.
තුලනාත්මක විචාරය
තුලනාත්මක විචාරයත් ඔප් නැංවීමට ද මහත් පරිශ්‍රමයක් දරා ඇත. තුලනාත්මක විචාරයක් නැන්තනම් සම්භාව්‍ය ගණයට ගැනෙන නිර්මාණ බිහිනොවන්නේමැයි. මේ සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල පද්ධතියේ මහාචාර්යවරු ඒකාබද්ධ වී විචාර මාර්ගයකට (තුලනාත්මක) මංපෙත් විවර කළහ.
මතවාද සම්බන්ධයෙන් කිසිඳු පුවත් පතක සිදු නොවූ මෙහෙවරක් සිළුමිණෙන් ප්‍රකට විය. ඒ හේතුව නිසාම සහෘදයන් සිළුමිණෙන් මතුවන මතවාදය කුමක්ද යන්න නොඉවසිල්ලෙන් බලා සිටියහ.
මිනිසාගේ හා රටේ උන්නතිය උදෙසා පුළුල්වූ ක්‍රියා පද්ධතියකට වසර 90ක් පුරා අඛණ්ඩව මෙහෙවරක් කරන ලදි. තම තමන්ගේ අදීන අදහස් පද්ධතියකට මං පෙත් විවර කළ සිළුමිණ දිගු කාල පරාසයකදී රටේ උන්නතිය උදෙසා සුවිශාල මෙහෙවරක් කළ මාධ්‍ය ඒකකයි.
බර්ලින් දහම් පවුර
මහාචාර්ය ජයදේව තිලකසිරි ‘අන්තර්ඥානය අවදි කළ බර්ලින් දහම් පවුර මඟින් සහෘද මනස උත්තලයකට ගෙනයන්නට අතිශයින්ම බලපෑවේය.
සාහිත්‍ය විචාරය අවරට ගිය සමයක මහාචාර්ය කුලතිලක කුමාරසිංහ සාහිත්‍ය විචාරය උදෙසා නිශ්චිත විධි ක්‍රමයක් අවශ්‍යද? යන මැයෙන් හෙළිකළ ආකල්ප ආශ්‍රයෙන් විචාරකයන් හා නිර්මාණකරුවන් අතර මත භේද රාශියක් මතුවිය.
‘නවකතාවේ නව මං හෙළිකළ දුයිෂේන්’ සම්බන්ධයෙන් සිරිපාල තිලකසේන හෙළිකළ ආකල්ප - සංකල්ප ආශ්‍රයෙන් සිංහල නවකතාව නව මඟකට ප්‍රවේශවන්නට අතිශය අනුබලයක් විය.
මනමේ මතවාද
මනමේ මතවාද සංවාද යටතේ ‘පුරුෂෝත්තම වාදයකට කැරැලි ගැසූ බවත් නාට්‍යයෙන් නිරූපිතවේද? යන මැයෙන් සංවාදයක් දිගු කාල පරාසයකට සම්බන්ධ විය. සහෘදයන් මනමේ නාට්‍යයට දැක්වූයේ අසීමිත ආදරයකි. ළෙන්ගතුකමකි. ඒ නිසාම මෙබඳු මතවාද සිළුමිණ ආශ්‍රයෙන් ප්‍රකටවීම අනුව නාට්‍ය ක්ෂේත්‍රයට නව පණක් දෙන ලදි.
සිරිමත් සිරිතක සිරිය සිරිමාවෝ බණ්ඩාරනායක සම්බන්ධයෙන් මලල්ගොඩ බන්දුතිලක හෙළිකළ අදහස් බොහෝදෙනාගේ මනස අවදි කරන්නට සමත්විය. සිරිමාවෝ බණ්ඩාරනායක චරිතයේ අන්තර්ගත සිරිත් - විරිත් සමුදායක් මේ කෘතියෙන් අනාවරණය විය.
‘බසට විනකරන නූතන වියරණ ඇදුරෝ’ යටතේ අනඳපිය කුඩාතිහ හෙළිකළ අදහස් ආශ්‍රයෙන් භාෂාව සම්බන්ධයෙන් මතුවූ ගැටලු රාශියක් නිරාකරණය කරන්නට බලපෑවේය. භාෂාවට සම්මතයක් මිසක් සම්ප්‍රදායක් තිබිය නොහැකිය. ගුරුකුල මඟින් බසට විවිධ සම්ප්‍රදායයන් ගෙන ඒමෙන් භාෂාව හදාරණ අය අතිශය දුෂ්කරතාවට පත්වූහ. මෙබඳු මතවාද ආශ්‍රයෙන් සමාජය නිවැරැදි ගමන් මඟකට යොමු කරන්නට සමත් විය.
මහාචාර්ය ඒ. බී. පී. කලන්සූරිය හෙළි කළ ආකල්ප ශාස්ත්‍රීය අතිරේකය තවදුරටත් ඉදිරියට ගෙන ගියේය. මහාචාර්ය කේ. එන්. ජයතිලක හා බුදුසමයානුගත දාර්ශනික විග්‍රහය ආශ්‍රයෙන් සමාජය නව මඟකට යොමු කරන්නට ප්‍රබල කේන්ද්‍රීය තැන්නක් විය.
වාග් විද්‍යාව
‘වාග් විද්‍යාව මානව චර්යාවේ අංගයක්ද? යන මැයෙන් දිමුතු ලක්මිණි කුමාරගම හෙළිකළ ආකල්ප වාග් විද්‍යාව සම්බන්ධයෙන් උගත හැකි දේ රැසකි. මෙබඳු මං පෙත් විවර කරන්නට සිළුමිණ ශාස්ත්‍රීය අතිරේකය ගෙනහැර පෑ මෙහෙවර අති විශිෂ්ටය.
පරණවිතාන නොකියවු සීගිරි ගී
පරණවිතාන නොකියවු සීගිරි කුරුටු ගී බෙනිල් ප්‍රියංක එම්මානුවෙල් හෙළිකළ නව මං පෙත ආශ්‍රයෙන් බොහෝ දෙනාගේ හදවත් තව තවත් රමණීයත්වයට යොමුවන්නට ප්‍රබල කඩඉමක් විය.
මේ නව සංකල්ප - ආකල්ප ආශ්‍රයෙන් සිළුමිණ පුවත් පත හෙළිකළ මතවාද හේතුවෙන් සමාජය නව මඟකට පිවිසුණි. නිද්‍රාශීලි සමාජය අවදි කරන්නට මේ විශේෂාංග ගෙනගිය මහඟු මෙහෙවර අදත් පාඨකයන් සමඟය. එය කාලත්‍රයකට බලපාන දාර්ශනික භූමිකාවකි.