පෞද්ගලික අංශය සවිබල ගැන්වීම SLT- MOBITEL, ‘mPower’ හඳුන්වා දෙයි | සිළුමිණ

පෞද්ගලික අංශය සවිබල ගැන්වීම SLT- MOBITEL, ‘mPower’ හඳුන්වා දෙයි

 

ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT-MOBITEL, මෙරට ප්‍රථම වරට පෞද්ගලික අංශය වෙනුවෙන් සැකසු සුවිශේෂීප mPower දුරකථන දීමනාව ජාතික නිදහස් දිනයට සමගාමීව එළිදැක්වීම පසුගියදා සිදුවිය.

SLT-MOBITEL විසින් වසර කිහිපයකට පෙර රාජ්‍යසේවකයන් වෙනුවෙන් හඳුන්වාදුන් දුරකථන පැකේජවල සාර්ථකත්වයත්, සහනදායි මිල ගණන්යටතේ වෙළඳපොළට පැමිණෙන ස්මාර්ට් ජංගම දුරකථන සහ දුරකථන සබඳතා කෙරෙහි වර්ධනය වෙමින් පවතින ඉල්ලුමත් mPower දුරකථන පැකේජය හඳුන්වාදීමට හේතුවිය. නව පැකේජය හරහා අඩුම මිලකට උසස් තත්ත්වයේ ස්මාර්ට් දුරකථන මිලදී ගැනීමට මෙන්ම ඊට සමගාමීව ආකර්ෂණීය දුරකථන සබඳතාවක් හිමිකර ගැනීමේ අවස්ථාව ද පෞද්ගලික අංශ සේවකයන්ට උදාවේ. මොබිටෙල් වෙතින් mPower හඳුන්වා දෙන්නේ සියලු ශ්‍රී ලාංකිකයන්ගේ ඩිජිටල්කරණ සූදානම හා කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ ජාතික දැක්මට අනුව යමිනි. ආකර්ෂණීය පසු-ගෙවුම් දුරකථන පැකේජ හඳුන්වාදීමේ ප්‍රමුඛයා වන මොබිටෙල් සිය mPower දුරකථන පැකේජය හරහා නව ප්‍රතිලාභ රැසක් පෞද්ගලික අංශ සේවකයන් වෙනුවෙන් හඳුන්වා දී ඇත. 

Comments