මෙරට 16 වන කොවිඩ් මරණය වාර්තා වෙයි | සිළුමිණ

මෙරට 16 වන කොවිඩ් මරණය වාර්තා වෙයි

අද (25) අලුයම් කාලයේ දී කොළඹ ජාතික රෝහලේ ශල්‍ය දැඩි සත්කාර ඒකකයේ දී මිය ගොස් ඇති රෝගියෙකු කොවිඩ් ආසාදිතයෙකු බව තහවුරු වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා දැනුම් දෙයි
මෙසේ මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 70 ක කොළඹ 02 පදිංචි පිරිමි පුද්ගලයෙකි
මිය ගිය පුද්ගලයා පසුගිය 23 වන දා රුධිරයට විෂබීජයක් ඇතුවීම හේතුවෙන් ඇති වූ සංකුලතා මත කොළඹ ජාතික රෝහලට ඇතුළත් වී ඇත.
එම සංකුලතා හේතුවෙන් මෙම මරණය සිදුවී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා දැනුම් දෙයි

Comments