කළුතර දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී කොට්ඨාශ 05ක් හුදකලා කෙරේ | සිළුමිණ

කළුතර දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී කොට්ඨාශ 05ක් හුදකලා කෙරේ

 
කළුතර දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී කොට්ඨාශ 05ක් සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම්දෙනතුරු හුදකලා ගම්මාන ලෙස නම් කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඒ අනුව අගලවත්ත ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ  ගොරක්ගොඩ,බේරගම,දාපිලිගොඩ,කැකුලන්ද උතුර හා පාලින්ද නුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බෙල්ලන යන ප්‍රාදේශ හුදකලා කර ඇත.

Comments