සමගි ජන බල­වේ­ගය සමඟ එක්වන්න ලෑස්තියි | සිළුමිණ

සමගි ජන බල­වේ­ගය සමඟ එක්වන්න ලෑස්තියි

කාල­ය­කට පස්සේ එක්සත් ජාතික පක්ෂයේ වෙන­සක් සිදු කර ඔබ පක්ෂයේ නියෝජ්‍ය නායක ධුර­යට පත් කර තිබෙ­නවා. මෙය අභි­යෝ­ග­යක් නේද?

ඔබ නිවැ­රැ­දියි. ඇත්ත­ටම මෙය විශාල අභ‍ි­යෝ­ග­යක් තමයි. දැවැන්ත පරා­ජ­ය­කට ලක්වෙලා පක්ෂය වැටිලා තිබෙන අව­ස්ථා­වක තමයි මට මේ අභි­යෝ­ගය එල්ල­වෙලා තිබෙන්නේ. ඒ නිසා මෙම තන­තු­රම ලොකු අභි­යෝ­ග­යක් ලෙස මම භාර­ගෙන තිබෙ­නවා.

ඒ වගේම මම හිත­නවා මහ මැති­ව­ර­ණ­යෙන් එක්සත් ජාතික පක්ෂ­යට ලැබුණු ප්‍රති­ඵ­ලය අපි සියලු දෙනාට විශාල පණි­වි­ඩ­යක් ලබා දෙනවා කියලා. මේ පක්ෂය ප්‍රති­සං­වි­ධා­නය කළ යුතු බවත් මැති­ව­රණ ප්‍රති­ඵල වලින් අපිට පසක් කර සිටියා.

පක්ෂ­යක් හැටි­යට අපට කොතැ­නද වැර­දුණේ. අපි මොන­වද සිදු කළේ. පාක්ෂි­ක­යන් ඇයි අපිව ඈත් කළේ කියන කාරණා පිළි­බ­ඳ­වත් අපි සිතිය යුතුයි. මෙන්න මේ කරුණු වලට හොඳ පිළි­තු­රක් සෙවීම මගේ ප්‍රථම අර­මුණ වෙලා තිබෙ­නවා.

අග­මැ­ති­වරු, ජනා­ධි­ප­ති­වරු මෙන්ම මැති ඇම­ති­වරු රාශි­යක් බිහි කරපු දේශ­පා­ලන පක්ෂ­යක් හැටි­යට මේ දැවැන්ත පක්ෂය නැවත ගොඩ නැඟී­මත් අනි­වා­ර්යෙන්ම සිදු කළ යුතුව තිබෙ­නවා. මේ දැවැන්ත කර්ත­ව්‍යය තරුණ නාය­ක­ත්ව­යක් සමඟ අපිට සිදු කළ හැකි බව මගේ විශ්වා­ස­යයි.

 

සමගි ජන­බ­ල­වේ­ගය බිහි වන්නේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබ­ල­යන් පිරි­ස­ක­ගෙන්. විශේ­ෂ­යෙන්ම පක්ෂයේ හිටපු නියෝජ්‍ය නාය­ක­යකු වන සජිත් ප්‍රේම­දාස මහතා ප්‍රමුඛ නාය­ක­යන් රැසක් එම පක්ෂ­යට එක්ව සිටි­නවා. ඔවුන්ව නැවත එක්සත් ජාතික පක්ෂ සමඟ සම්බන්ධ කර ගන්නේ කෙසේද?

ප්‍රථ­ම­යෙන් අප සිදු කළ යුත්තේ පාක්ෂි­ක­යන්ගේ විශ්වා­සය දිනා ගනි­මින් ඔවුන් නැවත අපේ පක්ෂය වෙත එක්රැස් කර වීමයි. එලෙ­සම දැවැන්ත ප්‍රති­සං­වි­ධා­න­යක් කළ යුතුයි.

ඒ වගේම ඉදි­රි­යේදි සමගි ජන­බ­ල­වේග‍ය සමඟ අපි සාකච්ඡා පව­ත්ව­න්නට බලා­පො­රොත්තු වෙනවා. මේ සඳහා අපිට කිසිදු ගැට­ලු­වක් නොමැති බව මා අව­ධා­ර­ණය කරන්න කැම­තියි.

රටේ දැන් තිබෙන දේශ­පා­ලන වාතා­ව­ර­ණය දිහා බැලු­වත් අපිට සමගි ජන­බ­ල­වේ­ගය පම­ණක් නොවෙයි තවත් පක්ෂ රැසක් සමඟ එකට වැඩ කට­යුතු කරන්න සිදු­වේවි. විප­ක්ෂයේ සියලු පක්ෂ ඉතා ඉක්ම­ණින් එක මේස­යක් මතට පැමි­ණිය යුතු කාලය එළඹ තිබෙ­නවා.

සමගි ජන­බ­ල­වේ­ග­යත් සමඟ එක්ව වැඩ­ක­ට­යුතු කිරීමේ වැඩ­පි­ළි­වෙ­ළක් අපි ඉතා ඉක්ම­ණින් ක්‍රියා­වට නැංවිය යුතු බව මා අව­ධා­ර­ණ­යෙන් කිය­නවා. එප­ම­ණක් නොවෙයි ඒ සඳහා ගැට­ලු­වක් නොමැති බවද මා නැවත නැවත සඳ­හන් කරන්න කැම­තියි.

 

ඔබ ඉන් අද­හස් කරන්නේ සමගි ජන­බ­ල­වේ­ගය සහ එක්සත් ජාතික පක්ෂය එක කණ්ඩා­ය­මක් බවට පත් වනවා කිය­ලද?

ඔව්. අපි එක කඳ­වු­රක් තමයි. මොකද සමගි ජන­බ­ල­වේ­ගය තුළ වැඩි­පු­රම සිටින්නේ එක්සත් ජාතික පක්ෂය නියෝ­ජ­නය කළ නාය­ක­යන් සහ පිරිස්. ඔවුන් සහ අපි එකට එක­මුතු වෙලා වැඩ කරපු අය. අපි පාර්ලි­මේ­න්තුවේ සහෝ­දර මන්ත්‍රී­ව­රුන් හැටි­යට හිටිය අය. මේ නිසා අපිට එකට වැඩ කළ හැකියි.

 

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නාය­කයා ලෙස තේරී­පත් වූ ඔබට පළාත් සභා ජය­ග්‍ර­හ­ණය කිරීමේ සට­නට මුලින්ම මුහුණ දීමට සිදු වෙනවා. මේ පිළි­බ­ඳව ඔබ සතු සැලැ­ස්මක් තිබෙ­න­වාද?

මට ප්‍රථ­ම­යෙන්ම එල්ල­වන මැති­ව­රණ අභි­යෝ­ගය ලෙස මා මෙය නම් කිරී­මට කැමැ­තියි. එය ලෙහෙසි පහසු එකක් නොවෙයි. ඔබ සඳ­හන් කර පරිදි මේ සඳහා දැවැන්ත සැලැ­ස්මක් අපි පක්ෂ­යක් හැටි­යට ක්‍රියා­ත්මක කළ යුතුයි.

අපිට විශාල ජය­ග්‍ර­හ­ණ­යක් ලබා ගන්නවා කියන එක මට කිය­න්නට බැහැ. හැබැයි ඒ වෙනු­වෙන් අපි ක්‍රියා­ත්මක විය යුතුයි. පක්ෂය ගොඩ­නැ­ඟීම මඟින් මෙම මැති­ව­ර­ණ­යට මුහුණ දිය යුතුයි යන සැල­සුම අප ක්‍රියා­ත්මක කළ යුතුයි.

 

පක්ෂයේ ප්‍රති­සං­වි­ධාන කට­යුතු මේ වන විට ආරම්භ කර තිබෙ­න­වාද?

ඒ සඳහා දැන් අපි සැල­සුම් සකස් කර­මින් යනවා. විශේ­ෂ­යෙන්ම ග්‍රාම­සේවා කොට්ඨාස, ප්‍රාදේ­ශීය බල ප්‍රදේශ, නාග­රික බල ප්‍රදේ­ශ­වල සිට ජාතික තලය දක්වා වූ ප්‍රති­සං­වි­ධාන ව්‍යාපා­ර­යක් ක්‍රියා­ත්මක කිරී­මට අප බලා­පො­රොත්තු වෙනවා.

අපගේ වෙන­ස්කම් රාශි­යක් සිදු කර­මින් සිටින මේ අව­ස්ථාවේ ජන­තාව අප කෙරෙහි විශ්වා­සය තබා අප සමඟ සම්බන්ධ වන බව මට විශ්වා­සයි.

පළාත් සභා අපේ­ක්ෂ­ක­යන් තෝරන අව­ස්ථා­වේදී ඒ සඳහා ජන­තාව ඉල්ලන සුදු­සු­කම් ලත් නාය­ක­යන්ට අපේ­ක්ෂ­ක­ත්වය ලබා­දී­මට අප කට­යුතු කර­නවා. එහිදී උගත් බුද්ධි­මත් මෙන්ම ක්‍රියා­ශීලී කණ්ඩා­යම් හැඟීම සහිත තරුණ පිරි­ස­කට වැඩි අව­ස්ථා­වක් ලබා­දී­මට බලා­පො­රොත්තු වෙනවා.

මේ ආකා­ර­යට ජන­තා­වට ගැළ­පෙන ජන­තාව ඉල්ලන නාය­ක­යන් සමඟ ගමන් ආරම්භ කළ­හොත් පළාත් සභා මැති­ව­ර­ණ­යේදී අපිට සාර්ථක ප්‍රති­ඵල ලබා­ගත හැකි බවට මා විශ්වාස කර­නවා.

ඔබ නියෝජ්‍ය නාය­කයා වශ­යෙන් තේරී­පත් වීමෙන් පසුව සමාජ මාධ්‍ය තුළ ප්‍රචා­රය වූවා එක්සත් ජාතික පක්ෂයේ නායක අර්බු­දය දිග් ගැස්සෙන බව. මෙම ප්‍රවෘ­ත්තිය සත්‍ය­යක් ද?

ඇත්ත­ටම අර්බු­ද­කාරී තත්ව­යක් දැන් නම් නැහැ. එවැනි තත්ව­යක් මීට පෙර පැව­තියා කියල යමෙ­කුට කියන්න පුළු­වන්. එය ප්‍රජා­ත­න්ත්‍ර­වාදී අයි­ති­යක්.

අර්බු­ද­යක් තිබූ නිසා තමයි පාක්ෂි­ක­යන් අපව හැර දාලා ගියේ. නාය­ක­යන් විවේ­චය කර ගන්න අවස්ථා රැසක් තිබුණා. වර්ත­මා­නයේ එවැනි තත්ව­යක් නැහැ. අනා­ග­ත­යේදී ද අර්බු­ද­කා­රී­ත්ව­යක් ඇති නොව­න්නට අප සියලු දෙනා වග බලා ගත යුතුයි.

අපි තන­තු­රු­ව­ලට නිතර නිතර සටන් කරලා කිසිඳු ඵලක් නැහැ. ඉදි­රි­යේදි අපගේ නාය­ක­යන් සියලු දෙනා එක්ව සාමූ­හි­කව ක්‍රියා­ත්මක විය යුතුයි කියලා මම අව­ධා­ර­ණය කර­නවා. ඒ මඟින් එක්සත් ජාතික පක්ෂය අපට යළි ගොඩ­නැං­විය හැකියි. එක පුද්ග­ල­යෙ­කුට මේ පක්ෂය ජය­ග්‍ර­හ­ණය කර­ගෙන යන්න බැහැ. ඒක අපි කණ්ඩා­ය­මක් හැටි­යට එක්ව සිදු කළ යුතු ක්‍රියා­ව­ලි­යක්.

 

ලක්ෂ දහ­ස­යක ජන­තාව තමන්ගේ ඡන්දය එක්සත් ජාතික පක්ෂ­යට ලබා නොදී ස්වාධී­නව සිටි බව පැව­සෙ­නවා. ඔය කියන ලක්ෂ දහ­ස­යක ජන­තා­වට ඔබට යමක් ප්‍රකාශ කිරී­මට තිබෙ­න­වාද?

ඔය කියන ප්‍රමා­ණ­යට වැඩි පිරි­සක් අපෙන් ඈත් වෙලා කියන එක අපි පිළි­ගන්න ඕන කාර­ණා­වක්. ප්‍රථ­ම­යෙන්ම සිදු කළ යුත්තේ මොවුන්ගේ විශ්වා­සය දිනා ගැනී­මයි. ඒ සඳහා අප නිවැ­රැදි දැක්ම­කින් නිවැ­රැ­දිව ක්‍රියා­ත්මක විය යුතුයි. ජන­තාව අප විශ්වාස කර අප වෙත පැමි­ණීම අනි­වා­ර්යෙන්ම ඉන් පසුව සිදු වේවි.

ජන­තා­වට ලබා දුන් පොරොන්දු ඉටු කර ගැනී­මට නොහැකි වීම, පක්ෂයේ නාය­ක­ත්ව­යට ගැටුම් ඇති කර ගැනීම, පක්ෂයේ ප්‍රති­සං­වි­ධාන කට­යුතු නිසි ආකා­ර­යෙන් සිදු නොකි­රීම නිසා ජන­තාව අපෙන් ඈත් වුණා. නමුත් මේ තත්වය මඟ­හ­රවා ගැනී­මට අප ක්‍රියා කළ­හොත් ජන­තාව නැවත අප වෙත පැමි­ණෙ­න­වා­මයි කියන සිති­විල්ල මා සතුව තිබෙ­නවා.

 

19 වැනි සංශෝ­ධ­නය සිදු කරද්දී ඔබ එහි කොට­ස්ක­රු­වෙක්. ඒ කියන්නේ එව­කට ඇම­ති­ව­ර­යෙ­කුව සිටියා. එම සංශෝ­ධ­නය ඉවත් කර 20 වැනි සංශෝ­ධ­නය ගෙන ඒමට වර්ත­මාන රජය ක්‍රියා­ත්ම­කයි. ඔබ විස්සට එක­ඟද?

නැහැ මම විසි­වන සංශෝ­ධ­න­යට සම්පූර්ණ විරු­ද්ධයි. එක්සත් ජාතික පක්ෂය හැටි­යට අප සියලු දෙනා මෙයට විරු­ද්ධව ක්‍රියා­ත්ම­කයි.

 

ඇයි ඔබ සහ එක්සත් ජාතික පක්ෂය 20 වැනි සංශෝ­ධ­න­යට විරුද්ධ?

මෙම සංශෝ­ධ­නය මඟින් මේ රටේ ප්‍රජා­ත­න්ත්‍ර­වා­ද­යට විශාල හානි­යක් සිදු වෙනවා.

අපි 19 වැනි සංශෝ­ධ­නය ගෙන ආවේ ඊට පෙර ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය නොතිබූ නිසායි. විශේ­ෂ­යෙන්ම මාදු­ළු­වාවේ සෝභිත හිමි­යන් මැදි­හ­ත්වෙලා තමයි මෙම සංශෝ­ධ­නය සිදු කළේ.

එහිදී ප්‍රධාන වශ­යෙන් අපි සිදු­කළේ ඒකා­ධි­පති පාල­නය ඉවත් කර­මින් ජනා­ධි­ප­ති­ව­ර­යාගේ විධා­යක බල­තල ඉවත් කර­න්නයි. අපි ජනා­ධි­ප­ති­ව­ර­යාගේ බල­තල පාර්ලි­මේ­න්තු­වට ලබා දුන්නා. නිද­හසේ ක්‍රියා­ත්මක වීම සඳහා කොමි­ෂන් සභා­ව­ලට බල­තල ලබා දුන්නා. දේශ­පා­ල­නී­ක­ර­ණය වී තිබූ රාජ්‍ය අංශයේ බොහෝ ආය­ත­න­ව­ලට දේශ­පා­ලන බල­පෑ­ම­කින් තොර­වක ක්‍රියා­ත්මක වීම සඳහා අපි අව­ස්ථාව ලබා දුන්නා. ඒ තුළින් මේ රටට යහ­පා­ල­න­යක් ඇති කිරී­මට අපට හැකි වුණා. මෙන්න මේ චේත­නා­වෙන් තමයි අපි 19 වැනි සංශෝ­ධ­නය ගෙන ආවේ.

20 ගෙන ඒම මඟින් සිදු­වන්නේ යූ ටර්න් එකක් දාලා පරණ ඒකා­ධි­පති පාල­න­යක් කරා ගමන් කිරී­මක්. අනික් කාර­ණාව තමයි මීට පෙර කිසි­දි­නක ජනා­ධි­ප­ති­ව­ර­යෙ­කුට නොතිබූ බල­තල ප්‍රමා­ණ­යක් විසි­වන සංශෝ­ධ­නය හරහා ගෙන ඒමට වර්ත­මාන රජය කට­යුතු කර­මින් සිටි­නවා. මේක රටේ ජන­තා­වට ලොකු ගැට­ලු­වක් වේවි. මෙහිදී ස්වාධීන කොමි­ෂන් ඉවත් කිරීම ප්‍රජා­ත­න්ත්‍ර­වා­ද­යට එල්ල කරන දැඩි බල­පෑ­මක් වගේම විශාල හානි­යක්. පොලි­සිය, අධි­ක­ර­ණය ඇතුළු අනෙ­කුත් ආය­තන සඳහා ක්‍රියා­ත්මක වන කොමි­සම් ඉවත් කළ­හොත් ර‍ෙට් අනා­ග­තය පිළි­බ­ඳව ගැට­ලු­වක් ඇති වෙනවා. එයින් පසුව ඇති වන්නේ ඒකා­ධි­පති ස්වරූ­ප­යක්.

 

ඔබ මින් අද­හස් කරන්නේ වර්ත­මාන ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ මහතා ඒකා­ධි­පති පාල­ක­යකු කියන එකද?

ජනා­ධි­පති ගෝඨා­භය රාජ­ප­ක්ෂ­යන් මෙම සංශෝ­ධ­නය යහ­පත් සිතින් ගෙන එන්නට පුළු­වන්. ඒ රටේ යහ­පත ‍උදෙසා. නමුත් ඔහු­ගෙන් පසුව එන නාය­කයා කුමන විදියේ කෙනෙක්ද ඔහු මේ බල­තල කුමන ආකා­ර­යට භාවිතා කර­යිද කියන බය ජන­තා­වට ඇති වෙනවා.

ජේ.ආර්. ජය­ව­ර්ධන මෙම ව්‍යව­ස්ථාව ඇති කරලා රටේ සංව­ර්ධන වැඩ­ස­ට­හන් රැසක් ක්‍රියා­ත්මක කළා. ඒ යහ­පත් සිතින්. නමුත් මේ බල­තල වැරදි විදි­හට භාවිතා කරන නාය­ක­යෙකු බිහි වුණොත් මොකද වෙන්නේ කියන ගැට­ලුව ඇති වෙනවා.

 

වර්ත­මාන ජනා­ධි­ප­ති­ව­රයා රටට සේව­යක් සිදු කර­නවා කියලා ඔබ පිළි­ගන්නේ නැද්ද?

වර්ත­මාන ජනා­ධි­ප­ති­ව­රයා මේ රටට ඉතා හොඳ තීන්දු තීරණ රැසක්ම ලබා දුන්නා. අපි ඒවා අගය කර­නවා. ඒ වගේම විසි­වෙනි සංශෝ­ධ­නය වැනි වැරදි තීරණ ලබා දෙන්නේ නම් අපි ඒවාට විරු­ද්ධව කට­යුතු කර­නවා.

Comments