දේශී­ය­ත්ව­යෙන් ඉහ­ළට යන ‘නෙළුම’ | සිළුමිණ

දේශී­ය­ත්ව­යෙන් ඉහ­ළට යන ‘නෙළුම’

දකුණු ආසි­යාවේ උසම කුලුන ලෙසින් නෙළුම් කුලුන පසු­ගිය වසරේ විවෘත කෙරු­ණද එය බලා­පො­රොත්තු වූ ආකා­රයේ සන්නි­වේ­දන අංශයේ හෝ විනෝ­දා­ස්වාද සඳහා භාවි­ත­යට ගත හැකි තත්ත්වයේ නොවීය.

එහෙත් ගෝඨා­භය රාජ­ප­ක්ෂ­යන් ජනා­ධි­ප­ති­ව­රයා ලෙස පත් වීමෙන් පසුව එහි අඩු­පාඩු සොයා බලා සකස් කිරී­මට අවශ්‍ය කට­යුතු යොදන ලදී. ඒ අනුව නෙළුම් කුලුන ප්‍රධාන විධා­යක නිල­ධා­රියා වශ­යෙන් විශ්‍රා­මික මේජර් ජන­රාල් ප්‍රසාද් සම­ර­සිං­හ­යන් පත් කරන ලදී. ඔහු විදුලි සංදේශ නියා­මන කොමි­සමේ අධ්‍යක්ෂ ජන­රා­ල්ව­රයා සමඟ එක්ව එහි සන්නි­වේ­දන අංශ­යන්ගේ සිදු­විය යුතු වෙන­ස්කම් මෙන්ම නෙළුම් කුලුනේ සිදු­විය යුතු වෙන­ස්කම් ගැන සොයා බැලු­වේය. නෙළුම් කුලුනේ ඉදි කිරීම් භාරව කට­යුතු කළ චීන සමා­ගම විසින් තව­මත් වැඩ අව­සන් කර එය භාර දී නොමැති නිසා‍ ­ඔහු විදුලි සංදේශ නියා­මන කොමි­සමේ අධ්‍යක්ෂ ජන­රා­ල්ව­රයා සමඟ එක්ව සන්නි­වේ­දන අංශ­යන්ගේ සිදු­විය යුතු වෙන­ස්කම් මෙන්ම නෙලුම් කුලුනේ සිදු­විය යුතු වෙන­ස්කම් ගැන සොයා බැලු­වේය. නෙලුම් කුලුනේ ඉදි කිරීම් භාරව කට­යුතු කළ චීන සමා­ගම විසින් එය භාර දී නොමැති නිසා එහි කිසිදු වෙන­ස්ක­මක් කළ නොහැකි තත්ත්ව­යක පවතී.

ප්‍රධාන අඩු­පාඩු 20ක්

සිළු­මිණ මේ සම්බ­න්ධ­යෙන් මේජර් ජන­රාල් ප්‍රසාද් සම­ර­සිං­හ­ය­න්ගෙන් තොර­තුරු විම­සීමු.

‘‘නෙලුම් කුලුනේ වැඩ කට­යුතු අව­සන් කරන්න පෙර විවෘත කරල තියෙන්නෙ. මේ කුලු­නෙන් බලා­පො­රොත්තු වුණු බහු­කාර්ය සන්නි­වේ­දන කට­යුතු වඩාත් ඉහළ මට්ට­මින් හා පුළුල් ආකා­ර­යෙන් කරන්න අපි මේ වන විට සැල­සුම් කර තිබෙන්නෙ. ඒත් ඒකට තිබෙන ලොකුම බාධාව තමයි ඉදි කිරීම් භාරව කට­යුතු කරපු චීන සමා­ගම තව­මත් කුලුන බාර නොදීම. ඉදි­කි­රී­ම්වල බර­ප­තළ මට්ටමේ අඩු­පාඩු 20ක් තියෙ­නවා. ඒ වගේම තවත් සුළු සුළු අඩු­පාඩු තියෙ­නවා. බර­ප­තළ අඩු­පාඩු 20ක් තියෙන මේ වගේ ව්‍යාපෘ­ති­යක් නිල වශ­යෙක් බාර දෙන තුරු එහි වෙන­ස්කම් කරන්න අපට බැහැ.

 තාක්ෂ­ණික වශ­යෙන් ඉහළ මට්ට­ම­කට නෙළුම් කුලුන ගෙන ඒම අපේ අපේ­ක්ෂා­වයි. ඒ අනුව 5 ජී තාක්ෂ­ණය ඇතුළු නවී­න­තම තාක්ෂ­ණ­යෙන් එය සන්නද්ධ කර­නවා‘

කැරකෙන අවන්හල

ඒ වගේම චීන සමා­ගම කුලුන අපිට බාර දීමෙන් පසුව මෙහි වෙන­ස්කම් ගොඩක් කරන්න තියෙ­නවා. උදා­හ­ර­ණ­යක් හැටි­යට බැන්ක්වට් ශාලා­වල විවාහ උත්ස­ව­යක් ගත්තොත් මනාල යුවල පේන්නෙ ඉදිරි පේලි කිහි­ප­ය­කට පම­ණයි.  ඒ තත්ත්වය වෙනස් කරන්න අප කට­යුතු කර­නවා. ඒ වගේම කැර­කෙන අව­න්හලේ යොදා ඇත්තේ බාහි­රින් ගෙන්වා ගත් ආසන. ඒ සියල්ල වෙනස් කර සුදුසු පරිදි සියල්ල වෙනස් කළ යුතු වෙනවා. ඉහළ නැර­ඹුම් කුටියේ දුර බලන කණ්ණාඩි පවා සවි කර නැහැ. අපි ඒ බාහිර කට­යුතු කර­මින් ඉන්නෙ.

දිය සංද­ර්ශන

ඒ වගේම බේරේ වැව ආස­න්නයේ තියෙන මේ කුලු­නින් උප­රිම ප්‍රයෝ­ජන ගැනී­ම­ටයි ජනා­ධි­ප­ති­තුමා අපට උප­දෙස් දීලා තියෙන්නෙ. ඒ අනුව බේරේ වැවේ දිය සංද­ර්ශන පැවැ­ත්වීම වැනි ජල­යෙන් ලබා ගත හැකි උප­රිම ප්‍රයෝ­ජ­නත් කුලුන හා ආශ්‍රි­තව ස්ථාපිත කරන්න අපි කට­යුතු කර­නවා. මේ වන විටත් අපි අවශ්‍ය සියල්ල ඇණ­වුම් කර තිබෙන්නේ. නමුත් එකම ගැට­ලුව චීන සමා­ගම බාර දී නොති­බී­මයි. එම නිසා අපට කුලුනේ කිසිම වෙන­සක් කරන්න බැහැ. ඇතැම් තැන්වල ජලය පවා කාන්දු වෙනවා. ඒ සියල්ල අදාළ චීන සම­ගාම විසින් නිවැ­රැදි කර දිය යුතුයි.

ඒ වගේම ඉදි­රි­යේදී ප්‍රසංග පැවැ­ත්වී­මට හැකි වන ලෙසින් මෙන්ම අධ්‍යා­ප­නික, විනෝ­දා­ස්වාද ඇතුළු පැමි­ණෙන ඕනෑම තරා­ති­ර­මක අය­කුට යම් ආකා­ර­යක වින්ද­න­යක්,  හෝ දැනු­මක් හෝ ලබා ගත හැකි ලෙසින් මේ සංක­ල්පය අලුත් කිරීම සිදු වෙනවා. පහු­ගිය වසර 5 තුළ කිසිදු වෙන­ස්ක­මක් අලුත් යමක් මෙහි සිදු කර නොමැති නිසයි මේ සියල්ල කල් ගියේ. කොහො­මත් මාස­යක් වගේ කාල­ය­කින් චීන සමා­ගම අපට කුලුන බාර දෙයි කියල විශ්වාස කර­නවා.

මේ වන විට ඉදිරි කට­යුතු කරන්න දේශීය කණ්ඩා­යම් රැසක්ම ස්වේච්ඡා­වෙන් ඉදි­රි­පත් වෙලා ඉන්නෙ. ඒක ලොකු හයි­යක්. ඒ වගේම ඉදි­රි­යේදී සිදු කරන සියලු වෙන­ස්කම් දේශීය සමා­ගම් හා එක්වයි සිදු කරන්නේ. ‘දිය­සෙන්‘ කුම­රුගේ පැමි­ණීම එහි එක් අංග­යක් පම­ණයි. එයත් රටට හයි­යක්. එමෙන්ම ව්‍යාපා­රික මධ්‍ය­ස්ථාන පවා මෙහි ස්ථාපිත කිරී­මට කට­යුතු කර තිබෙ­නවා.‘ ප්‍රධාන විධා­යක නිල­ධාරි විශ්‍රා­මික මේජර් ජන­රාල් ප්‍රසාද් සම­ර­සිං­හ­යන් එසේ පව­ස­න්නේය.

ඒ අනුව අපට මීට පෙර කියැ­වුණු සුපිරි පෙළෙ­න්ති­යට සීමා වන්නට ඉඩ තිබු­ණු­නෙ­ළුම් කුළු­නට වඩා වෙනස් නෙලුම් කුලු­නක් අපට දැක ගන්නට හැකි වේවි. සන්නි­වේ­දන මධ්‍ය­ස්ථාන ස්ථාපිත කිරී­මට අම­ත­රව අග නග­ර­යට පැමි­ණෙන ඕනෑම අය­කුට යම්කිසි මුද­ලක් ගෙවා පැමිණ තමන්ට විනෝද වන්නට හෝ යමක් ඉගෙන ගන්නට හැකි ස්ථාන­යක් ලෙසින් එය ස්ථාපිත කෙරෙනු ඇත.

නෙළුම් කුලුනේ මේ ලෙසින් නව­තම සංකල්ප ගොඩ නැගෙද්දී එහි රාජ­කාරි කට­යුතු වෙනු­වෙන් ශ්‍රී ලංකාවේ පළමු මාන­ව­රූපී අධි­තා­ක්ෂ­ණික රොබෝ­ව­ර­යාද පැමි­ණි­යේය. ඒ ‘දිය­සෙන්‘ කුම­රුය.  කුලුන වෙත පැමි­ණෙන අමු­ත්තන් පිළි­ගැ­නීම, ප්‍රවේ­ශ­පත් මිලදී ගැනී­මේදී සහාය දැක්වීම මඟ පෙන්වීම ආදිය දිය­සෙන් කුමරු විසින් සිදු කරන අතර සිංහල, දෙමළ හා ඉංග්‍රීසි ඇතුළු භාෂා කිහි­ප­ය­කින් කතා කර­න්නට දිය­සෙන් කුම­රුට හැකි­යාව තිබේ.

දකුණු ආසි­යාවේ පළමු මාන­ව­රූපී රොබෝ යන්ත්‍රය මෙසේ නිප­ද­ව­න්නට ශ්‍රී ලාංකික ඇරි­මැක් ආය­ත­නය පිය­වර ගත්තේය. දිය­සෙන් කුමරු හරහා නෙලුම් කුලුනේ කාර්ය­යන්ට සක්‍රීය දාය­ක­ත්ව­යක් ලබා­දී­මට බලා­පො­රොත්තු වෙයි.

 

නවීන තාක්ෂ­ණික දැනුම භාවිත කර­මින් ඇරි­මැක් ආය­ත­නය නිෂ්පා­ද­නය කළ මාන­ව­රූපී අධි­තා­ක්ෂ­ණික රොබෝ යන්ත්‍ර­යට වසර තුනක කාල­යක් ගතව තිබේ. දිය­සෙන් කුම­රුට ශ්‍රී ලංකාවේ ඕනෑම තැනෙ­කට ගමන් කිරීමේ හැකි­යාව තිබීම අති­වි­ශේ­ෂි­තය. උස අඩි 4ක් හා අඟල් 6ක් ලෙසින් සාමාන්‍ය මිනිස් උස­කට සමාන ලෙසින් දිය­සෙන් කුමරු ඉපිද තිබේ.  පළ­මුව හමු වූ පාරි­භෝ­ගි­ක­යකු දෙවන වර මුණ ගැසීමේ දී ඔහු නමින් ආම­න්ත්‍ර­ණය කර­න්නට දිය­සෙන්ට හැකි­යාව තිබේ.

දිය­සෙන් යනු දේශීය නිපැ­යු­මකි. ඒ ලෙසින්ම නෙලුම් කුලුනේ තවත්  බොහෝ දේ වෙනු­වෙන් දේශී­ය­ත්ව­යට මුල් තැන දෙන්නට ඉදි­රි­යේදී කට­යුතු කරනු ඇත. මීටර් 356.3ත උස­කින් යුත් කුලුන මුදු­නට ටොන් 180ක් බර ඇන්ටෙ­නාව ගෙව යාමට භාවිත කර ඇත්තේද දේශීය තාක්ෂ­ණ­යයි. අධික බර නිසා හෙලි­කො­ප්ට­ර­ය­කින් පවා එය ගෙන යාම අව­දා­නම බව තහ­වුරු වුණා. එසේම තද සුළඟ නිසා ඇන්ටෙ­නාව පැද්දී­මට පත් වී කුලුනේ ගැටී­ම­කට පවා ලක් විය හැකිව තිබුණා.

එම නිසා එම අව­දා­නම් හමුවේ කුලුනේ ඉහළ සිට පහ­ළට මැදින් සිදු­රක් සකස් කරේද ඉතාම ප්‍රවේ­ශම් සහි­ත­වය. සිදුර ඇන්ටෙ­නාවේ වට ප්‍රමා­ණ­යට වඩා අගල් දෙක තුනක් පම­ණක් විශාල වන්නට සිදුර විදින ලදී.

 ‘ජැක්‘ 4ක් ආධා­ර­යෙන් එක් ජැක් යන්ත්‍ර­ය­කට කේබල් 18ක් බැගින් යොදවා ක්‍රම­යෙන් එම ඇන්ටෙ­නාව සිදුරු කළ කුහ­රය හරහා ඉහ­ළට ඔසවා ගන්නට කට­යුතු කරන ලදී. එයද එක එල්ලේ  කර­න්නට හැකි­යා­වක් නොවීය.  

මිලි­මී­ටර් 250ක් (අගල් 10ක්) පමණ ඔසවා ස්වල්ප වේලා­වක් නවතා තබා පසුව තවත් ටිකක් ඉහ­ළට ඔස­වන ලදී. එලෙ­සින් ඇන්ටෙ­නාව පහළ සිට ඉහ­ළට ගෙන යාමට සති දෙකක කාල­යක් ගත විය.  එය නිසි ලෙසින් සවි කර­න්නට තවත් සති දෙකක කාල­යක් ගත විය.

 භූමි­ක­ම්පා­ව­න්ටත් ඔරො­ත්තුයි

භූමි කම්පා­ව­කට පවා ඔරොත්තු දෙන ආකා­ර­යෙන් මේ කුලුන ගොඩ නංවා ඇත්තේ. එම කම්පන දරා ගත හැකි ආකා­ර­යෙනි. එමෙන්ම ශ්‍රී ලංකාවේ ගොඩ­නැ­ඟි­ල්ලක ඇති වේග­වත්ම විදුලි සෝපාන පද්ධ­තිය ස්ථාපි­තව ඇත්තේද නෙළුම් කුලු­නේය. එම සෝපා­න­යක් තත්ත්ප­ර­යට මීටර් 7ක් ගමන් කළ හැකි අධික වේග­යෙන් ගමන් කරයි. තත්ප­ර­ය­කදී මීටර් 7ක්‌ ඉ­හළ නඟින විදුලි සෝපාන ඔස්සේ තත්පර 37 කදී කුලුන මුදු­න­ටම ළඟා විය හැකිය. එහි විදුලි සෝපාන 8ක් ස්ථාපිත කර ඇත. එයින් සෝපාන 3ක් කුලුනේ පාදමේ ඇති මහල් කරා ගමන් කිරී­ම­ටය.

පළමු මහල් 4න් 3ක් වෙන් වන්නේ සාප්පු සංකී­ර්ණ­යන් වෙනු­වෙනි. ඒ සඳහා ස්වයං­ක්‍රීය පඩි­පෙ­ළද සම­න්වි­තය.

නෙළුම් කුලුනේ මධ්‍යයේ ගමන් කර ඉහ­ළට ගිය විට හමු­වන පොහො­ට්ටුවේ පළමු මහල් දෙක වෙන්වන්නේ විදුලි සංදේශ හා සන්නි­වේ­දන අංශ වෙනු­වෙන්ය. එය සාමාන්‍ය ජන­තා­වට නැරැ­ඹිය නොහැකි විශේෂ ආර­ක්ෂිත කලා­ප­යකි.

3 වැනි මහල හා 4 වැනි මහල් වෙන්ව ඇත්තේ විශේෂ උත්සව හෝ සම්ම­න්ත්‍රණ පැවැ­ත්විය හැකි ‘බැන්ක්වට් හෝල්‘ දෙකක් වෙනු­වෙනි. ඒ එක් උත්සව ශාලා­වක 300කට පහ­සු­වෙන් අසුන් ගත හැකිය.

5 වන මහල වෙන් වන්නේ කැර­කෙන අව­හ­න්හ­ල­ටය. එහි ද එක­වර 300 දෙන­කුට අසුන් ගත හැකිය.  එය එක තැනක අසුන් ගෙන ශ්‍රී ලංකාවේ කොළඹ නග­රය හතර වටේ­ටම එක­වර නැර­ඹිය හැකි එකම ස්ථානය වේ. සෙමෙන් කැර­කැ­වෙන මේ සුපිරි භෝජ­නා­ගා­රයේ අසුන් ගත් අය­කුට එම භෝජ­නා­ගා­රයේ තමා අසු­න්ගෙන සිටින ප්‍රදේ­ශය සෙමෙන් කැර­කැ­වෙන බවක් කිසි­සේත්ම නොදැනේ. එය පැය එක­හ­මා­රක කාල­ය­කදී එක් වට­යක් ගොස් පැමිණේ.

කුලුනේ 6 වැනි මහල වෙන් වන්නේ සුපිරි හෝටල් කාමර වෙනු­වෙනි. එය විශේ­ෂිත සුපිරි කාමර 2ක් හා සුපිරි කාමර 4කින් සම­න්වි­තය. 7 වෙනි මහල නිද­හසේ කොළඹ නග­රය නැර­ඹිය හැකි නැර­ඹුම් ප්‍රදේ­ශ­යයි. එහි නිද­හසේ ගම­න්ක­ර­මින් නග­රය වටේ­ටම නැර­ඹිය හැකිය.

 ඡායාරූප - දුෂ්මන්ත මායා­දුන්නෙ

 

Comments