පොහො­ට්ටු­වෙන් තරග කළ හවුල්කාර පක්ෂ­වල ජය­ග්‍රා­හ­කයෝ සහ පරා­ජි­තයෝ මෙන්න | සිළුමිණ

පොහො­ට්ටු­වෙන් තරග කළ හවුල්කාර පක්ෂ­වල ජය­ග්‍රා­හ­කයෝ සහ පරා­ජි­තයෝ මෙන්න

2020 අගොස්තු මස 05 වැනිදා මැති­ව­රණ දිස්ත්‍රික්ක 22 සඳහා ඡන්ද කොට්ඨාශ 160ක් යටතේ පව­ත්වනු ලැබූ පාර්ලි­මෙන්තු මැති­ව­ර­ණ­යේදී ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණ ප්‍රමුඛ සන්ධා­නය 2/3 ‌‌ඓතිහා­සික ජයක් වාර්තා කළේය. මෙය එක්තරා විදි­ය­කට 1951දී ශ්‍රී ලංකා නිද­හස් පක්ෂය ආරම්භ කර පස් වස­රක් ඇතු­ළත පාර්ලි­මේන්තු බලය ලබා­ගැ­නී­මට සමාන තත්ත්ව­යකි. මෙලෙස 09 වැනි පාර්ලි­මේ­න්තු­වට තේරී පත් වීම සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙර­මුණ යටතේ විවිධ සංවි­ධාන හා පක්ෂ ගණ­නා­වක් තරග කළේය. එලෙස තරග වැදුණු විය­ත්මග සංවි­ධා­නය හා සෙසු පක්ෂ­ව­ලින් තේරී පත් වූ අපේ­ක්ෂ­ක­යන්, දිස්ත්‍රික්ක මට්ට­මින් ලැබූ මනාප සහ හිමි කර­ගත් ස්ථාන සැකැ­වින් විමසා බලමු.

නව වැනි පාර්ලි­මේ­න්තුව සඳහා විද්වත් නියෝ­ජ­න­යක් අපේ­ක්ෂා­වෙන් ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තාගේ අනු­දැ­නුම ඇතිව පිහි­ටු­වන ලද විය­ත්මග සංවි­ධා­න­යෙන් අපේ­ක්ෂ­ක­යන් 11 දෙනකු ඉදි­රි­පත් කරනු ලැබීය. ඒ අය අත­රින් නව­දෙ­නකු මහ මැති­ව­ර­ණ­යට තරග කළ අතර දෙදෙ­නකු ජාතික ලැයි­ස්තු­වට ඇතු­ළත් කෙරිණි. මහ මැති­ව­ර­ණ­යට ඉදි­රි­පත් වූ 09 දෙනා අත­රින් එක් අයෙකු හැර ඉතිරි නියෝ­ජි­ත­යන් 08 දෙනාම ජය­ග්‍ර­හ­ණය කර ශ්‍රී ලංකා ප්‍රජා­තා­න්ත්‍රික සමා­ජ­වාදී ජන­ර­ජයේ උත්ත­රී­තර පාර්ලි­මේ­න්තු­වට තේරී පත් විය. මෙහි ඇති විශේ­ෂ­ත්වය වන්නේ මොවුන් සියලු දෙනාම ප්‍රථ­ම­ව­රට පාර්ලි­මේන්තු මැති­ව­ර­ණය සඳහා තරග කර ඉහළ මනාප ලැබ තේරී පත් වීමය.

ආචාර්ය සරත් වීර­සේ­කර මනාප 3,28,092ක් ලබා­ග­නි­මින් කොළඹ දිස්ත්‍රි­ක්ක­යෙන් පළමු වැනි තැනට තේරී පත් වූ අතර මහා­චාර්ය ගුණ­පාල රත්න­සේ­කර මනාප 1,41,991ක් ලබා­ග­නි­මින් කුරු­ණෑගල දිස්ත්‍රි­ක්ක­යෙන් තුන්වැනි තැනට තේරී පත් විය. ආචාර්ය නාලක ගොඩ­හේවා මනාප 3,25,479ක් ලබා­ග­නි­මින් ගම්පහ දිස්ත්‍රි­ක්ක­යෙන් පළමු වැනි ස්ථානය හිමි­කර ගත් අතර, මහාචාර්ය චන්න ජය­සු­මන මනාප 1,33,980ක් ලබා­ග­නි­මින් අනු­රා­ධ­පු­රය දිස්ත්‍රි­ක්ක­යෙන් දෙවැනි ස්ථානය හිමි­කර ගත්තේය. ඉංජි­නේරු නාලක කෝට්ට­ගොඩ මනාප 71,404ක් ලබා­ග­නි­මින් මාතලේ දිස්ත්‍රි­ක්ක­යෙන් දෙවැනි තැනට පත් වූ අතර, වෛද්‍ය උපුල් ගල­ප්පත්ති මනාප 63,369ක් ලබා­ග­නි­මින් හම්බ­න්තොට දිස්ත්‍රි­ක්ක­යෙන් පස්වැනි ස්ථානය හිමි­කර ගත්තේය.

වෛද්‍ය තිලක් රාජ­පක්ෂ මනාප 54,203ක් ලබා­ග­නි­මින් දිගා­ම­ඩුල්ල දිස්ත්‍රි­ක්ක­යෙන් 03 වැනි ස්ථාන­යට පත් වූ අතර, නීතීඥ උද­යන චාමින්ද කිරි­ඳි­ගොඩ මනාප 39,904ක් ලබා­ග­නි­මින් මහ­නු­වර දිස්ත්‍රි­ක්ක­යෙන් 08 වැනි ස්ථාන­යට පත් විය. පරා­ජ­යට පත්වූයේ කොළඹ දිස්ත්‍රි­ක්ක­යෙන් තරග කළ වර­ලත් ගණ­කා­ධි­කාරී අනුර ප්‍රනා­න්දුය. ඔහු ලබා­ගත් මනාප සංඛ්‍යාව 32858 වූ අතර පරා­ජිත ලැයි­ස්තුවේ 06 වැනි ස්ථානය හිමි කර­ගෙන තිබේ. විය­ත්මග ඉදි­රි­පත් කළ 11 දෙනා­ගෙන් ජාතික ලැයි­ස්තු­වෙන් ඇතු­ළත් කළ දෙදෙනා වන්නේ හිටපු මහ බැංකු අධි­පති අජිත් නිවාඩ් කබ්රාල් සහ වෛද්‍ය සීතා අර­ඹෙ­පොළ ය.

මෙවර මහ මැති­ව­ර­ණ­යේදී ශ්‍රී ලංකා පොදු­ජන පෙරමුණ යටතේ ජාතික නිද­හස් පෙර­මුණේ අපේ­ක්ෂ­ක­යන් 11 දෙනකු ඉදි­රි­පත් කළ අතර, ඉන් 06 දෙනෙකු මෙවර පාර්ලි­මේ­න්තු­වට තේරී පත් විය.

ඒ අනුව නායක විමල් වීර­වංශ මනාප 2,67,084ක් ලබා ගනි­මින් කොළඹ දිස්ත්‍රි­ක්ක­යෙන් දෙවැනි ස්ථානය හිමි කර ගත් අතර, ජාතික සංවි­ධා­යක ජයන්ත සම­ර­වීර මනාප 1,00356ක් ලබා­ග­නි­මින් කළු­තර දිස්ත්‍රි­ක්ක­යෙන් පස්වැනි ස්ථාන­යට තේරී පත් විය. දේශ­පා­ලන මණ්ඩ­ලයේ සාමා­ජික නිමල් පිය­තිස්ස මනාප 51,225ක් ලබා­ග­නි­මින් නුව­ර­එ­ළිය දිස්ත්‍රි­ක්ක­යෙන් 05 වැනි ස්ථානය හිමි කර ගනිද්දී, උද්දික ප්‍රේම­රත්න මනාප 1,33,550ක් ලබා­ග­නි­මින් අනු­රා­ධ­පුර දිස්ත්‍රි­ක්ක­යෙන් තුන්වැනි ස්ථානය හිමි කර ගත්තේය.

ගාමිණි වලේ­බොඩ මනාප 85,840ක් ලබා­ග­නි­මින් රත්න­පුර දිස්ත්‍රි­ක්ක­යෙන් හත­ර­වැනි ස්ථානය හිමි කර ගත් අතර, ජාතික නිද­හස් පෙර­මුණේ ප්‍රචා­රක ලේකම් ලෙස කට­යුතු කළ මොහො­මඩ් මුස­ම්මිල් ජාතික ලැයි­ස්තු­වෙන් පාර්ලි­මෙ­න්තු­වට තේරී පත් විය. ජාතික නිද­හස් පෙර­මුණේ අපේ­ක්ෂක ලැයි­ස්තු­වෙන් ඉදි­රි­පත් වූ නිරෝ­ෂන් ප්‍රේම­රත්න මනාප 57,686ක් ලබා­ග­නි­මින් මාතර දිස්ත්‍රි­ක්කයේ පරා­ජිත ලැයි­ස්තුවේ දෙවැනි ස්ථානය හිමි කර­ගද්දී, උදය ශාන්ත ගුණ­සේ­කර මනාප 41,740ක් ලබා­ග­නි­මින් මොණ­රා­ගල දිස්ත්‍රි­ක්ක­යෙන් පරාජය හිමි කර­ග­ත්තේය.

මෙවර මහ මැති­ව­ර­ණය සදහා ශ්‍රී ලංකා නිද­හස් පොදු­ජන සන්ධා­නය යටතේ තරග කළ ශ්‍රී ලංකා නිද­හස් පක්ෂයේ අපේ­ක්ෂ­ක­යන් 32 දෙනා අතු­රින් 14 දෙනෙකු මෙවර පාර්ලි­මේ­න්තු­වට තේරී පත් වූ අතර, ජාතික ලැයි­ස්තු­වෙන් දෙදෙ­නකු නම් කර තිබූ අතර ඉන් එක් අයකු තේරී පත් විය.

පක්ෂයේ නාය­කයා ලෙස හිටපු ජනා­ධි­පති මෛත්‍රි­පාල සිරි­සේන මනාප 1,11,137ක් පොළො­න්න­රුව දිස්ත්‍රි­ක්කය පළ­මු­වැනි ස්ථාන­යට පත් වූ අතර, ජ්‍යෙෂ්ඨ උප සභා­පති නිමල් සිරි­පාල ද සිල්වා බදුල්ල දිස­ත්‍රි­ක්කය නියෝ­ජ­නය කර­මින් මනාප 1,41,901 හිමි කර­ග­නි­මින් පළමු වැනි ස්ථානය හිමි කර ගත්තේය. දයා­සිරි ජය­සේ­කර කුරු­ණෑ­ගල දිස්ත්‍රි­ක්ක­යෙන් මනාප 1,12,452ක් ලබා­ගෙන සිවු­වැනි ස්ථාන­යට පත්විය. ෂාන් විජේ­ලාල් ද සිල්වා ගාල්ල දිස්ත්‍රි­ක්ක­යෙන් මනාප 67,793ක් ලබා­ග­නි­මින් හය­වැනි ස්ථානය දිනා ගත් අතර, ශාන්ත බණ්ඩාර කුරුණෑගල දිස්ත්‍රි­ක්ක­යෙන් මනාප 52,086ක් ලබාගනිමින් දහවැනි ස්ථාන­යට පත් විය. දුමින්ද දිසා­නා­යක අනු­රා­ධ­පුර දිස්ත්‍රි­ක්ක­යෙන් මනාප 75,535ක් ලබා­ගෙන පස්වැනි ස්ථාන­යට පත් විය. හම්බ­න්තොට දිස්ත්‍රි­ක්කයේ තරග බිමට පිවිසි මහින්ද අම­ර­වීර මනාප 1,23,730ක් හිමි කර­ගෙන තුන්වැනි ස්ථාන­යට පත් වෙද්දී, රංජිත් සිය­ඹ­ලා­පි­ටිය කෑගල්ල දිස්ත්‍රි­ක්ක­යෙන් මනාප 1,03,300ක් ලබා­ග­නි­මින් දෙවැනි ස්ථාන­යට පත් විය. ලසන්ත අල­ගි­ය­වන්න ගම්පහ දිස්ත්‍රි­ක්ක­යෙන් මනාප 73,061ක් ලබා­ගෙන දහ­වැනි ස්ථාන­යට පත් වූ අතර, ජගත් පුෂ්ප­කු­මාර මොණ­රා­ගල දිස්ත්‍රි­ක්ක­යෙන් මනාප 66,176 ක් ලබා ගනි­මින් තුන්වැනි ස්ථානය හිමි කර­ග­ත්තේය. සාරතී දුෂ්මන්ත කෑගල්ල දිස්ත්‍රි­ක්ක­යෙන් මනාප 58,306ක් ලබා­ග­නි­මින් පස්වැනි ස්ථාන­යට පත් වෙද්දී, කාදර් මස්තාන් වන්නි දිස්ත්‍රි­ක්ක­යෙන් මනාප 13, 454ක් ලබා ගනි­මින් පෙර­මුණ ගත්තේය. මීට අම­ත­රව අංග­ජන් රාම­නා­දන් ශ්‍රී ලංකා නිද­හස් පක්ෂය යටතේ තරඟ කර යාප­නය දිස්ත්‍රි­ක්ක­යෙන් මනාප 36,365ක් ලබා ගනි­මින් පළ­මු­වැනි ස්ථානය හිමි­කර ගනි­මින් පාර්ලි­මේන්තු වරම් දිනා­ග­ත්තේය.

මේ ජය­ග්‍ර­හණ පිළි­බඳ අධ්‍ය­ය­නය කර බැලී­මේදී පොළො­න්න­රුව හා බදුල්ල යන දිස්ත්‍රික්ක දෙකේම පොදු­ජන පෙර­මුණු ලැයි­ස්තුවේ පළමු තැන ගැනී­මට ශ්‍රීල­නි­ප­යට හැකිව තිබේ. ඒ ශ්‍රීල­නිප නායක මෛත්‍රී­පාල සිරි­සේන හා ජ්‍යෙෂ්ඨ උප සභා­පති නිමල් සිරි­පාල ද සිල්වා විම විශේ­ෂය.

ශ්‍රීල­නී­පය විසින් ජාතික ලැයිස්තු මන්ත්‍රීන් ලෙස මහා­චාර්ය රෝහණ ලක්ෂ්මන් පිය­දාස හා ආචාර්ය සුරේන් රාඝ­වන් යෝජනා කර තිබුණ ද ශ්‍රී ලංකා පොදු ජන පෙර­මු­ණට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ආසන 17න්, ශ්‍රීල­නී­ප­යට හිමි වූයේ එක් ආස­න­යක් පමණි. ඊට ආචාර්ය සුරේන් රාඝ­වන් පත් කෙරිණි.

මෙවර ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණ යටතේ තරග කළ ලංකා සම­ස­මාජ පක්ෂයේ අපේ­ක්ෂ­ක­යන් තිදෙ­නාම පරා­ජ­යට පත් විය. කෑගල්ල දිස්ත්‍රි­ක්ක­යට තරග බිමට පිවිසි වයි. ජී. පද්ම­සිරි මනාප 24,862ක් ලබා ගනි­මින් පරා­ජිත ලැයි­ස්තුවේ පස්වැනි ස්ථානය හිමි කර­ග­ත්තේය. ගාල්ල දිස්ත්‍රි­ක්ක­යට තරග කළ බද්දේ­ගම සමිත හිමි මනාප 38,831ක් ලබා­ග­නි­මින් පරා­ජිත ලැයි­ස්තුවේ පස්වැනි ස්ථානය හිමි කර ගනිද්දී, මහ­නු­වර දිස්ත්‍රි­ක්ක­යට තරග කළ නීතිඥ චන්ද්‍රිකා සේනා­රත්න මනාප 11,288ක් ලබා­ග­නි­මින් පරා­ජිත ලැයි­ස්තුවේ හත්වැනි ස්ථානය පත් වූවාය.

ශ්‍රී ලංකා කොමි­යු­නිස්ට් පක්ෂ­යෙන් මාතර දිස්ත්‍රි­ක්ක­යට තරග කළ වීර­සු­මන වීර­සිංහ මනාප 77,967ක් ලබා­ග­නි­මින් ජය­ග්‍රා­හක ලැයි­ස්තුවේ හය­වැනි ස්ථාන­යට පත් වෙද්දී, එම පක්ෂ­යෙන් කොළඹ දිස්ත්‍රි­ක්ක­යට තරග කළ මහේෂ් අල්මේදා මනාප 29,853ක් ලබා­ග­නි­මින් පරා­ජිත ලැයි­ස්තුවේ අට­වැ­නියා බවට පත් විය. ශ්‍රී ලංකා කොමි­යු­නිස්ට් පක්ෂ­යෙන් විශේ­ෂඥ වෛද්‍ය ජී. වීර­සිංහ ජාතික ලැයි­ස්තු­වට ‍යෝජනා කර තිබු­ණද ඒ සඳහා ඔහුට අව­ස්ථා­වක් නොලැ­බුණි.

ශ්‍රී ලංකා පොදු ජන පෙර­මුණ යටතේ ප්‍රජා­ත­න්ත්‍ර­වාදී වාමාං­ශික පෙර­මු­ණෙන් රත්න­පුර දිස්ත්‍රි­ක්ක­යට තරග කළ වාසු­දේව නානා­ය­ක්කාර මනාප 66,991ක් ලබා­ග­නි­මින් ජය­ග්‍රාහී ලැයි­ස්තුවේ හය­වැනි ස්ථාන­යට පත්වද්දී, මොණ­රා­ගල දිස්ත්‍රි­ක්ක­යට තරග කළ වෛද්‍ය ගයා­ෂාන් නව­න­න්දන මනාප 45,384ක් ලබා­ගෙන ජය­ග්‍රාහී ලැයි­ස්තුවේ පස්වැනි ස්ථාන­යට පත් විය.ශ්‍රී ලංකා මහ­ජන පක්ෂ­යෙන් එහි නායක අසංක නව­රත්න කුරු­ණෑ­ගල දිස්ත්‍රි­ක්කය සඳහා තරග වැදුණු අතර ඔහු මනාප 82,779ක් ලබා ගනි­මින් ජය­ග්‍රාහී ලැයි­ස්තුවේ පස්වැනි ස්ථානය හිමි කර­ග­ත්තේය. ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණේ ජාතික ලැයි­ස්තු­වට ලංකා සම­ස­මාජ පක්ෂයේ නායක මහා­චාර්ය තිස්ස විතා­රණ, කොමි­නිස්ට් පක්ෂයේ වෛද්‍ය ගාමිණී වීර­සිංහ හා ප්‍රජා­ත­න්ත්‍ර­වාදී වාමාං­ශික පෙර­මුණේ නීතිඥ නිමල් රණ­වක යන අයගේ නම් සඳ­හන් වී තිබු­ණද ඒ සඳහා තෝරා පත් කර තිබුණේ මහා­චාර්ය තිස්ස විතා­රණ පමණි.ශ්‍රී ලංකා පොදු ජන පෙර­මු­ණට සහාය දක්ව­මින් තරග කළ ඩග්ලස් දේවා­නන්ද ඊලාම් ජනතා ප්‍රජා­ත­න්ත්‍ර­වාදී පක්ෂ­යෙන් යාප­නය දිස්ත්‍රි­ක්ක­යෙන් මනාප 32,146 ලබා­ග­නි­මින් ජය­ගත්තේය.

Comments