අමෙ­රිකා ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට තව දින අනූ­වයි | සිළුමිණ

අමෙ­රිකා ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට තව දින අනූ­වයි

 අමෙ­රි­කානු ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට තවත් ඇත්තේ දින සිය­ය­ක­ටත් අඩු  කාල­යකි. වෙනත් ජනා­ධි­ප­ති­ව­රණ සම­යන්හි මේ කාලය අමෙ­රි­කානු වැසි­යන්ට ඉතා ආක­ර්ෂ­ණීය සිදු­වීම් සිදු­වන කාල­යකි. මේ වන විට ප්‍රධාන පක්ෂ දෙකේ අපේ­ක්ෂ­ක­යන් ජන­තාව ඇම­තීම ආරම්භ කර සිටින අතර සජිවී වාද­වි­වාද මෙන්ම රූප­වා­හිනී විවා­දද බෙහෙ­වින් ජනතා අව­ධා­න­යට ලක් වේ. එප­ම­ණක්ද නොව අපේ­ක්ෂ­ක­යන්ගේ භාර්යා­වන් ද අපේ­ක්ෂ­ක­යන්ගේ ජනතා ආක­ර්ෂ­ණ­යට විශාල බල­පෑම් කරන්නේ මේ කාල­යේ­දීය. 

එහෙත් මෙවර ඒ සිය­ල්ලට වඩා කොවිඩ් ආසා­ද­නය වීමෙන් වැළකී ජීවිත බේරා ගැනී­මට කට­යුතු කිරී­මට බොහෝ අමෙ­රි­කා­නු­වන්ට අවශ්‍ය වී ඇති බව පෙනේ. ඒ අත­රම ජනා­ධි­පති ට්‍රම්ප්ට ඇති තරම් පහර ගැසී­මට පාල­න­යෙන් තොර කොවිඩ් ව්‍යප්තිය අවි­යක් කර ගැනී­මට ඩිමො­ක්‍ර­ටික් පක්ෂය සමත් වී තිබේ. මේ සියල්ල අනුව   ද්වී පක්ෂ ක්‍රම­යක් පව­තින අමෙ­රි­කාවේ මීළඟ ජනා­ධි­ප­ති­ව­රයා ඩිමො­ක්‍ර­ටික් පාක්ෂික ජෝ බයි­ඩන් විය හැකි බවට පැහැ­දිලි ලකුණු මතු­වෙ­මින් තිබේ. 

ඩිමො­ක්‍ර‌ටික් පාක්ෂික ජනා­ධි­ප­ති­ව­ර­යකු වූ බරැක් ඔබාමා දෙව­රක් ධූර කාලය දැරී­මට සමත් වූ විශ්‍රාම යන­තුරු ජන­ප්‍රි­ය­ත්ව­යෙන් හීන නොවූ මහත් බලා­ධි­කා­ර­යක් සහිත ජනා­ධි­ප­ති­ව­ර­යෙක් විය. එහෙත් ඔහුද පෙර සිටි ජනා­ධි­ප­ති­ව­රුන් සේම ලොව පුරා යුද්ධ ඇවි­ළී­ම­ටත්, සාධා­ර­ණ­ය­කින් තොරව රට­ව­ලට බල­පෑම් කිරී­ම­ටත් කට­යුතු කළ බව නොර­හ­සකි. 

හොඳම උදා­හ­ර­ණ­යක් ලෙස 2011 වස­රේදී සිදු කළ ඔසාමා බින්  ලාඩන්ගේ ඝාත­නය දැක්විය හැකිය. බිල් ලාඩන් පකි­ස්තා­නයේ සැඟවී සිටි අතර බුද්ධි ‌තොරතුරු තහ­වුරු කර­ගත් අමෙ­රි­කාව ඉතා රහ­සි­ගත මෙහෙ­යු­මක් ක්‍රියා­ත්මක කර­මින් පකි­ස්තා­න­යේ­දීම ඔහු මරා දැමී­මට කට­යුතු කළේය. මෙහිදී ඔවුන් පකි­ස්තා­නයේ ගුවන් සීමාව ආක්‍ර­ම­ණය කළ අතර පකි­ස්තාන භූමි­යේදී හමුදා මෙහෙ­යු­මක්ද සිදු කළේය. මේ මෙහෙ­යු­මේදී එක් අමෙ­රි­කානු ගුවන් හමුදා හෙලි­කො­ප්ට­ර­යක්ද විනාශ විය. එහෙත් මේ කිසි­වක් සඳහා පකි­ස්තාන රජයේ අනු­මැ­තිය ලබා ගැනී­මක් සිදු­වූයේ නැත. ඒ වෙනු­වට සිදු­වූයේ අමෙ­රි­කානු හමුදා තම රහ­සි­ගත මෙහෙ­යුම සිදු කර රටෙන් ඉව­තට යන තුරු පකිස්තාන රජය හෝ හමු­දාව ඒ සම්බන්ධ කිසි­වක්ම නොදැන සිටී­මය. 

රාජ්‍ය තාන්ත්‍රික වශ­යෙන් සැලකූ විට මේ සිදු­වීම පකි­ස්තා­න­යට සහ එහි ස්වාධි­ප­ත්‍ය­යට මරු පහ­රකි. අනික් අතට අමෙ­රි­කාව මේ දක්වා පකි­ස්තා­න­යට දක්වා සිටියේ දකුණු ආසි­යානු කලා­පයේ තමාගේ හොඳම මිතුරා පකි­ස්තා­නය වශ­යෙනි. එප­ම­ණක්ද නොව රිප­බ්ලි­කන් පාක්ෂික ජනා­ධි­ප­ති­ව­ර­යකු වූ ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ්ගේ කාලයේ සිට ඇෆ්ග­නි­ස්ථා­න­යට පහර එල්ල කිරී­මට අමෙ­රි­කාව යොදා ගත්තේ පකි­ස්ථාන භූමිය විය. 

ඉතා ආක­ර්ෂ­ණීය චරි­ත­යක් ලෙස ලෝක­යෙන් නමක් දිනා සිටි­යද ජනා­ධි­පති ඔබා­මාද මේ කැළෑ නීතිය අකු­රට ක්‍රියා­ත්මක කළේය. එහෙත් ලෝක­යට එසේ සල­කද්දී ඔහු අමෙ­රි­කානු ජන­තා­වට නම් අග­ති­යක් වීමට ඉඩ තැබුවේ නැත. 

මෙවර ඩිමො­ක්‍ර­ටික් පක්ෂ­යෙන් ජනා­ධි­ප­ති­ව­රණ අපේ­ක්ෂ­ක­ත්වය ලබා සිටින්නේ හිටපු ජනා­ධි­ප­ති ඔබා­මාගේ කාලයේ උප ජනා­ධි­ප­ති­ධූ­රය හෙබවූ ජෝ බයිඩ්න්ය. මේ වන විට පැහැ­දි­ලි­වම ජෝ බයිඩ්න් ඔබා­මාගේ ජන­ප්‍රි­ය­ත්වයේ හෙව­ණැල්ල යටට පැමිණ සිටින බව පෙනේ. තම පාක්ෂි­ක­යකු ජය­ග්‍ර­හ­ණය කිරීමේ උත්සා­හ­යක් ලෙස හිටපු ජනා­ධී­පති ඔබා­මාද මේ වන විට බයිඩ්න්ගෙ මැති­ව­රණ ව්‍යාපා­ර­යට සහය දැක්වී­මට එක්ව තිබේ. 

පසු­ගිය දිනක ඔවුන් දෙදෙනා එක්ව කොවිඩ් වසං­ග­තය අමෙ­රි­කාව තුළ පැතිර යෑමට ඉඩ­දීම සම්බ­න්ධව ජනා­ධි­පති ට්‍රම්ප්ව  හොඳ හැටි පතුරු ගැසු­වෝය.  කළු පැහැති මුව ආව­රණ සහි­තව රූප­වා­හිනී සාක­ච්ඡා­වට සහ­භාගී වීමට පැමිණි ඔවුන් දෙදෙනා සමාජ දුර­ස්ථ­තාව ආරක්ෂා කර­මින් සාක­ච්ඡා­වට සහ­භාගී වූහ. එහිදී බයිඩ්න් පවසා සිටියේ කොවිඩ් වසං­ගත ව්‍යප්තිය වැළැ­ක්වී­මට වත්මන් අමෙ­රි­කානු ආණ්ඩුව ගත් ක්‍රියා­මාර්ග කිසි­සේත් ප්‍රමා­ණ­වත් නොවන බවයි. 

“ජනා­ධි­ප­ති­ව­රයා සෑම අව­ස්ථා­ව­කට පවසා සිටියේ මේ කිසි­ව­කට තමා වග­ක­ව­යුතු නොමැති බවයි.” රාජ්‍ය නාය­කයා එසේ පැව­සීම පුදුම සහ­ගත බවත්, ජන­තා­වට ඔහුගේ හැසි­රීම පුදුම උප­ද­වන බවත් අපේ­ක්ෂක බයිඩ්න් පවසා සිටි­යේය. මේ අතර සාක­ච්ඡා­වට එක්වෙ­මින් හිටපු ජනා­ධි­පති බරැක් ඔබාමා පවසා සිටියේ  තමන්ගේ පාලන කාල­යේදී තමා කිසි­වි­ට­කත් මෙවන් වග­කීම් විර­හිත ප්‍රකාශ නොකළ බවයි.

එසේ වුවද ජනා­ධි­පති ට්‍රම්ප්ගේ පාලන කාල­යේදී මේ දක්වා ලෝකයේ කිසි­යම් තැනක යුද ගිනි ඇවි­ළි­මට අනු­බල නොදුන් බවද අම­තක කළ යුතු නැත. කෙසේ වුවද ජනා­ධි­පති ට්‍රම්ප්ට මුහුණ දීමට සිදු­වූයේ මෙතෙක් අමෙ­රි­කාව පාල­නය කළ ජනා­ධි­ප­ති­ව­රුන්ට මුහුණ දීමට සිදුවූ අත්දැ­කී­ම්ව­ලට වඩා විශාල වෙන­ස­කම් සහිත අත්දැ­කීම් රැස­කට බව කිව යුතුය. චීනය පැහැ­දි­ලිව නැගී සිටි­මින් අමෙ­රි­කා­වට අභි­යෝ­ග­යක් බව දක්වා සිටියේ ජනා­ධි­පති ට්‍රම්ප්ගෙ පාලන කාල­යේදී බව අම­තක කළ යුතු නැත. එතෙක් හිටපු අමෙ­රි­කානු ජනා­ධි­ප­ති­ව­රුන් පාළු ගෙදර වළං බිඳි බව පැහැ­දි­ලිය. එමෙන්ම කොවිඩ් වැනි වසං­ග­ත­යක අත්දැ­කී­මක් ලෝක­යට  වසර සිය­ය­කින් මෙහා නැති අතර ජනා­ධි­පති ට්‍රම්ප් ඒ සම්බ­න්ධ­යෙන් සර්ව­ප්‍ර­කා­ර­යෙන්ම අසා­ර්ථක වූ බවද පැහැ­දි­ලිය. 

මේ අතර තමන් මීළඟ ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට ඉදි­රි­පත් වන බවට ප්‍රකාශ කළ සුප්‍ර­සිද්ධ රැප් ගාය­ක­යකු වන කන්යේ වෙස්ට් මේ වන විට ඒ ප්‍රකා­ශය හේතු­වෙන්ම පවුල් ප්‍රශ්න රැසක පැටලී සිටින බව වාර්තා වේ. තමන් ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට ඉදි­රි­පත්  වන බව ප්‍රකාශ කිරී­මෙන් ලෝක­යේම අව­ධා­නය තමන් වෙතට ලබා ගත් වෙස්ට් ඉන් සති දෙකක කාල­යක් තුළදී තමන් ජනා­ධි­ප­ති­ව­ර­ණය ඉදි­රි­පත් නොවන බවත් එසේ ප්‍රකාශ කිරී­මෙන් තම බිරිය වන කිම් කඩෑ­ෂි­යන්ට සිදුවූ අප­හ­සු­තා­ව­යට ඇය­ගෙන්  සමාව අයැද සිටින බවත් පවසා සිටි­යේය. 

කෙසේ වුවද මේ වන විට මීළඟ අමෙ­රි­කානු ජන­ධි­ප­ති­ව­ර­ණයට ඇත්තේ තවත් දින අනූ­වක් වැනි කාල­යකි. මේ කාලය තුළ යළි අමෙ­රි­කා­නු­වන්ගෙ සිත් දිනා ගැනී­මට ජනා­ධි­පති ට්‍රම්ප් කුමන අන්දමේ උප­ක්‍රම ක්‍රියා­ත්මක කිරී­මට කට­යුතු කර­න්නේද යන්න අනු­මාන කළ නොහැකි වී තිබේ. දෙවැනි ධූර කාලය සඳහා සට­නට එක්ව­න්නේද, නැත­හොත් ප්‍රති­වා­දි­යාට ජය­ග්‍ර­හ­ණය ලබා දී සමු­ග­න්නේද යන්න ට්‍රම්ප් ජනා­ධි­ප­ති­ව­රයා ඉදිරි දින කිහි­ප­යේදී කට­යුතු කරන අන්දම අනුව සිතා ගත හැකි වනු ඇත.   ඇතැම් විට ව්‍යාපා­රික ලෝකයේ අභි­යෝ­ග­ව­ලට වඩා දේශ­පා­ලන ලෝකයේ අභි­යෝ­ග­ව­ලට මුහුණ දීම අසීරු බව ට්‍රම්ප් ජනා­ධි­ප­ති­ව­රයා මේ දින­වල අත්වි­ඳි­නවා විය හැකිය. 

Comments