
අමෙරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාමාජිකත්වයෙන් නිල වශයෙන් නිකුත් වීමේ වැඩපිළිවෙල ආරම්භ කළ බව ධවල මන්දිරය පසුගියදා ප්‍රකාශ කර සිටියේය. ඒ අනුව ජනාධිපති ට්‍රම්ප් පවසා ඇත්තේ 2021 ජූලි මාසය වන විට අමෙරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාමාජිකත්වයෙන් ඉවත්ව සිටිනු ඇති බවයි.
ලෝක සෞඛ්‍ය සංවිධානය තම රාජකාරිය නිසි පරිදි ඉටු නොකරන බවත්, ඔවුන් චීනයට පක්ෂපාතීත්වයක් දක්වන බවත් ට්‍රම්ප් චෝදනා ක සිටියේ අමෙරිකාවේ කොවිඩ් මරණ සංඛ්‍යාව වේගයෙන් ඉහළ යමින් පැවති අවස්ථාවේදීය. එයට පිළිතුරු ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා සිටියේ නිසි කාලයේදී තමන් සමස්ත ලෝකයටම වයිරසයේ අවධානම සම්බන්ධව අනතුරු ඇඟවූ බවයි. එම අනතුරු ඇඟවීම තුට්ටුවකටම මායිම් නොකිරීමෙන් පසු සියල්ල වැරදී ගිය තැන තමන්ට චෝදනා කිරීම යුක්ති සහගත නොවන බවද ලෝක සෞඛ්‍ය සංවිධාන ප්‍රධානියා පවසා සිටියේය.
එහෙත් ජනාධිපති ට්‍රම්ප් වැඩිදුරටත් පවසා සිටියේ අමෙරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයට වැඩියෙන්ම ආධාර ලබා දෙන රට බවත් තමන් ඒ සියල්ල නවතා දමමින් සාමාජිකත්වයෙන්ද ඉවත් වන බවත්ය. ඒ සමගම තමන් ලෝක සෞඛ්‍ය සංවිධානයට ලබා දෙන ආධාර මුදල් වැඩි කිරීමට සූදානම් බව චීනය ප්‍රකාශ කළේය.
කෙසේ වුවද මේ ප්‍රකාශයන් නිකුත් කර මාස දෙකක් නික්ම යෑමට පෙර අමෙරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් නිල වශයෙන් ඉවත් වන බව අමෙරිකාව නිවේදනය කළේය. ට්‍රම්ප් ජනාධිපතිවරයා පවසා ඇති අන්දමට මේ නික්ම යෑමේ කටයුතු සම්පූර්ණ වනු ඇත්තේ ලබන වසරේදීය. එහෙත් ඒ අතර තවත් මාස හතරකින් අමෙරිකානු ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතය. එම ජනාධිපතිවරණයෙන් ට්‍රම්ප් දෙවැනි ධූරකාලය සඳහා බලය ලබා ගැනීමට සමත් වේද යන්න තවමත් අවිනිශ්චිය. දැනට පවත්වා ඇති සමීක්ෂණවලට අනුව ඩිමොක්‍රටික් අපේක්ෂක බයිඩ්න් ඉදිරියෙන් සිටින නමුත් ඔහුගේ ජයග්‍රහණය වුවද නිශ්චිතව තහවුරු කළ නොහැකිය.
මේ අතර ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති ධූරාපේක්ෂක ජෝ බයිඩ්න් වහාම පණිවිඩයක් නිකුත් කරමින් පවසා තිබුණේ තමා ජනාධිපති වූ වහාම යලිත් අමෙරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාමාජිකත්වය ලබා ගැනීමට ක්‍රියා කරන බවයි.
කෙසේ වුවද ට්‍රම්ප් ජනාධිපතිවරයාට තම පාලන කාලය තුලදී මුහුණ දීමට සිදුවූයේ මෑත කාලීන සෙසු අමෙරිකානු ජනාධිපතිවරුන්ට මුහුණ දීමට සිදුවූ අර්බූදවලට සපුරා පටහැනි ගැටලු රැසකට වීම විශේෂත්වයකි. අමෙරිකාවේ මෑත කාලීන ජනාධිපතිවරු ලෝකයේ සෙසු රටවල යුද්ධවලට මැදිහත් වන විට ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ යුධ භූමිය වූයේ අමෙරිකාවමය. කෙසේ වුවද ට්‍රම්ප් ජනාධිපතිවරයාද ඉවසීමක් නොමැති, කටමැත දොඩවන, සිතා නොබලා කතා කරන නායකයකු ලෙස ගත වූ පාලන කාලයේදී ප්‍රසිද්ධියක් දිනා ගත්තේය. වයිරසයේ ව්‍යප්තිය සම්බන්ධව ලෝක සෞඛ්‍ය සංවිධානයට චෝදනා කිරීමද ඔහුගේ තවත් එවැනිම ප්‍රකාශයක් ලෙස හඳුනා ගත හැකිය. එහෙත් මේ වන විට පෙනී යන්නේ ඔහු එය හුදෙක් ප්‍රකාශයකට සීමා නොකර දුරදිග ගෙන යන බවකි.
අමෙරිකාවට මේ වන විට තම සැබෑ ප්‍රතිවාදියා මුණ ගැසී සිටින අතර, එම ප්‍රතිවාදියා බිම දැමීමද එතරම් පහසු වන්නේ නැත. ඒ අතර ජනාධිපති ට්‍රම්ප්ට තම දෙවැනි ධූර කාලය වෙනුවෙන් බලය ලබා ගැනීමට උපක්‍රම යෙදීමටද සිදුව තිබේ. මේ අතර අමෙරිකාව තවමත් වයිරසයෙන් දරුණුවට බැට කමින් සිටින අතර මරණ සංඛ්‍යාවද දිනෙන් දින ඉහළ යමින් තිබේ. ඒ අනුව ඉදිරි දිනවලදී අමෙරිකානු දේශපාලන පොර පිටියේ වඩා සුන්දර දේ දැකගත හැකි වනු නොඅනුමානය.