වියට්නාමයෙන් සමන් ගෙන ආ 'වසා වාසි' පාඨකයන් හමුවට | සිළුමිණ

වියට්නාමයෙන් සමන් ගෙන ආ 'වසා වාසි' පාඨකයන් හමුවට

මේ පොත වියට්නාම් සාහිත්‍යයේ පුරෝගාමී කෘතියක්

අපූරු හඬක් ඇති ඔහු ආවාට ගියාට කතා කරන්නේ නැත. නිවේදකයාගේ භුමිකාව කරන විට ඔහු එය වගකීමෙන් කරන්නේය. ආධුනිකයන්ට ඔහුගෙන් ඉගෙන ගත හැකි දේ බොහෝය. ඔහු ගී පද රචකයෙකි. මහ ගොඩක් ගී නොලීවද ඔහු ලියූ හැම ගීතයක්ම වාගේම අපූරුය; රසවිදිය හැකිය. ඔහු අපුරු රචකයෙකි. අපූරු සංචාරක සටහන් ලියන්නෙකි. ඔහුගේ විදෙස් සංචාරක සටහන් කියවන විට ඒ සොඳුරු තැන්වල අප ද රැගෙන යන්නේය. ඔහු නවකතා පරිවර්තකයෙකි. ඔහු ලියන කිසිවක් ආවාට ගියාට ලියන්නේ ද නැත. ඒ සමන් ආතාවුදහෙට්ටි නම් ප්‍රවීණයා පිළිබඳ බොහෝ දෙනෙකු තුළ හැඟීමය. මේ කොරෝනා කාලයේ එහෙ මෙහෙ යාම අඩු වුවද පසුගිය දිනෙක ඔහු අපට හමු විය. ඒ ෆාස්ට් පබ්ලිෂින් ආයතනයේදීය.

ඔහු හමු වූයේ නිකමම නොවේ ඔහුගේ අලුත්ම පරිවර්තන නවකතාවද සමඟය. ලේඛකයාට කාලය බොහෝ වටී. කොරෝනා වයිරසය නිසා නිවෙස් වලට කොටු වී සිටි කාලයේ ලේඛකයෝ ඉන් ප්‍රයෝජන ගත්තද ඇතැමකු මැසිවිල්ල වුයේ නැඟුවේ ලියන්නට කිසිම හැඟීමක් නැති බව ය.“මට හිතෙනවා කොරෝනා වයිරසය හේතුවෙන් නිවෙසේ රැදෙන්නට ලැබුණ කාලයෙන් මම උපරිම ප්‍රයෝජන  ලබා ගත්තා කියලා. එහි ප්‍රතිඵලය තමයි මේ පොත. “ සමන් පවසන්නේ ඔහුගේ පරිවර්තන නවකතාව පෙන්වමිනි. ෆාස්ට් නිවෙසින් පිටවන සමන්ගේ අලුත්ම පොත  වාසා වාසි.

වියට්නාම් ලේඛක වූ වොංග් ෆුංග් විසින් රචනා කරන ලද ‘සෝඩාව්‘ නවකකතාව වාසා වාසි ලෙසින් සමන් නම් කර ඇත. වියට්නාම් සාහිත්‍යයේ පුරෝගාමී කෘතියක් ලෙසින් තමයි මේ පොත හැඳින්වෙන්නේ. වියට්නාමය කලක් ප්‍රංශයේ යටත් විජිතයක් වශයෙන් පැවැතෙනවා. නාමික වශයෙන් වියට්නාමයට එකල රජකෙනෙක් සිටියත් ප්‍රංශය යටත් විජිත ප්‍රතිපත්ති බොහෝ දුරට ලිහිල් කරලා තමයි මේ රටවල පාලනය කරන්නේ. එවන් වාතාවරණයක තමයි ‘වූ වොංග් ෆුංග්‘ ලේඛකයා මේ කෘතිය ලියන්නේ. මේ පොත ලියැවෙන්නේ අන්තර් යුද සමයේ. ඒ කියන්නේ පළමු හා දෙවන ලෝක සංග්‍රාමය අතර කාලයේ. එකල සමාජය පුරා ප්‍රගතිගාමීත්වය, විද්‍යාව, සමාජ ප්‍රතිසංස්කරණය, කාන්තා අයිතිවාසිකම්, ක්‍රීඩා ව්‍යාපාරය, සදාචාරකරණය, නවීනත්වය, යුරෝපාකරණය ආදී සංකල්ප පැතිර යන යුගයක තමයි ලේඛකයා විසින් ඒ සමාය දෙස උපාහයෙන් බලමින් සියල්ල විවේචනය කරමින් මේ නවකතාව ලියන්නේ. පාදඩ රස්තියාදුකාරයන්ගේ පටන්, ආදර්ශවත්  සමාජ ප්‍රතිසංස්කරණවේදියා දක්වා හැම කෙනෙක් ගැනම විවේචනය කරමින් ලේඛකයා තම කතාව ගොඩ නඟනවා. හැනේයි නුවර පැරණි වාණිජ නගරයේ වෙසෙන නන්නත්තාරයන්ගේ සිට මහා මන්දරිවල වෙසෙමින් සැප ජීවිත ගත කරන බලපුළුවන්කාරයන් දක්වා වූ ජීවිත පසුබිම් කරගෙන ලේඛකයා යටත් විජිත සමාජය පිළිබද අපුරු චිත්‍රයතක් මවනවා. යටත්විජීත ධනවාදය වර් ධනය වීමත් සමඟ සාම්ප්‍රදායික වියට්නාම් සමාජය සහ ස්ත්‍රී පුරුෂ සමාජ සම්බන්ධතාවන් ගැන වූ වොංග් ෆුංග් ලේඛකයා කතා කරනවා. මේ කෘතිය කියවන්ට ගත්තාට පසුව මට හිතුණා මෙය පරිවර්තනය කළ යුතුයි කියලා.“ ඒ සමන්ගේ අදහසය.

 ආදර අංකුර පරිවර්තන නවකතාවෙන් පසු තවත් පොත් කිහිපයක් පරිවර්තනය කළ සමන් ලියූ පාත් අතර වැඩිපුරම ඇත්තේ සැරි සර චාරිකා සටහන්ය. රට රටවල සංචාරයට ගිය පසු ඔහු විශේෂයෙන්ම ඒ  රටවලදි සොයන දෙයක් වේ. සමන්ට  “සෝඩාව්“ පොත ලැබෙන්නේ ද ඒ සොයා යාම නිසාය.

“ කොහේ හෝ රටක සංචාරයකට ගියාම මගේ පුරුද්ක් තියෙනවා ඒ රටේ පොත් කඩවල සංචාරය කිරීම. මම වියට්නාමයට ගිය කාලයේ එහි තානාපතිනිය වී සිටියේ හසන්ති දිසානායක සොයුරිය. මම අගෙන් ඉල්ලිමක් කළා එරට තිබෙන හොඳ පොත් කඩ කිහිපයකට යවන්න අවශ්‍යයි කියලා. ඒ ගිය ගමනකදි තමයි මට මේ පොත ලැබුණේ. ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කර තිබුණ පොත කියවා අවසානයේ මට හිතුණා මෙය සිංහල භාෂාවට පරිවර් තනය කළ යුතුයි කියලා. “

සෝඩාව් ලියූ වියට්නාම් ලේඛක වූ වොංග් ෆුංග් ලේඛකයා ජීවත් වන්නේ ඉතා අඩුකාලයකි. 1912  ඔක්තෝබර් මස විසිවනදා උපත ලැබූ ඔශු 1939 වසරේ ඔක්තෝබර් 13 දා මෙළොව හැර යන්නේය. ඒ ක්ෂය රෝගී තත්වය අත්සන්න වීමෙනි. වියට්නාමයේ  හැනෝයි නුවර සාමාන්‍ය පවුලක උපන් වොංග් ෆුංග් කුඩා කාලයේම ඔහුගේ පියා මිය යන්නේය. මව විසින් බොහෝ දුෂ්කරතා මධ්‍යයේ ඔහුව දැඩි කරන්නීය. දුප්පත්කම නිසා පාසල් ගමන අතරමඟදි අතහරින ඔහු ජීවත් වීම සදහා සටන් කරන්නේය. ලිපි කරුවෙක් ලෙස තැන් තැන් වල සේවය කරන ඔහු  කැපිටල් ඩේලිනිව්ස් පුවත්පතට එක්වී කටයුතු කරන්නේය.

මේ ලේඛකයා කැපිටල් ඩේලිනිව්ස් පුවත් පතින් අයින් වී පසුව හැනෝයි නිව්ස්පේපරයට සම්බන්ධ වෙයි. සෝඩාව් කියන්නේ ඔහු විසින් පු වත් පතට ලියු නවකතාවක්. මේ පොත ලියා පල කළාට පස්සේ 1936 දී  පොත තහනමට ලක්කරනවා. ලිංගිකත්වය, විලාසිතා, ආගම,  හා ධනවාදය  ගැන උපහාසාත්මකව ලියූ නිසා තහනම් වූ පොතේ තහනම ඉවත් වන්නේ 1986 දී. මේ තහනම ඉවත් කළාට පසු වියට්නාම් රජය විසින් එරට පාසල් පද්ධතියේ උසස් පෙළ විෂය නිර්දේශය සඳහා මේ පොත තෝරා ගන්නවා. පෙළ පොතට මේ කෘතියේ  15 වන පරිච්ජේදය ඇතුළත් කරනවා. මේ ලේඛකයා ඉතාම කෙටි කාලයයි ජීවත්ව සිටින්නේ. නමුත් ඔහු ලියූදෑ  බොහෝමයි. 

වූ ලොංග් ෆුංග් ගැන වියට්නාමයේ සලකන්නේ අති දක්ෂ මෙන්ම එරට සිටි  බලගතු මෙන්ම ආන්දෝලනාත්මක ලේඛකයෙක් කියලා; ඒ වගේම ශ්‍රේෂ්ඨ ලේඛකයෙක් කියලා. ඔහු කෙටිකතා ගණනාවක් ලියා තිබෙනවා. ලියා ඇති පුවත්පත් ලිපි ගණන ගණන් කළ නොහැකි තරම්. ඔහු නාට්‍ය හතක් ලියා තිබෙනවා; නවකතා අටක් ලියා තිබෙනවා. ඔහු ලියු නවකතා අතුරෙන් ප්‍රකට නවකතාව ලෙස සැලකෙන්නේ වසා වාසි නවකතාවයි. මේ පොත කියවා අවසානයේ මා ලැබූ ආශ්වාදය අපේ පාඨකයාටත් ලබාදිය යුතුයි යන හැඟිම මට තිබුණා. සමන් වසන්නේ පොතක් ලියා එය පළකිරිමෙන් පසු ලබන සතුට සිත් ඇතිවය.  2002 වසරේදී  වියට්නාම් සංචාරයෙන් සොයාගෙන ආ වසා වාසි දැන් පාඨකයන් අතට පත්කර ඇත.

 

Comments