දිස්ත්‍රික්ක කිහිපයකට ගිගුරුම් සහිත වැසි | සිළුමිණ

දිස්ත්‍රික්ක කිහිපයකට ගිගුරුම් සහිත වැසි

නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල තැනින් තැන වැසි ඇති විය හැකි බවයි.

නැගෙනහිර සහ ඌව පළාත්වලත්, පොලොන්නරුව දිස්ත්‍රික්කයේත් පස්වරු 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි ය.

මන්නාරම දිස්ත්‍රික්කයේ උදය කාලයේදී වැසි ස්වල්පයක් ඇති විය හැකි ය.

දිවයින හරහා සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. 40 දක්වා වැඩි විය හැකි වේ.

Comments