නිරිතදිග මෝසම සක්‍රීය වන ලකුණු | සිළුමිණ

නිරිතදිග මෝසම සක්‍රීය වන ලකුණු

 අද හෝ හෙට නිරිතදිග මෝසම් සුළං රටාව සක්‍රීය වීමට ඉඩ ඇති බවත් ඒ අනුව ජුනි මාසයේද වැසි ඇතිවීමට ඉඩ ඇති බවත් කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ (අනාවැකි) අනූෂා වර්ණසූරිය මහත්මිය පවසයි.

දැනට පවතින අධික වැසි තත්ත්වය 31 වැනිදා දක්වා පැවැත්වෙන බවත් ඒ අධික වැසි තත්ත්වය ජුනි ආරම්භයේ සිට අඩු වනු ඇති බවත් අනූෂා වර්ණසූරිය මහත්මිය පවසන්නීය. කෙසේ වුවත් වායු ගෝලයේ හදිසි කැළඹිලි ආදිය ඇතිවුණොත් තවත් ආපදා ඇතිවීමට ඉඩ ඇතැයි ඇය පවසන්නීය. 

Comments