සහල් සඳහා නව පාලන මිලක් | සිළුමිණ

සහල් සඳහා නව පාලන මිලක්

සහල් සඳහා නව පාලන මිලක් පැනවීමට අදල ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායකගේ නියෝග මත නිකුත් කර ඇති මෙම ගැසට් නිවේදනයේ සඳහන් මිල ගණන් අද (28) දින සිට බලපැවැත්වෙන බව සදහන්.

ඒ අනුව සුදු හා රතු කැකුළු කිලෝග්‍රෑමයක් සදහා රුපියල්93 ක්, සුදු හා රතු නාඩු කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 96 ක්, සුදු හා රතු කැකුළු සම්බා කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 98ක්මෙම ගැසට් නිවේදනයෙන් නියම කර තිබේ.

කීරි සම්බා කිලෝග්‍රෑමයක් සදහා රුපියල් 120ක උපරිම මිලක්ද නියම කර ඇති බව එහි දැක්වේ.

එම මිල ගණන්වලට වඩා වැඩි මිල ගණන්වලට වෙළඳාම් කිරිම,වෙළදාම සදහා ඉදිරිපත් කිරිම කිසිදු නිෂ්පාදකයෙකු, බෙදාහරින්නෙකු හෝ වෙළෙන්දෙකු විසින් සිදු නොකළ යුතු බව ද අදාල ගැසට් නිවේදනයේ සදහන්.

Comments