දිස්‍ත්‍රික්ක 7 කට නාය යාම් අනතුරු අඟවයි | සිළුමිණ

දිස්‍ත්‍රික්ක 7 කට නාය යාම් අනතුරු අඟවයි

දිස්‍ත්‍රික්ක 7 ක් සදහා නාය යාම් අනතුරු ඇඟවීම් නිවේදනනිකුත් කර තිබේ.

රත්නපුර, කෑගල්ල, මහනුවර, නුවරඑළිය, ගාල්ල, කළුතර සහ මාතර යන දිස්ත්‍රික්ක සදහා හෙට පෙරවරු 08.00 දක්වා ක්‍රියාත්මක වන පරිදි මෙම අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය සැළකිල්ලට ගනිමින් මෙම අනතුරු ඇගවීම් නිවේදන නිකුත් කර තිබේ.

දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය තවදුරටත් වර්ධනය වීමේ හැකියාවක් පවතින අතර ඇතැම් ස්ථානවලට මිලිමීටර් 200 කට අධික තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Comments