මුතූර් ත්‍රස්ත කල්ලියක ‘ප්‍රබලයෙක් ‘ හසුවේ | සිළුමිණ

මුතූර් ත්‍රස්ත කල්ලියක ‘ප්‍රබලයෙක් ‘ හසුවේ

ත‍්‍රස්ත කි‍්‍රයාකාරකම් සිදු කිරීමේ අරමුණින් මූතූර් ප‍්‍රදේශයේ කි‍්‍රයාත්මක වූ බව කියන සැලසුමක් සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවද විශේෂ පරීක්‍ෂණයක් ආරම්භ කර තිබේ.

ඒ, ඊට සම්බන්ධ ප‍්‍රධාන පෙළේ සැකකරුවෙකු ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගනු ලැබීමෙන් පසුවයි.

මෙම සැලසුම කි‍්‍රයාත්මක කිරීම සදහා සැකකරුවන් පස් දෙනෙකු සම්බන්ධවී ඇති බවටයි තොරතුරු වාර්තා වී ඇත්තේ.

ඔවුන් අත්අඩංගුවට ගැනීම සදහා ද විමර්ශන කි‍්‍රයාත්මක බවයි ආරක්‍ෂක අංශ ආරංචි මාර්ග සදහන් කළේ.

මෙම සැකකරුවන් සමාජ මාධ්‍ය ඔස්සේ ත‍්‍රස්තවාදී අදහස් පළ කිරීම, මහවිරු සැමරුම් සංවිධාන කිරීම සහ විදේශයන්හි සිටින පුද්ගලයින්ගෙන් මුදල් එකතු කිරීම වැනි කි‍්‍රයාකාරකම්වල නිරත වී ඇති බවටද තොරතුරු පවතින බව ද සදහන්.

Comments