වැස්සත් සමග රත්නපුරේ මරණ දෙකක් | සිළුමිණ

වැස්සත් සමග රත්නපුරේ මරණ දෙකක්

වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් රත්නපුර දිස්ත‍්‍රික්කයේ අද (19) දහවල් වනවිට මරණ දෙකක් වාර්තා වූ බව රත්නපුර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලය පවසයි.

රත්නපුර ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අලූපොල ප‍්‍රදේශයේ කඩාවැටුණු පස්කන්දට යටවීමෙන් කුඩා දරුවෙකු මරණයට පත්ව ඇති බවත් ලෙල්ලොපිටිය, බරැණ්ඩුව ප‍්‍රදේශයේ නිවසකට ගලක් පෙරළීමෙන් තිස් හතර හැවිරිදි කාන්තාවක් ජීවිතක්‍ෂයට පත්ව ඇති බව ද සදහන්.

සුලූ පරිමානයේ නායයාම්, පස්කදු සහ ඉවුරු කඩා වැටිම් කිහිපයක්ම වාර්තාවී ඇති බව ආපදා කළමනාකරණ රත්නපුර මධ්‍යස්ථානය පවසයි.

කොළඹ බළන්ගොඩ ප‍්‍රධාන පාරේ පතුල්පාන ප‍්‍රදේශයේදී ස්ථාන කිහිපයකින් පාරට ඉවුරු කඩා වැටී ඇති බව වාර්තා විය.

බඹරබොටුව ගග හරහා ගයි?නගම සහ ගුරුබැවිලා ගම ප‍්‍රදේශයේ තනා තිබූ සංගිලි පාලමක් වතුරට ගසාගෙන ගොස් ඇති බව පරිසරවේදියෙකු වු අයි.ඒ. ගුණසිංහ පැවසුවේය.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට එය මෙතෙක් වාර්තා වී නොතිබුණි.

මේ අතර 19දා දහවල් 02.30 වනවිට කලූගෙග් ජලමට්ටම මීටර් 8.56ක් හෙවත් අඩි 28යි අ`ගල් 01 බව රත්නපුර මුවගම ජලමාපකයේ දැක්විනි.

මේ වනවිට රත්නපුර ප‍්‍රදේශයේ සුලූ ගංවතුර තත්ත්වය ඉක්මවා මහ ගංවතුරක අවදානම් මට්ටමට කලූගෙ`ග් ජල මට්ටම ඉහළ ගොස් ඇතිබව රත්නපුර දිස්ත‍්‍රික් වාරිමාර්ග ඉංජිනේරඅ අරුණ සමරසිංහ පවසයි.

මුවගම ජල මාපකයේ මීටර් 09.5 ඉක්මවුව හොත් එය මහ ගංවතුර මට්ටමකි. රත්නපුර, කුරුවිට, ඇහැළියගොඩ, කිරිඇල්ල, අයගම, පැල්මඩුල්ල, යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල පහත්බිම් රැසක් මේවනවිට ජලයෙන් යටවී ඇත.

බළන්ගොඩ නගරය මැදින් ගලා යන දොරවෙළ ඇල පිටාර ගැලීමෙන් බළන්ගොඩ නගරයේ පොදු බස් නැවත්ුම් පොළද 19දා පෙරවරුවේ ජලයෙන් යටවිය.

රත්නපුර නගරයට පිවිසිමට විකල්ප පාරක් ලෙස සැකසූ බටුගෙදර සට මුද්දුව මුවගම හරහා නව පාලම දෙපස ද ජලයෙන් යටවී ඇත.

දෙනවක් ගගේ ජල මට්ටමද සීග‍්‍ර ලෙස ඉහළ ගොස් ඇත. දැනට පවතින තත්ත්වය මේ ආකාරයෙන් පැවතුණ හොත් තවත් පැය කිහිපයකින් රත්නපුර මහ ගංවතුර තත්ත්වයක් ඇතිවනු බවට වාරිමාර්ග දෙපාරතමේන්තුව සැකකරයි.

Comments