මහ වැසි සමග නායයාමේ අවදානමක් | සිළුමිණ

මහ වැසි සමග නායයාමේ අවදානමක්

බස්නාහිර, සබගරගමුව, දකුණ, මධ්‍යම සහ වයඹ පළාත්වලට මිලිමීටර් 150 ඉක්ම වූ වැසි අපේක්ෂා කරන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි සඳහන් කළේ, පවතින අධික වැසි සහිත තත්ත්වය සමග රත්නපුර, කෑගල්ල, කළුතර, නුවරඑළිය යන දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකට නායයාමේ අවදානම් නිවේදන නිකුත් කර ඇති බවයි.

මේ අතර ගල් පෙරලීමේ අවදානමක් හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ සොරණාතොට ප්‍රදේශයෙන් පුද්ගලයින් 88 ක් ඉවත් කර ඇති අතර පවතින වර්ෂාවත් සමග කුකුළේ ගඟ ජලාශයේ වාන් දොරටුවක් විවෘත කර තිබේ.

                                                            මහජනයා සඳහා කාලගුණ අනාවැකිය

                                          2019 සැප්තැම්බර්මස 16 දින උදෑසන 05.30 ට නිකුත් කරන ලදි

දිවයින ආශ්‍රිතව දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් පවතිනු ඇතැයි බලාපොරොත්තුවේ.

බස්නාහිර, සබරගමුව, දකුණු,මධ්‍යම, උතුරු සහ වයඹ පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. මෙම ප්‍රදේශ වල ඇතැම් ස්ථාන වලට මි.මී. 150 ට වැඩි ඉතා තද වර්ෂාපතනයන්ද අපේක්ෂා කල හැක.

දිවයිනේ සෙසු පළාත්වල සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර ඇතැම් ස්ථාන වලට මි.මී. 100 ක පමණ තද වර්ෂාපතනයන්ද අපේක්ෂා කල හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

                                      ඉදිරි පැය 24 සඳහා දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය

                                      2019 සැප්තැම්බර්මස 16 දින උදෑසන 05.30 ට නිකුත් කරන ලදි

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. දිවයිනට දකුණු ,බස්නාහිර සහගිනිකොණ දෙසින් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ වල ඇතැම් ස්ථාන වලට තද වැසි ද ඇති වේ.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිතදිශාවෙන් හමා එන අතර සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වේ.

හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශයේ සහ පුත්තලම සිට මන්නාරම හරහාකන්කසන්තුරය දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (50-55) දක්වා ඉහළ යාමට හැකියාවක් පවතින අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල (පැ.කි.මී. 70-80 දක්වා) තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.

ධීවර සහ නාවුක ප්‍රජාවට මේ පිලිබදව ඉතා අවධානයෙන් කටයුතු කරන ලෙසත් ඉල්ලා සිටිනු ලැබේ.

Comments