Uber Eats යනු පාරිභෝගිකයන්ට කැමති ආපනශාලාවකින් කැමති ආහාරපාන වර්ග ඇණවුම් කිරීමේ අවස්ථාවන් සලසා දෙන සේවාවකි. එලෙස ඇණවුම් කරනු ලබන ආහාරපාන ඉතාමත් ඉක්මනින් එම පාරිභෝගිකයන් වෙත ගෙනැවිත් භාර දෙන අතර මීට වසර තුනහමාරකට ඉහතදී ප්‍රථම වරට මෙම සේවාව ලොවට හදුන්වා දෙන ලදී. එදා පටන් ලොව පුරා නගර 500කට අධික සංඛ්‍යාවක පිහිටි ආපනශාලා විශාල ප්‍රමාණයක් දැනටමත් මෙම සේවාව හා අත්වැල් බැද ගෙන ඇති අතර තාක්ෂණය හා ප්‍රවාහන මාධ්‍ය නිසි පරිදි කළමනාකරණය කර ගනිමින් සෑමවිටම විනාඩි 30ක කාලයක් ඇතුලත ආහාරපාන ඒවා ඇණවුම් කළ පාරිභෝගිකයන් වෙත ගෙනගොස් භාරදීම මෙහි ඇති විශේෂත්වයයි. දැනට ඇති දත්ත අනුව ලොව විශාලතම ආහාරපාන ඛෙදාහැරීම් සේවාව බවට ද මේ වන විට Uber Eats පත්ව ඇත.
Uber Eats සේවාව 2018 වසරේදී ශ්‍රී ලංකාවටද හඳුන්වා දුන් අතර එම සේවාව මේ වනවිට දිවයින පුරාම ව්‍යාප්තව තිබේ. දුරකථන ඇමතුම් මත ලැබෙන ඇණයුම් භාර ගනිමින් එලෙස ඇණයුම් කළ ආහාර පාරිභෝගිකයා වෙත ගෙනගොස් භාරදීමේ මෙකී සුවිශේෂ සේවාව සාර්ථක කර ගනිමින් මේ වනවිට එම වෙෙළඳපොළේ ඉදිරියටම පැමිනීමට Uber Eats සමත් වී ඇති අතර, ශ්‍රී ලංකාව යනු Uber Eats සේවාව වඩාත්ම වේගයෙන් පුළුල් වෙමින් පවතින රටක් ලෙස ද පිළිගැනීමට පත්ව ඇත.
මේ වන විට Uber Eats සමග සම්බන්ධව පාරිභෝගිකයින්ට අවශ්‍ය ආහාර ඔවුන් ලගටම මෙලෙස සපයන මේ සේවාව සදහා ශ්‍රී ලාංකික කාන්තාවන්ද සම්බන්ධ වී සිටින අතර තවදුරටත් ඒ සේවාවන් සැපයීම සදහා කාන්තා නියෝජිතයින් ආකර්ශණය කර ගැනීමේ අරමුණින් “දිවියට දිරිය’ නමින් වැඩසටහනක්ද Uber Eats මගින් හදුන්වා දෙන ලදී.
2018 ඔක්තෝබර් මාසයේදී ආරම්භ වූ “දිවියට දිරිය” වැඩසටහන මගින් මේ දක්වා Uber Eats සේවාවන් සඳහා සම්බන්ධ වූ කාන්තාවන් 100කට ආසන්න පිරිසකට ශක්තිමත් මූල්‍ය ස්ථාවරත්වයක් ගොඩ නගා දීම සදහා ප්රමුඛ වැඩ කොටසක් ඉටු කර ඇත. ඒ අනුව Uber Eats මෙහෙයුම් ජාලය හා සම්බන්ධව පාරිභෝගික ජනතාවට අවශ්‍ය ආහාර සැපයීම සදහා සම්බන්ධ වුණු කාන්තාවන්ගේ අභිවෘද්ධිය හා සුරක්ෂිතභාවය ඉලක්ක කර ගනිමින් නොමිලේ රක්ෂණ පිරිනැමීම, කාන්තාවන්ටම වෙන්වූ ක්ෂනික ඇමතුම් සේවාවක් හඳුන්වා දීම, සනීපාරක්ෂක විසඳුම් සැපයීම, අනාරක්ෂිත ස්ථාන සඳහා Geo-blocking තාක්ෂණයන් භාවිතා කිරීම පමණක් නොව අවශ්‍ය අවස්ථාවකදී නොපමාව ක්‍රියාත්මක වීම සදහා ආත්මාරක්ෂක සටන් ක්‍රම රැසක්ද එකී කාන්තාවන් සදහා පුහුණු කිරීමට කටයුතු යොදන ලදී.
කාන්තාවන් සහ අඩු වරප්රසාදලාභී ප්‍රජාව ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක “දිවියට දිරිය’ වැඩසටහන තවදුරටත් පුළුල් කරමින් 2020 වසර තුල තම සේවා ජාලය හා සම්බන්ධව කටයුතු කරන කාන්තාවන් සංඛ්‍යාව 100 සිට 1,000 දක්වා වැඩි කිරීමටද Uber Eats බලාපොරොත්තු වේ. ඒ අනුව කාන්තාවන්ට සහ අනෙකුත් අඩු පහසුකම්ලාභී ප්රජාවන්ගේ සාමාජිකයන්ට තම ආර්ථීක හැකියාවන් වැඩිදියුණු කරගැනීම සඳහා සමාන අවස්ථාවන් සලසා දීම අරමුණු කර ගත් වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට Uber Eats කටයුතු යොදා ඇත.
“දිවියට දිරිය” සමග සම්බන්ධව Uber Eats සේවාවන් පාරිභෝගික ජනතාව වෙනුවෙන් ලබා දීමේ මෙහෙයුම සමග සම්බන්ධව කටයුතු කරන සියළු කාන්තාවන් නිරතුරු අගය කරන බවත් මෙමගින් ඔවුන්ට ඉතා හොද ආදායම් මාර්ගයක් උදා වී ඇති බවත් Uber Eats ආයතනය ඉතා ආඩම්බරයෙන් සදහන් කරන අතර මේ පිළිබදව තවදුරටත් කරුණු දක්වමින් Uber Eats Sri Lanka ප්‍රධානී භාවනා දද්ලානි මහත්මිය සදහන් කළේ සමාජය තුළ ස්ත්‍රී පුරුෂ සමානත්වය ඇතිකිරීම සම්බන්ධ එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්කවලට අනුව යමින් කාන්තාවන්ගේ මෙන්ම ඔවුන් අයත් වන සමාජයේ ජීවන තත්ත්වයන් නගාසිටුවීමට මහෝපකාරී වන ආකාරයේ නම්‍යශීලී ආර්ථීක අවස්ථා උදාකර දීමට “දිවියට දිරිය” වැඩසටහන තවදුරටත් උත්සාහ ගනිමින් සිටින බවයි.
මේ පිළිබඳව අදහස් දැක්වූ දිල්හානි සූරියගේ මහත්මිය ප්‍රකාශ කලේ මෙවන් අදහසක් මම රැකියාවක් නැතිව ඉන්නකොට තමයි Uber Eats දිවියට දිරිය වැඩසටහන ගැන දැනගත්තේ. දැන් මටම කියලා හොඳ මුදලක් සොයා ගන්න රැකියාවක් තියෙනවා. ගෙදරට වෙලා කාලේ නස්ති නොකර ගෙදර වැඩත් කරන ගමන් රැකියාවත් කරන්නත් අපට අවස්ථාව තියෙනවා. තමන්ට කැමති වෙලාවක් වෙන් කර ගෙන මේ රැකියාව කරන්න පුළුවන්. විශේෂවෙන්ම කියන්න ඕනැ මෙම ආයතනය මගින් අපේ ආරක්ෂාව සලසා තිබෙනවා. අපි ගැන නිතර සොයා බලනවා. කාන්තාවක් වශයෙන් මෙවැනි රැකියාවක් කිරීම ගැන මා නම් ආඩම්බර වෙනවා.