පුවත් අසත්‍යයි: නිරෝධායන මධ්‍යස්ථානවලට මුදල් අය කිරීමක් නොකෙරේ | Page 12 | සිළුමිණ

පුවත් අසත්‍යයි: නිරෝධායන මධ්‍යස්ථානවලට මුදල් අය කිරීමක් නොකෙරේ

නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කෙරෙන පිරිස් වෙතින් කිසිදු මුදලක් අය නොකෙරෙන බවත් ඔවුන්ට අවශ්‍ය සියලු පහසුකම් නොමිලේ ලබා දීමට කටයුතු යොදා ඇති බවත් යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
 
යුද හමුදාපතිවරයා මේ අදහස් පල කරේ අද (10) දිනයේ නිරෝධායන ක්‍රියාවලියට සිදු කෙරෙන විශේෂ මධ්‍යස්ථානවල විශේෂ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමිණි.
 
ඉතාලිය, කොරියාව, චීනය ආදී රටවලින් මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයින් දින 14ක් නිරෝධායන ක්‍රියාවලියට ලක් කිරීමට නියමිතය. ඒ සඳහා විශේෂ මධ්‍යස්ථාන දෙකක් ක්‍රියාත්මක කර තිබේ. 
 
එක් මධ්‍යස්ථානයක් මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාලයේ ස්ථාපිත කර ඇත. අනෙක් මධ්‍යස්ථානය පොළොන්නරුව,වැලිකන්ද,කන්දකාඩුව යුද හමුදා කඳවුර පරිශ්‍රයේ ස්ථාපිත කර තිබේ.

Comments