Airport Aviation (Sri Lanka) Ltd. (AASL) සමාගම සිවිල් ගුවන් තොටුපොළ කළමනාකාරීත්වය සහ සංවර්ධනය පිළිබඳ නීත්‍යනුකූල බලය හිමි ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතනයක් වන අතර ගුවන් තොටුපොළ මූල්‍ය කටයුතු, සැපයුම් දාම, නඩත්තු කටයුතු ඇතුළු තවත් බොහෝමයක් ව්‍යාපාර පරිපාලන කටයුතු වඩාත් විධිමත්ව කරගෙන යාම සඳහා IFS Applications™ 10 මෘදුකාංගය භාවිතයට ගැනීමට AASL සමාගම තීරණය කොට ඇති බවට ජාත්‍යන්තර මෘදුකාංග සමාගමක් වන IFS සමාගම ප්ර්රකාශ කරයි.
AASL සමාගමේ විධායක අධ්යක්ෂ, සංජීව විජේරත්න මහතා මේ පිළිබඳ අදහස් දක්වමින් මෙසේ කියා සිටියේය. ” IFS මෘදුකාංගය හරහා අපගේ මෙහෙයුම් කටයුතුවල කාර්යක්ෂමතාව වර්ධනය කරගැනීමට හැකියාව ලැබීම මෙන්ම ගුවන්ගමන් හා ආරක්ෂක ක්ෂේත්රයන්ට සම්බන්ධ අන්තර්ජාතික මට්ටමේ ERP සැපයුම් සමාගමක් සමඟ එක්ව කටයුතු කරන්නට ලැබීම ද අපට ඉමහත් සතුටක්. IFS මෘදුකාංගය හරහා අපට ඉතා කාර්යක්ෂම හා කඩිනම් සේවාවක් සපයන්නට අවකාශ ලැබෙනු ඇතැයි අප විශ්වාස කරනවා.”යනුෙවනි.
AASL සමාගමේ ප්ර්රධාන ගුවන් තොටුපොළවල් දෙකක් වන බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ (BIA) සහ මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ (MRIA) මෙන්ම රත්මලාන, මඩකළපුව සහ යාපනය යන අන්තර්ජාතික ගුවන් තොටුපොළවල් සඳහා ද IFS 10 මෘදුකාංගය හඳුන්වා දීමට නියමිතය.