ගස්වැල් පරිසරයෙ අසිරිය දෙගුණ කරයි
බොහෝ උදවු අප හට ගහකොළ කර දෙයි
ගහකොළ නැති වුණොත් අපසැම කරනු කිමැයි
ගස්වැල් රැක ගැනුම අපගේ යුතුකම වෙයි
ගස්වැල් නැති නිසා ජලයත් හිඟ වන්නේ
පිරිසිදු වාතයයි අප හට නැති වී යන්නේ
කෑමට ආහාර නොලැබී දුක් දෙන්නේ
මුළු ලෝකෙම මරුකතරට පෙරළෙන්නේ
එනිසා ගසක් කැපුවෝතින් පැළ සිටුවන්නේ
පැළ සිටුවා මුළු ලොවම එකලු කරන්නේ
ගස්වැල්වල වටිනාකම අප දැනගන්නේ
අනාගතයටත් ගස්වැල් තිළිණ කරන්නේ
කේ.එම්. මෙත්මිණි පියුමී කුමාරසිංහ
7 ශ්‍රේණිය ‘ඊ’,
මලියදේව බාලිකා විද්‍යාලය,
කුරූණැගල