මෙරට ප්‍රමුඛතම මෝටර් රථ ප්‍රදර්ශනය වන ’සෙලාන් කලම්බෝ මෝටර් ෂෝ’එන මස 08 වන දින සිට නොවැම්බර් 10 වන දින දක්වා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්වීමට නිමිතයි. එය සංවිධානය කරනු ලබන්නේ ඒෂියා එක්සිබිෂන් ඇන්ඩ් කන්වෙන්ෂන්ස් සමාගමයි.
අඛණ්ඩව 6 වන වරටත් පැවැත්වෙන ප්‍රදර්ශනයේ ප්‍රධාන අනුග්‍රාහකයා සහ නිල බැංකුව ලෙස සෙලාන් බැංකුව ඉදිරිපත්ව සිටියි. ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙන අයගේ වාහන සිහිනය සැබෑ කරගැනීමට අවශ්‍ය උපදෙස් ලබාදීමට මෙන්ම නිසි සුදුසුකම් සපුරා ඇති අයට එම ස්ථානයේදීම ලීසිං පහසුකම් පිරිනැමීමට සෙලාන් බැංකුව පහසුකම් සලසා ඇත.
එහිදී සුඛෝපභෝගී රථ, SUV වර්ගයේ රථ, sports වර්ගයේ රථ සහ පැරණි මෝටර් රථ ඇතුළු වර්ග රැසකට අයත් වාහන ප්‍රදර්ශනය කිරීමට නියමිතයි.