මගේ ප්‍රියතම පොත | සිළුමිණ

මගේ ප්‍රියතම පොත

මගේ ප්‍රියතම පොත් වන්නේ ෂර්ලොක් හෝම්ස් පොත් ය. එහි කර්තෘ වන්නේ සර් ආතර් කොනන් ඩොයිල් ය. එහි ප්‍රධාන චරිත වන්නේ ෂර්ලොක් හෝම්ස් හා දොස්තර වොට්සන් ය.

මෙම කතාවල අඩංගු වන්නේ ෂර්ලොක් හෝම්ස් හා වොට්සන් එක්ව කළ අබිරහස් විසඳීමයි. ඔවුන් විසඳූ පරීක්ෂණය අතුරින් මම කැමතිම පරීක්ෂණ වන්නේ පාපැදියේ රූමතිය, උපන් දින සාදය හා බිහිසුණු නිම්නය නම් කතන්දරය. ඔවුන් භාරගත් පරීක්ෂණ ගණනාවක් සාර්ථකව විසඳා ඇත.

ෂර්ලොක් හෝම්ස් රසායන විද්‍යාවට ද අතිදක්ෂයෙකි. ඔහු පදිංචිව සිටින්නේ බේකර් වීදියේ 221/B නිවෙසේ ය. ඔහුව හමුවීමට බොහෝ අය පැමිණේ. ඔහු පොතක චරිතයක් නොවී ජීවමාන චරිතයක් වූවා නම් කොතරම් හොඳද?

ජී. සමිදි දයාද්‍රී විජයවර්ධන 
7 ශ්‍රේණිය ‘ඊ’, 
තක්ෂිලා මධ්‍ය විද්‍යාලය, 
හොරණ

Comments