පූස් පැටවුන්ගේ දබර | සිළුමිණ

පූස් පැටවුන්ගේ දබර

අපේ ගෙදර කිටීට පුංචි පැටවුන් දෙන්නෙක් ලැබුණා. උන් පුලුන් බෝල වගේ සුදුයි. ලස්සනයි. උන් පූස් අම්මාගේ තුරුල්ලේ සතියක් විතර කිරි බිබී හිටියා. මල්ලියි මමයි හැමදාම ගිහින් බැලුවා.

දවසක් අපි දෙන්නා ඉස්කෝලේ ගිහින් එනකොට පුංචි පැටවු දෙන්නා කිටී එක්ක සාලේ ඉන්නවා. මල්ලි ‘ෂෝ ෂෝ’ කියලා එක පැටියෙක් ගාවට ගියා. උන් සුෂ් කියාගෙන නියපොතු දික් කරලා දෙන්නම ගෙට දිව්වා. පූස් අම්මා නැට්ට වන වනා සාලයේ ම හිටියා. පුංචි පැටවු දෙන්නා ටිකකින් පූස් අම්මගෙ වල්ගයට කුරුමානම් අල්ලනවා. සතියකට පමණ පස්සේ උන් අපේ ළඟට ආවා. අපිත් එක්ක සෙල්ලම් කළා. ඔඩොක්කුවට පැන්නා. අපි පුංචි පැටවුන්ට කිරි බිස්කට් කන්න දුන්නා.

දවසක් අම්මා මේ දෙන්නට ලොකු බිස්කට් එකක් දුන්නා. මෙන්න පැටවු දෙන්නා රණ්ඩු වෙනවා. ටික වේලාවක් මේ දිහා බලා හිටිය මහ පුස් එතනට ආවා. පූස් අම්මා ‍බිස්කට් එක කඩලා දැම්මා. පැටවු ගෙරවීම නවතලා බිස්කට් කෑවා.

නිමන්ත සදැමින්ද 
8 වසර ‘ඒ’, 
ගැමුණු මහා විද්‍යාලය, 
නෙටොල්පිටිය

Comments