මගේ අලුත් පාසල | සිළුමිණ

මගේ අලුත් පාසල

 අලුත් පාසලට යෑම මට සතුටු දවසකි. එහෙත් ඒ පාසල මට නුහුරුය. අලුත් පාසල යන විට දකුනු පසින් විශාල පුවරුවක පාසලේ නම සඳහන් වී තිබිණි. ඒ මහවිල කනිෂ්ඨ විද්‍යාලය ලෙසිනි.

පාසල් වත්ත ඇතුළේ එක දිගට අරලිය ගත් පෙළකි. එහ හරි සල්සනය. පාසල් මිදුලේ හරි ලස්සනට මල් වවා තිබිණි. පාසලේ දෙමහල් ගොඩනැගිලි කිහිපයකි. අම්මාත් මාත් මුලින්ම විදුහල්පති තුමා හමුවීමට ගියෙමි. අපේ පන්ති භාර ගුරුතුමිය ඉතාම කාරුණිකයි. අලුත් පන්තියේ යහළු යෙහෙළියෝ මා පිළිගත්හ. මට මගේ පාසල ගැන ආඩම්බරයි.

පින්සරා චක්‍රාංගි

6 ශ්‍රේණිය ‘බී’,

මහවිල කනිෂ්ඨ විද්‍යාලය,

පාණදුර

Comments