‘Bajaj Genuine Luck’ ජය­ග්‍රා­හ­ක­යන්ට මෝටර් සයි­කල් | සිළුමිණ

‘Bajaj Genuine Luck’ ජය­ග්‍රා­හ­ක­යන්ට මෝටර් සයි­කල්

ෙඩ්විඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයි­වට්) ලිමි­ටඩ් විසින් තම බජාජ් ජෙනු­යින් පාර්ට්ස් පාරි­භෝ­ගි­ක­යන් සඳහා හඳු­න්වා­දෙන ලද ‘Bajaj Genuine Luck’ තෑගි තර­ගයේ පළමු, දෙවන සහ තෙවන ස්ථාන හිමි­ක­ර­ගත් ජය­ග්‍රා­හ­ක­යන්ට තෑගි ලෙස බජාජ් මෝටර් සයි­කල් පිරි­නැ­මීම පසු­ගි­යදා සිදු කෙරුණි. මෙම උත්ස­වය ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයි­වට්) ලිමි­ටඩ්හි බත්ත­ර­මුල්ලේ පිහිටි නගර කාර්යා­ල­යේ දී පැවැ­ත්වුණු අතර ඒ සඳහා ජය­ග්‍රා­හ­ක­යන් මෙන්ම ඔවුන්ගේ පවුලේ සාමා­ජි­ක­යන්ද සහ­භාගී විය.

මෙහි දී ‘Bajaj Genuine Luck’ තෑගි තර­ගයේ පළමු ස්ථානය දිනා­ගත් කුරු­ණෑ­ගල, මුළු­තැන්ගේ, වත්තේ­ගෙ­දර පදිංචි කේ. ඩී. එස්. කේ. ජය­රත්න මහ­තාට බජාජ් පල්සර් N 160 මෝටර් සයි­ක­ල­යක් පිරි­නැ­මුණු අතර දෙවන ස්ථානය දිනා­ගත් මාග­ම්මන, හෝමා­ගම පදිංචි සම්පත් ප්‍රේම­කු­මාර මහ­තාට බජාජ් Discover 125 මෝටර් සයි­ක­ල­යක් ප්‍රදා­නය කළේය. මෙම තෑගි තර­ගයේ තෙවන ස්ථානය දිනා­ගත් වල්දෙ­නිය, බොක්කා­වල පදිංචි නිර්මල ප්‍රදීප් හේම­චන්ද්‍ර මහ­තාට හිමි වූයේ බජාජ් CT 100 මෝටර් සයි­ක­ල­යකි.

Comments