
අප ජීවත් වෙන්නේ මහපොළොව මතයි. එය ගෝලාකාර වස්තුවක් බව අප දන්නවා. බෝලයක් හෝ දොඩම් ගෙඩියක් වගේ රවුම් වස්තුවක් උඩ කුමක් හෝ තැබුවහොත් එය වැටේ. එහෙත් පොළොව මත ඉන්න අප පොළොවෙන් ලිස්සලා කිසිම දවසක වැටෙන්නෙ නැති බව අප දන්නවා.
ඇළ දොළ ගංගා වැව් පොකුණු ළිංවල ජලය මහ පොළොව කැරකෙද්දී පැත්තකට විසිවී යන්නේ නෑ. එහෙම වෙන්නේ නැති බව අප අත්දැකීමෙන් දකිනවා.
අප කුමක් හෝ වස්තුවක් උඩට විසි කළොත් එම වස්තුව නැවත බිමට ඇදගන්නා ශක්තියක් බලයක් තියෙනවා. අපි හැමෝම එය අත්දකින දෙයක්.
මේ පොළොවට ඇදගන්න බලය ගැන මුලින්ම අදහසක් ඉදිරිපත් කළේ එංගලන්තයේ විද්‍යාඥයෙක් වෙන අයිසෙක් නිව්ටන් වේ. මේ විද්‍යාඥයා පෙන්වන පරිදි පොළොව මත ඇති හැම වස්තුවක්ම ගහකොළ, සතා සිවුපාවා, ගොඩනැඟිලි, ඇළ දොළ, ගංගා, මුහුදු, ජලාශ මේ හැම දෙයකම පොළොව අභ්‍යන්තරයේ (කේන්ද්‍රයේ) හරි මැද දිශාවට ඇදගන්නා බලයක් තිබෙන බව ඔහු පෙන්වා දී තිබේ.
මේ ඇදගන්නා බලයට ඔහු කීවේ ගුරුත්ව බලය කියලයි. ගුරුත්ව බලය නිසා පොළොව රවුම් වුණාට ඒ මත තිබෙන වස්තු ඉවතට විසි නොවේ. අප මෙය උදාහරණයකින් පැහැදිලි කරනවා නම් කාන්දම් කැබැල්ලකට යකඩ කුඩු ඇලෙන්නට හැරලා කාන්දම් කෑල්ල එහෙට මෙහෙට කැරකුවට අර යකඩ කුඩු හැලෙන්නේ නෑ. මේ කාරණය කවුරුත් දැක තිබෙනවා.
මෙන්න මේ වගේ තමයි අප පොළොව දෙසට ඇදගන්නා ගුරුත්වාකර්ෂණ බලය. අප ඉවතට නොවැටී බේරී සිටින්නේ මේ ගුරුත්වාකර්ෂණ බලය නිසාය. සොබාදහම මවා ඇති දේ බලන විට අපිට පුදුම සහගතය.
එනිදු සුපසන් ප්‍රේමසුන්දර
7 ශ්‍රේණිය ‘සී‘,
කේරි විද්‍යාලය,
කොළඹ 08.