මමත් රූපලාවණ්‍ය ශිල්පියෙක්මි | Page 10 | සිළුමිණ

මමත් රූපලාවණ්‍ය ශිල්පියෙක්මි

 

හැඩගැන්වීම් ශිල්පියෙක්
ලස්සනට මේකප් දමයි...
ලස්සනට හැඩ ගන්වයි
අගයයි එය හැම කෙනාම
“මේකප් එක කවුරුද දැම්මේ” යි කියා
සැවොම සොයා බලයි...,
එහෙත්...,
මැරුණ ශරීරයකට පණ දෙන,
මැරුණට පස්සෙත් හිටියා වගේමයි
එන එන අය කියති ඒ ගැන
එනමුත් නොවිමසති
අගය නොකරති කිසිවෙකුත්
කවුරුද මෙය නිම වූ මිනිසා
කවුරුද ඒ නිර්භීත පුද්ගලයා කියා...,
මමත් රූපලාවණ්‍ය ශිල්පියෙක්මි
කිසිවකුත් නොදුටු,
කිසිවකුත් අගය ‍නොකෙරූ

යු.එස්. නිලන්ති පූර්ණිමා විජේසිංහ

13 ශ්‍රේණිය,

ශ්‍රී සුමංගල මධ්‍ය මහා විද්‍යාලය,

වාරියපොල

 

Comments