
අඳුරු වලා කැටි ඇවිදින් හිරු සඟවයි
මුළු පෙදෙසම අඳුරු වෙලා හරිම කළුවරයි
සිරිපොද වැටෙයි මිදුල පුරා වතුර පිරෙයි
මිරිස් පැදුර ගෙට ගන්නට වෙලාව පැමිණෙයි
ටික ටික සිරිපොද ලොකු වැහි බිඳු වෙයි
වතුර වැටී ගස්වල කොළ තෙත් වෙයි
කුරුලු පැටව් යට සඟවා ගෙන
කුරුලු අම්මලා වැස්සේ තෙමෙයි
ඔන්න වැස්ස දැන් අඩු වී යයි
මිදුලෙ පිරුණු දිය වියැළී යයි
ඉර මාමා අවුරස්නෙ බෙදයි
අම්මලා සතුටින් වැඩ කරතෙයි
සඳලි මුතුසරී හත්නාපිටිය
7 ශ්‍රේණිය,
ගෝතමී බාලිකා විද්‍යාලය,
කොළඹ 10