මා ගිය විනෝද ගම­නක් | සිළුමිණ

මා ගිය විනෝද ගම­නක්

මාත් මගේ මිතුරු මිතු­රි­ය­නුත් එදින උදෑ­ස­නම බස් රිය­කින් මහ­නු­වර බලා පිටත් වුණෙමු. අම්මා මගේ උදේ ආහා­රය හා දවල් ආහා­රය සකස් කර දුන්නාය. පළ­මු­වෙන්ම අප ගියේ පින්න­වල අලි අනා­ථා­ගා­රය නැරැ­ඹී­ම­ටය. අලින්ගේ සුර­තල් දැක මම ඉතා සතු­ටට පත්වීමි. මීළ­ඟට අපි මහ­නු­වර දළදා මාලි­ගය වැඳ පුදා ගැනී­මට ගියෙමු. එහි අපි එහි කෞතු­කා­ගා­රය ද නැර­ඹීමු.

දහ­වල් ආහා­රය ගැනීම සඳහා අප ගියේ පේරා­දෙ­ණිය මල් වත්ත­ටය. ආපසු එන ගම­නේදී අපි සින්දු කිය­මින් සතුටු වීමු. නැව­තත් එවැනි විනෝද ගම­නක් යෑමට මම සතු­ටින් බලා සිටිමි.

රන්දි මෙත්නුලි බාල­චන්ද්‍ර
3 ශ්‍රේණිය ‘ඩී’,
ශ්‍රී මේධං­කර මහා විදු­හල,
හොරණ

 

Comments