
පරිසරය යනු අප අවට වටපිටාවයි. ගහකොළ, සතා සිවුපාවා පරිසරයට අයත් ය. ගහකොළ අපට අවශ්‍ය මූලික අවශ්‍යතා තුන සපයයි. ඔබට මතකද අපිට ගුරුතුමී 1 වසරේදී කියලා දුන්නා “දුවේ, පුතේ ගහක් කැපුවොත් ඒ වෙනුවට පැළයක් හරි හිටුවන්න කියලා.”
මානවයාගේ තාක්ෂණික දියුණුවත් සමඟ පරිසරයට අධික ලෙස හානි සිදුවී ඇත. ඉන්දියන් සාගරයේ මුතු ඇටය වූ ශ්‍රී ලංකාව අතීතයේ කාන්තාරවලින් තොර රටක් ලෙස පිළිගෙන තිබිණි. නමුත් අනාගතයේ අපේ රටේ ද කාන්තාර ඇති විය හැක. ගස් ගල්වලට කතා කළ හැකි නම් මෙසේ කියාවි. “මිනිසුන් යනු කෙළෙහි ගුණ නොදන්නා ජාතියක්” පොලිතින් ප්ලාස්ටික් විවෘත පරිසරයේ පිච්චීම නිසා මිනිසාගේ ප්‍රධාන අවශ්‍යතාවය වන වායු ගෝලය විනාශ වේ. වායුව දූෂණය වීම නිසා සූර්යයාගේ අහිතකර කිරණ හරවා යවන ‘ඕසෝන් ස්තරයට දැඩි හානි සිදුවේ. එවිට සූර්යයාගේ අහිතකර කිරණ ඍජුවම පෘථිවියට එල්ල විය හැක. අපි අපට හැකි සෑම අවස්ථාවකම පරිසරයට හිතකර ලෙසින් කටයුතු කිරීමට සිතා ගනිමු.
හෂිනිකා මධුමාලි රණතුංග
8 ශ්‍රේණිය,
පණ්ඩුකාභයපුර විදුහල
අනුරාධපුරය