සියැට් වෙළඳ නියෝජිතයින් 40කට රුසියාවේ සංචාරයක් | සිළුමිණ

සියැට් වෙළඳ නියෝජිතයින් 40කට රුසියාවේ සංචාරයක්

සියැට් ට්‍රක්රථ ටයර් අලෙවිය සඳහා තබා තිබූ ඉලක්ක සම්පූර්ණ කළ සියැට් වෙළඳ නියෝජිතයන් 40 දෙනකු සඳහා පසුගියදා රුසියාවේ සංචාරය කරමින් එරට වැදගත් ස්ථාන නැරඹීමේ අවස්ථාව උදාකර දුන්නේය.

එම කණ්ඩායමට ඉතා ප්‍රීතියෙන් යුක්තව සංචාරය කරමින් ස්ථාන නැරඹීමට අමතරව නගරවල ඇවිදිමින් නිදහසේ සාප්පු සවාරියේ යෙදීමේ අවස්ථාවද ලැබිණි. එම කණ්ඩායම සඳහා සියැට් කැලණි හෝල්ඩින්ග්ස් සමාගමෙන් යෑමට සහ ඒමට ගුවන් ටිකට් පත්, හෝටල්වල නවාතැන් පහසුකම්, ආහාර පාන, සංචාරය අතරතුර ගමන් පහසුකම් සහ සංචාරක මගපෙන්වීම සපයන ලදී.

මෙරට වෙළඳ නියෝජිතයන් සමඟතිබෙන සබඳතාවය තවදුරටත් තර කරගැනීම සඳහා පසුගිය වසරේ දී සමාගම විසින් ‘සියැට් ප්‍රිවිලේජ් ක්ලාස්’ නමින් මට්ටම් හතරකින් යුතු අලුත් ලෝයල්ටි වැඩසටහනක් ආරම්භ කළේය. එම ලෝයල්ටි වැඩසටහන යටතේ වෙළඳ නියෝජිතයින්ට ඉලක්ක ජයගනිමින් අලෙවිය වැඩිකර ගන්නා විට තමන් සිටින මට්ටම්වලින් ඉදිරියට පැමිණ ලබාගන්නා ප්‍රතිලාභ ප්‍රමාණය වැඩිකර ගැනීමේ අවස්ථාව හිමිවේ.

මීට අමතරව, සමාගම විසින් වෙළඳ නියෝජිතයින්ට සම්මාන ප්‍රදානය කිරීමේ වැඩසටහන් මගින් ඔවුන් විසින් සන්නාමයේ වර්ධනය සඳහා දක්වන දායකත්වය ඇගයීමට ලක්කරන අතර මෙම සම්මාන ප්‍රදානෝත්සවවල දී ඔවුන්ට සමාගමේ සෑම නිෂ්පාදන අංශයක් සහ සමස්ත විශිෂ්ටත්වය යටතේ සමාගම විසින් මුදල් ත්‍යාග, පදක්කම්, කුසලාන සහ සහතික පත්‍ර පිරිනමයි.

Comments