අවු­රුදු සුවඳ | Page 4 | සිළුමිණ

අවු­රුදු සුවඳ

රුක්ලිය පල­බර වී ඇත්තේ
කොවු­ලන් නාදය අතු මත්තේ
බිඟු කැල මල් පැණි මත්තේ
සතුට ගලා යයි අප චිත්තේ
අස්වනු ටික ගෙට ගන්නේ

බත බුල­තින් රට සරු වෙන්නේ
කැවුම් සුවඳ හැම තැන මුසු වෙන්නේ
|ගම්මානේ මංගල සිරි ගන්නේ
හිරු දෙවි­ඳුගෙ ආසිරි දෙන්නේ

සොබා මෑණි නිති තුටු වෙන්නේ
ආසිරි සොම්නස් එක් වෙන්නේ
අවු­රුදු සුව­ඳයි මේ පැති­රෙන්නේ

ඒ.එච්. බුද්ධිකා සංජී­වනී
12 ශ්‍රේණිය ‘ඒ’,
හැදු­ණු­වැව මධ්‍ය මහා විද්‍යා­ලය,
හැදු­ණු­වැව.

Comments