
අන්තර්-මෝසම් වැස්ස මඟින් දිවයිනේ මධ්‍යම, ඌව, සබරගමු, බස්නාහිර හා දකුණු පළාත්වලට ඉදිරි දිනවලද වැසි ලැබෙනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
විශේෂයෙන් ඉදිරි දිනවල සවස 3න් පසු වැස්ස සමඟ අකුණු අනතුරු බහුලව ඇති වීමට ඉඩ ඇති බවත්, බක් මහ අකුණු සක්‍රීය වීම දැන් ආරම්භ වී ඇති බවත් කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පවසයි. ඒ අනතුරුවලින් ආරක්ෂා වීමට විදුලි උපකරණ සම්බන්ධතා විදුලි පේනුවෙන් ඉවත් කළ යුතු බවත් ඒ මහතා කියා සිටී.