
රතට රතේ එරබදු මල් පිපෙන්නයි
සවන පිනන කෝකිල හඬ ඇසෙන්නයි
කජු පුහුලන් අඹ නාරං සුවඳට ඉදෙන්නයි
අලුත් අවුරුදු සිරි අසිරිය මැවෙන්නයි
තුරු ලතා ගොමුවල සුවඳ මල් පිපෙන්නයි
කුඹුරු සරුසාර වී අටුකොටු පිරෙන්නයි
ගේදොර පිරිසුදු කර විසිතුරු මවන්නයි
බක්මහ වසන්තය තැන තැන පැතිරෙන්නයි
කිරිබතේ කිරි සුවඳ දැනෙන්නයි
කැවුම් අතිරස සුවඳ දැනෙන්නයි
ඉදුණු රඹ කැන් සුවඳ දැනෙන්නයි
අලුත් අවුරුදු සිරි අසිරිය මැවෙන්නයි
එනිදු සුපසන් ප්‍රේමසුන්දර
7 ශ්‍රේණිය ‘සී’,
කේරි විද්‍යාලය,
කොළඹ 08.