
එරබදු මල් පුබුදින්නේ
කොවුල් නාද පැතිරෙන්නේ
රබන් හඬත් පැතිරෙන්නේ
අවුරුදු ළඟ ළඟ එන්නේ
කැවුම් කොකිස් තෙලෙන් බැදෙන
කිරිබත් නැකතකට ඉදෙන
වැඩිහිටියන් වැඳුම් ලබන
අවුරුදු එන්නේ
ගොවි ගෙවිලියෝ තුටු කරවන
ළමා ළපටි උදම් අනන
මහ අස්වනු ගෙට ගොඩ වන
අවුරුදු එන්නේ
සමගි දහම පිළිබිඹු කර
දමිළ සිහළ බේදෙන් තොර
හැම දෙන එක නැකතට කන
අවුරුදු එන්නේ
ආර්.එම්. දිනිති හංසිකා රත්නායක
7 ශ්‍රේණිය ‘ඒ’,
සේනාපතිය මහා විදුහල,
අයිවල, බිබිල.