කුම­ර­තු­ඟු පඬිතුමා | සිළුමිණ

කුම­ර­තු­ඟු පඬිතුමා

සිරි ලංකාවේ නාමය දස අත පතු­ර­න්නට සම­තෙක් වෙමිනා
සැම ගත් කතු­වරු ලේඛ­ක­යන් අත­රින් මොහු රට තුළ ප්‍රකට වුණා
පුංචි ළමයි හද මන පුබු­ද­න්නට වැඩියා වූ සක් දෙවි ලෙසිනා
මේ ලක් මව් බිම හෙළයේ බිහි වුණ විරු­වෙකි ඔබ මුළු ලොව දිනනා

හීං සැරය හත් පණ ආදී වූ ළමා කතා හෙළ රස බසිනා
මඟුල් කෑම සහ විරිත් වැකිය හෙම තවත් කතා සුර­තින් ලියුණා
හාවාගේ වග දොරට වැඩුම ලෙස කවි සිති­විලි පද වැල් ගෙතුණා‍
මේ ලෙස රචිත වූ ගද්‍ය පද්‍ය කෘති සැම දන මන නිති තුටු කරනා

ගිය ගිය සැම තැන මොහුගේ දස්කම් පව­නක් මෙන් සිසි­ලස ගෙනෙනා
පහ­ළට ඇදෙනා නදි­යක් සේ සැම තැනක ම රස මුසු බස ගලනා
සැම බාධා­වන් ජය­ගෙන දස්කම් පාමින් විස්මිත දේ කෙරුණා
කුම­ර­තුං­ග­යන්ගේ මේ අරු­මය කෙසේ කියම් දෝ මට සිතුණා

කේ.ආර්. සඳ­ලිකා නිකේ­ෂලා
11 ශ්‍රේණිය,
විතා­ර­න්දෙ­ණිය මහ විද්‍යා­ලය,
විතා­ර­න්දෙ­ණිය.

 

Comments