
කපුටා අප කවුරුත් දන්නා සුලබ පක්ෂියෙකි. කපුටු වර්ග 2ක් වෙසෙති. ඒ ගම් කපුටා සහ කොළඹ කපුටාය. ගම් කපුටා නගරයෙන් ඈත්වත් කොළඹ කපුටා නගරබදවත් වාසය කරයි. මේ අතුරින් කොළඹ කපුටා වඩාත් සුලබය.
ගම්කපුටා සහ කොළඹ කපුටා පහසුවෙන් වෙන් කර හඳුනාගත හැකිය. ගම් කපුටා කොළඹ කපුටාට වඩා විශාලය. විශාල හොටයක් දක්නට ලැබේ. කොළඹ කපුටාගේ ශරීර ප්‍රමාණය කුඩාය. ගෙල සහ පපුව අළු පැහැයක් ගනියි. කපුටන් පැහැයෙන් කළු වන අතර ජාන විකෘති හේතුවෙන් කලාතුරකින් සුදු පැහැ කපුටෝද සිටිති. කපුටා කළු පැහැයැයි කීවද කපුටාට ඇත්තේ දිලිසෙන තද නිල් පැහැය මිශ්‍ර කළු පැහැයකි.
කෙසේ වුවත් කපුටා පරිසරයේ තුල්‍යතාවය රැක ගැනීමට මහඟු සේවයක් ඉටුකරයි. කසළ භක්ෂණය මෙන් ම අල්ලාගත හැකි ඕනෑම සතකු ආහාරයට ගැනීමට කපුටා අපූරු හපනෙකි. විශේෂයනේ ගම් කපුටා ලේනුන්, දෙමළිච්චන්, මීයන් හා ගෙම්බන් ඇතුළු කුඩා සතුන් බිත්තර සහ කුඩා කුරුලු පැටවුන් ද ආහාරයට ගනියි. එසේම මියගිය සතුන්, පණුවන් සහ ඉදුණු පලතුරු කපුටාගේ ආහාරයට එකතු වේ.
සාමූහිකව වසන කොළඹ කපුටන් උකුස්සන් රාජාලියන් පසුපස හඹායෑම සිරිතකි.
කපුටා බොහෝ සතුන්ට හිරිහැරයක් වුවද කපුටාට ස්වාභාවික හතුරන් ඉතා අඩුය. අපි දන්නා පරිදි කොහා කපුටු කූඩු තුළ බිත්තර දමන අතර එයින් බිහිවන කොවුල් පැටව් කපුටු කූඩුවෙන් එළියට ඇද දමයි.
කොළඹ කපුටාගේ ගහනය විශාල වුවද ගම් කපුටාගේ ගහනය බොහෝ ප්‍රදේශවල අඩුය. අතීතයේ කපුටු හඬ නිබඳව ගම්වල ඇසුණද වර්තමානයේ කපුටාගේ හඬ ඇසීමට උගහටයි.
ගම්බද පරිසරවල තුල්‍යතාවට වැදගත් වූ කපුටන් වර්තමානයේ මිනිසුන්ගේ යම් යම් ක්‍රියාකාරකම් හමුවේ අඩුවන බවය. කපුටාගේ වැදගත්කම නිසා නීතියෙන් කපුටන් මැරීම තහනම් වේ. කපුටා හොරකම් කිරීමට පුහුණු කළ හැකි බුද්ධිමත් සතෙකු නිසා කපුටන් ඇති කිරීමට තහනම් ය.
ස්වාභාවික පරිසරයේ සිටින සතුන් සියලු දෙනාම පරිසරයේ තුල්‍යතාවයට දායක වන නිසා සියලු සතුන් එක සේ ආරක්ෂා කළ යුතුය.
එනිදු සුපසන් ප්‍රේමසුන්දර
6 ශ්‍රේණිය ‘සී’,
කේරි විදුහල,
කොළඹ 08.