අහ­සින් වැටෙන එළ­වළු වැස්ස චිත්‍ර­යෙන් ලෝක­යම ජය­ගත් අපේ චූටි පුතා | සිළුමිණ

අහ­සින් වැටෙන එළ­වළු වැස්ස චිත්‍ර­යෙන් ලෝක­යම ජය­ගත් අපේ චූටි පුතා

• තර­ග­යට රට­වල් 118කින් තර­ග­ක­රු­වන් 8000ක්
• දිනු­ගට වයස අවු­රුදු 5යි.

වැඩි­හි­ටි­යන්ට මෙන්ම පුංචි හප­නු­න්ටද ශ්‍රී ලාංකේය නාමය අන්ත­ර්ජා­ති­කව බැබ­ළ­විය හැකි බව පසක් කරන පුව­තක් පසු­ගිය දිනෙක අපට වාර්තා විය. වයස අවු­රුදු පහක තරම් කුඩා වය­සක පසු­වන දිනුග ධම්යුත් ද සිල්වා පුංචි පුතු එලෙස තම උපන් බිමට කීර්තිය ගෙන දීමට සමත් වූ හප­නායි.

ඒ එක්සත් ජාතීන්ගේ සංවි­ධා­නයේ ආහාර හා කෘෂි­කර්ම සංවි­ධා­නය ඔක්තෝ­බර් 11 දිනට යෙදෙන ලෝක ආහාර දින­යට සම­ගා­මීව වාර්ෂි­කව පව­ත්වන ගෝලීය චිත්‍ර හා පෝස්ටර් තර­ග­යෙන් ලෝක­යෙන්ම ප්‍රථ­මයා වෙමින් සුවි­ශේෂ වූ ජය­ග්‍ර­හ­ණ­යක් ලබ­මිනි.

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂි­කර්ම සංවි­ධාන‍ය සිය­ලුම සාමා­ජික රට­වල දරු­වන්ට විවිධ වයස් කාණ්ඩ යටතේ මේ තර­ගා­ව­ලි­යට ඉදි­රි­පත් විය හැකිය.

2018 වර්ෂයේ ලෝක ආහාර දින­යට සම­ගා­මීව ‘අපගේ ක්‍රියා­මාර්ග අපගේ අනා­ග­ත­යයි. 2030 වන විට කුස­ගින්න තුරන් කළ ලොවක් බිහි කළ හැකියි’ යන තේමාව යටතේ පව­ත්වන ලද චිත්‍ර හා පෝස්ටර් තර­ගය සඳහා පුංචි දිනුග ඉදි­රි­පත් කළේ අවු­රුදු පහත්, අටත් අතර තරග කාණ්ඩ­ය­ටය. ඒ සඳහා රට­වල් 118කින් ළමා අය­දු­ම්ක­රුවෝ 8000කට වැඩි සංඛ්‍යා­වක් ඉදි­රි­පත් වී සිටි­යහ. තර­ග­යට දිනුග ඉදි­රි­පත් කළ එළ­වළු පල­තුරු වැස්සක් වසින චිත්‍ර­යට ප්‍රථම ස්ථානය ලැබී තිබුණේ මෙරට දරු­වකු එවන් තර­ගා­ව­ලි­ය­කදී ලබා­ගත් ඓති­හා­සික ජය­ග්‍ර­හ­ණ­යක් ලෙසිනි. එම තර­ගයේ දෙවැනි ස්ථානය ඇමෙ­රි­කානු දරු­වෙක් ලබද්දී තෙවැනි ස්ථානය බංග්ලා­දේශ දරු­වකු විසින් දිනා ගනු ලැබිණ.

දිනු­ගට එම හප­න්කම වෙනු­වෙන් පිරි­නැ­මුණු සහ­තික සහ ත්‍යාග ප්‍රදා­නය පසු­ගි­යදා සිදු කෙරුණේ කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යා­ලයේ පැවැති උත්ස­ව­ය­ක­දීය. එම උත්ස­වයේ ප්‍රධාන ආරා­ධිත අමු­ත්තිය ලෙස සහ­භාගි වූයේ ශ්‍රී ලංකාවේ සහ මාල­දි­ව­යිනේ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂි­කර්ම සංවි­ධා­නයේ නියෝ­ජිත නිනා බ්‍රැන්ඩ්ස්ට්‍රප් මහ­ත්මි­යයි. දිනුග සිය ත්‍යාගය ලබා ගත්තේ ඇය අතිනි.

“පෝෂ්‍ය­ජ­නක ආහාර නිෂ්පා­ද­නය හා පරි­භෝ­ජ­න­යෙන් සාගින්න තුරන් කිරීම සාක්ෂාත් කර­ගැ­නී­මට උදවු වන බව පුංචි දිනු­ගගේ පෝස්ට­ර­යෙන් මනාව දිස් වෙනවා. ඒ වගේම අප එක්ව වැඩ කළ­හොත් සියලු ආකා­රයේ සාගින්න හා මන්ද­පෝ­ෂ­ණය අව­සන් කළ හැකි බව ලෝක ආහාර දිනය ලොවට මතක් කර දෙනවා. දිනුග තමන්ගේ පෝස්ට­රය මඟින් මේ පණි­වි­ඩය මනාව ප්‍රච­ලිත කර තිබෙ­නවා. එය තමයි මේ චිත්‍රය ලෝක­යෙන්ම ප්‍රථම ස්ථානය ලබා­ගැ­නී­මට හේතු වුණේ. මේ අන්ත­ර්ජා­තික තර­ග­යෙන් ජය ලබා දිනුග ශ්‍රී ලංකා­වට ඉම­හත් ගෞර­ව­යක් අත්කර දීමට සම­ත්වීම ගැන රටේ සියලු දෙනාම ආඩ­ම්බර විය යුතුයි” යනු­වෙන් ඇය ඒ උත්ස­ව­යේදී පැව­සු­වාය.

තමන් ලද ජය­ග්‍ර­හ­ණය ගැන පුංචි දිනු­ග­ටද තිබෙන්නෙ ඉහ­වහා ගිය සතු­ටකි.

“මං චූටි කාලේ ඉඳන්ම බලි­කු­රුටු අඳින්න ආසයි... අම්මා කියන්නෙ මම හැම­දාම බිත්ති­වල චිත්‍ර අඳි­නවා කිය­ලයි... ඉතින් ඒ විදි­හට මම චිත්‍ර අඳි­නවා දැකලා අම්මා තමයි මේ තර­ගා­ව­ලි­යට මගේ චිත්‍රය යැව්වේ. මං ඉස්ස­ර­හ­ට තවත් චිත්‍ර අඳි­නවා.”

තවම හරි­හැටි යමක්-කමක් නොතේ­රු­ණද පුංචි දිනුග මේ වන විට රටට කීර්තිය ගෙන දී අව­සා­නය.

දිනුග පදිං­චිව සිටින්නේ බත්ත­ර­මුල්ල පැල­වත්තේය. ඔහු ඉගෙ­නුම ලබන්නේ සල පැල­වත්තෙ ලිට්ල් අයි­න්ස්ට­යින් පෙර පාස­ලේය. මෙවන් ජය­ග්‍ර­හ­ණ­යක් ලබා රටට කීර්තිය ගෙන දීමට දිනු­ගට යෝධ සෙව­ණැල්ල වූයේ මෑණි­යන්ය.

දිනෙත් ප්‍රසන්න ද සිල්වාගේ සහ ජල සම්පා­දන අමා­ත්‍යං­ශයේ සේවය කරන චමිලා ද සිල්වා මහ­ත්මි­යගේ වැඩි­ම­හල් දරුවා වන දිනු­ගට වයස අවුරුදු ඒකහමාරක පුංදි නංගියෙක් සිටී. ජය­ග්‍ර­හ­ණය ගැන චමිලා අපට කීවේ මෙලෙ­සිනි.

“පුතා ලබපු ජය­ග්‍ර­හ­ණය ගැන කියන්න වචන නෑ. දරුවා තර­ග­ය­කට කියලා චිත්‍ර­යක් ඇඳපු ප්‍රථම අව­ස්ථාව තමයි මෙය. මෙයා නිත­රම බිත්ති­වල, ටයි­ල්වල චිත්‍ර අඳි­නවා. දව­සක් මම අන්ත­ර්ජා­ලය පිරි­ක්සන කොට අහ­ම්බෙන් මෙන් මේ තර­ගා­ව­ලිය ගැන තොර­තුරු දැක්කෙ... ගිය වසරේ නොවැ­ම්බර් නවය තමයි තර­ගා­ව­ලි­යට ඉදි­රි­පත් වීමේ අව­සන් දිනය යෙදුණේ... පුතාට මේ ගැන කියලා චිත්‍ර­යක් අඳින්න කිව්වම එයා ඇන්දෙ එළ­වළු, පල­තුරු සහ ඇට වර්ග වැටෙන වැස්සක්... එයා කියන්නෙ ඒ ඇට සහ පල­තුරු වැටෙන්නෙ එයාගේ නංගි­ටයි පෙර පාසලේ යාළු­ව­න්ටයි කන්න කියායි. ඒ වගේම ඇට වැටිලා පැල­වු­ණාම ගෙඩි හැදිලා කන්න පුළු­වන් කිය­ලත් කිය­නවා.

පස්සෙ අපි ඒ චිත්‍රය ස්කෑන් කරලා එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂි­කර්ම සංවි­ධා­නයේ ප්‍රධාන කාර්යා­ලය තියෙන ඉතා­ලියේ රෝම­යට මේල් කළා. දෙසැ­ම්බර් 12 වැනිදා තමයි පුතාගේ චිත්‍රය ලෝක­යෙන්ම හොඳම චිත්‍රය ලෙස තෝරා­ගෙන තිබුණේ.”

එලෙස අහ­ම්බෙන් චිත්‍ර තර­ගා­ව­ලි­ය­කට ඉදි­රි­පත්ව රටට කීර්තිය ගෙන දුන් දිනු­ගගේ චිත්‍ර තව තවත් අන්ත­ර්ජා­තික තර­ගා­වලි කිහි­ප­ය­ක­ටම ඉදි­රි­පත් කිරී­මට ඔහුගේ මෑණි­යන් මේ වන විට කට­යුතු කර­මින් සිටී.

Comments