මධූෂ් සමඟ රාජ්‍ය තාන්ත්‍රිකයකුද සිටි කතාව බොරුවක්? | සිළුමිණ

මධූෂ් සමඟ රාජ්‍ය තාන්ත්‍රිකයකුද සිටි කතාව බොරුවක්?

ඩුබායිහි අත්අඩංගුවේ පසුවන මධුෂ් ඇතුළු පිරිස අතර රාජ්‍ය තාන්ත්‍රිකයෙකුද සිටින බවට බොරු ප්‍රචාරයක් ගෙන යමින් රජයේ මැදිහත් වීමක් ලබාගෙන මධුෂ් ගලවා ගැනීමේ කූට උපක්‍රමයක් මධුෂ්ගේ අනියම් බිරිය තිළිණි නිශායා ඇතුළු පිරිසක් ක්‍රියාත්මක කරමින් සිටින බවට වාර්තා වේ. ඊට මධුෂ්ට හිතවත් මෙරට පොලිස් නිලධාරින් පිරිසකගේ සහායද හිමිවන බවට අනාවරණය වී ඇත.

දැනට වාර්තා වන ආකාරයට කිසිම රාජ්‍ය තාන්ත්‍රිකයෙකු එම පිරිස අතර නොමැති බවත් හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු පමණක් ඒ අය අතර සිටින බවද සැලවේ. මධුෂ්ගේ බිරිය සහ කංජිපාන ඉම්රාන්ගේ බිරිය එක්ව ඩුබායිහි අතිදක්ෂ නීතිඥයන් සොයමින් මධුෂ් ඇතුළු පිරිස බේරා ගැනීමට වෙහෙසෙන බවක්ද වාර්තා වේ. එසේම කඹුරුපිටිය ප්‍රාදේශීය සභාවේ කිසිදු මන්ත්‍රීවරයකුද එම සාදයට සහභාගි නොවූ බව එම සභාවේ වැඩබලන සභාපති ආනන්ද වීරසිංහ මහතා පසුගිය සිකුරාදා මාධ්‍ය හමුවක් පවත්වමින් අවධාරණය කර සිටියේය.

Comments