
බෙදී වෙන් වී සිටිනවාට වඩා එකට එක් වී යම් කටයුත්තක් කරන විට එයින් ලබාගත හැකි ප්‍රතිඵල ඉහළය. ඒ බව පසක් කරමින් පසුගියදා කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පදිංචි තරුණයෝ අපුරු වැඩක් කළහ. අවසානයේ ඔවුන් ඒ වෙනුවෙන් ජයග්‍රහණය ද ලැබුවේය. ඒ කතාව මෙසේය.
2018 වර්ෂයේ ජාතික තරුණ සේවා සභාව යටතේ ක්‍රියාත්මක කෙරුණු තුරුණු ශ්‍රම ශක්ති වැඩසටහන යටතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ යෞවන සමාජ මඟින් ව්‍යාපාති 30ක් ක්‍රියාත්මක කරනු ලැබිය. එහි දි ජනතාවගේ පොදු අවශ්‍යතා වෙනුවෙන් එක් ව්‍යාපෘතියක් සදහා ජාතික තරුණ සේවා සභාව විසින් රුපියල් ලක්ෂ 3ක මුදලක් ලබා දෙන ලදි. නොයෙක් ආධාර, ධන පරිත්‍යාගයන් මත හා ශ්‍රම දායකත්වයෙන් සම්පුර්ණ කරගන්නට සිදු විය.
බුලත්කොහුපිටිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අයත් ඌරුමීවෙල ශ්‍රී විජිතාරාම විහාරස්ථානයේ ලයන් ස්ටාර් යෞවන සමාජ ඉදි කළ බෝධි ප්‍රාකාරය දිස්ත්‍රික් මට්ටමෙන් ප්‍රථම ස්ථානය හිමි කරගත්තේ ඒ අනුවය. එය කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් නාලිකා පියසේන මහත්මිය හා ජාතික තරුණ සේවා සභාවේ ප්‍රධාන කාර්යාලයේ නිලධාරින් විසින් පසුගියදා විනිශ්චය කරනු ලැබීය.
එම ජයග්‍රහණය පිළිබඳ අදහස් දක්වන බුලත්කොහුපිටිය තරුණ සේවා නිලධාරි අනුරාධ බණ්ඩාර මහතා
“ජාතික තරුණ සේවා සභාවේ වැඩසටහන යටතේ බුලත්කොහුපිටිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ව්‍යාපාති 3ක් ක්‍රියාත්මක කරනු ලැබුවා. ඉන් එකක් තමා මෙම ව්‍යාපෘතිය. ලයන් ස්ටාර් යෞවන සමාජය විසින් ගම්වාසින්ගේ අදහස ද අනුව පසුගිය වර්ෂයේ ජූලි මස මෙම ව්‍යාපාතිය තෝරා ගනු ලැබුවේ ඌරුමීවෙල විජිතාරාම විහාරස්ථානයේ බෝධි ප්‍රාකාරය ඉදි කිරීමේ කටයුත්ත.
ඒ විහාරස්ථානයේ කලක් හිමි නමක් වැඩසිටියේ නෑ. බෝධි ප්‍රාකාරය නාය යෑමකට ගොදුරු වෙලා ගරා වැටිලා තිබුණේ. ඒ අනුව 2018 සැප්තැම්බර් මස 3 වන දින මුල්ගල් තබා වැඩ ආරම්භ කළා. ඒ අනුව 2018 නොවැම්බර් මස 5 වන දින වන විට එහි කටයුතු නිම කළා. දෙසැම්බර් මස 5 වන දින එහි විනිශ්චය කටයුතු කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් නාලිකා පියසේන මහත්මිය හා ජාතික තරුණ සේවා සභාවේ ප්‍රධාන කාර්යාලයේ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් විනිශ්චය කළා. ඒ අනුව දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානය ලැබුණා. ව්‍යෘපෘතිය සඳහා ලයන් ස්ටාර් යෞවන සමාජයට රුපියල් ලක්ෂ 5ක මුදලක් ලබා දුන්නා.”
ඒ පිළිබදව අදහස් දක්වන ඌරුමීවෙල ලයන් ස්ටාර් යෞවන සමාජයේ සභාපති එම්. බී. ඒ ඩිලක්ෂ ත්‍රිත්නික බණ්ඩාර තරුණයා
“අපේ කණ්ඩායම බොහෝම කැප වීමෙන් කටයුතු කෙරුවා. මේ අපේ ගමේ පන්සල. අපට උවමනාව තිබුණේ පන්සල වෙනුවෙන් දෙයක් කරන්න. ගමේ වැඩිහිටි තරුණ හැම කෙනෙක්ම අපට හොද සහයෝගයක් දුන්නා. ඒ නිසයි ඉතාම කෙටි කලකින් බොහෝම ලස්සනට මේ කාර්යය අපට කර ගන්නට පුළුවන්කම ලැබුණේ.
ඡායාරූප බුලත්කොහුපිටිය සමූහ