ජේසු බබා උපන්දා | සිළුමිණ

ජේසු බබා උපන්දා

ජුසේ තුමා තම ගැබිනි බිරිය වු මරියතුමිය සමඟ බෙත්ලෙ­හෙම් පුරය වෙත යමින් සිටියේය. ඒ වන විට රැය උදා වී තිබිණි. ඔවුහු රාත්‍රිය ගත කිරී­මට ගෙයක් ගෙයක් පාසා යමින් නවා­තැ­නක් සොය­න්නට වූහ. එනමුදු කිසි­වෙක් ඔවුන්ට නවා­තැන් නොදුන්හ. අව­සා­නයේ ඔවුහු ඒ අසල තිබු ගව­ම­ඩු­වක නවා­තැන් ගත්හ.

මධ්‍යම රාත්‍රියේ මරිය මවු­තු­මිය ජේසු බිලින්දා මෙලො­වට බිහි කළාය. එවිට අහසේ දීප්තිමත් තරු­වක් පායා තිබිණි. එය අසි­රි­මත් සිදු­වී­මකි. එඩේරු ජේසු බබා බල­න්නට ආහ. ජේජු බිලිඳා ලොව උපන්නේ සාමයේ පණි­වි­ඩය රැගෙ­නය. අප නත්තල කියා සම­රන්නේ ජේසු බබා ලොවට උපන් දින­යයි.

එම්. ආර්. පී. මලීෂා හංසනි රත්න­වීර
5 ශ්‍රේණිය ‘බී,‘
කීන­දෙ­ණිය ප්‍රාථ­මික විදු­හල,
කීන­දෙ­ණිය.

Comments