රත්මලේ ගම - ශ්‍රාවස්තිපුරය කළ යෝධ ඇළ පාමුල ‘ශ්‍රාවස්ති වත්ත’ | සිළුමිණ

රත්මලේ ගම - ශ්‍රාවස්තිපුරය කළ යෝධ ඇළ පාමුල ‘ශ්‍රාවස්ති වත්ත’

අනු­රා­ධ­පු­රයේ කුඹුරු අයිති උතුරේ රාස­යි­යලා ගැන සැඟ­වුණු කතාව

වැව් බැඳි රට යනු රජ­රට ගැන හොඳින්ම පැහැ­දිලි කෙරෙන අන්වර්ථ නාම­යකි. නුව­ර­ ක­ලා­වියේ අප සැරි­ස­රනා ඉස­ව්වේද ඔබින් ඔබ වැව්ය. හැළඹ වැව අව­සන් වන විටම දිවුල් වැවය. ඉන් ඔබ්බේ බිඳුණු වැවය. ඉහ­ත්තාවේ නාච්චා­දූ­වය. පසෙ­කින් තුරු­වි­ලය. වගා­කි­රී­ම­ටත් නෑම­ටත් යොදා ගන්නා වැව් ජල­යට අම­ත­රව, අත­හැර දැමූ වැව්වල වැවෙන ඕලු, නෙලුම් මල් අනු­රා­ධ­පුර අවට වෙසෙන සැල­කිය යුතු පිරි­ස­කගේ ජීවන වෘත්තිය නිර්මා­ණය කරයි. රටේ නන් දෙසින් අනු­රා­ධ­පුර අට­ම­ස්ථා­න­යත්, අවට සිද­ධ­ස්ථා­නත් වැඳපුදා­ගැ­නී­මට පැමි­ණෙන බැති­ම­තුන් වෙනු­වෙන් මල් නෙළන්නේ මේ වැව් වලිනි. මෝටර් සයි­ක­ල­යක හෝ ත්‍රීරෝද රථ­යක ටියු­බ­යක්ද බැඳ­ගෙන වැවෙන් වැවට යන මල් නෙළ­න්නන් දැක­ග­න්නට නම් උදෑ­ස­නින්ම වැව් බැම්ම­කට ගොඩ­විය යුතු­මය.

“හැම වැව­කම මල් නෙළන්න අපිට බෑ... බදුගත්ත වැව්වල විත­රයි මල් කඩන්න දෙන්නේ… ගොවි සංවි­ධානෙ හරහා තමයි වැව බදු දෙන්නේ... මාසෙ­කට දහ­දාහේ විසි­දාහේ ඉඳල එක එක ගණන්වලට වැවේ මල් ටික බදු දෙන එක කෙරෙ­නවා… අපි වැවක් බදු අර­ගෙන නෑ… බදු අයි­ති­කා­ර­යට කීයක් හරි දීලා මල් ටිකක් කඩා ­ගෙන එනවා… අද මේ මල් ගෙනා වෙසේන ­පු­රෙන්…” පොතා­නේ­ගම මහ­පාර අයිනේ නෙළුම් මල් හයක් රුපි­යල් සිය­යට විකු­ණන තරු­ණ­යින් දෙදෙ­නා­ගෙන් කෙනෙකු අපට මල් වෙළ­දාමේ වග­තුග පැවැ­සූවේ එසේය.

වත්මන් දේශ­පා­ල­ක­යන්ටද, සිවිල් සමාජ ක්‍රියා­කා­රී­න්ටද ආද­ර්ශ­යක් වෙමින් පරා­ර්ථය පිණිස සිය ධනය නිර්ලෝ­භීව වැය කර­මින් කට­යුතු කළ මහා දාන­ප­ති­යෙකු මෙන්ම බෞද්ධ අධ්‍යා­ප­නයේ පුරෝ­ගා­මි­යෙකු ලෙස සුප්‍ර­සි­ද්ධව සිටි දේශීය පශු වෛද්‍ය­ව­ර­යෙකු සේම 1936-42 සෞඛ්‍යය ඇමැ­ති­ව­ර­යාද වූ ඩබ්ලිව්. ආතර් ද සිල්වා මහතා ගේ නිවෙස කොළඹ පිහිටි ශ්‍රාව­ස්ති­යයි.

හිදෝ­ගම සිට යෝධ ඇළ බැම්මේ යන අපට ඊළ­ඟට හමු­වන නඟ­රය ශ්‍රාව­ස්ති­පු­රයි. අතී­තයේ රත්මලේ ලෙස හැඳින්වූ ප්‍රදේ­ශය මෑත­ කා­ලී­නව ශ්‍රාව­ස්ති­පුර ලෙස නම්කර ඇත්තේ ඩබ්ලිව්. ආතර් ද සිල්වා මහ­තාට උප­හාර පිණි­සය.

මේ උප­හා­ර­යට හේතුවූ කරුණු කාරණා සොයා යන අපට හමු­වූයේ නෙළු­බෑවේ පදිංචි කේ. පී. මොහොතා මාමාය. දැනට අසූ­හය හැවි­රිදි වියේ වෙසෙන මොහොතා මාමා, 1932 දී උප­න්නෙකි. ඔහුත් ඔහුගේ බාල සොහො­යු­රාත් ශ්‍රාව­ස්ති­යායේ දෙවැනි පර­ම්ප­රාවේ සේව­ක­යින් අත­රින් කෙනෙකි.

“ආතර් මහ­ත්මයා පළ­වැනි ලෝක යුද්ධෙන් පස්සේ යෝධ ඇළට පහ­ළින් කුඹුරු අක්කර එක්ද­හස් පන්සි­ය­යක් - දෙද­හක් අර­ගෙන සේව­කයෝ දම්ම­වල වැඩකළා… ඉඩමේ කොටස් කඩල කොන්දො­ස්ත­ර­වරු යටතේ තමයි පාල­නය වුණේ… රටේ හැම පැත්තෙන්ම ගොවියෝ ඇවිත් මේ ඉඩම්වල පදිංචිවෙලා වගා කළා… එක ගොවි­යෙ­කුට තමන්ට කැමැති තර­මක් කුඹුරු වැඩ­ක­රන්න පුළු­වන්. නව­තින්න ලැයිම් කාමර හදලා තිබුණා… හැබැයි 1930 මැලේ­රියා වසං­ග­තෙත් එක්ක මේ වගේ වැඩ­ක­රන්න මිනිස්සු නැතිව ගියා… ඊටපස්සේ අපි පුංචිකාලෙම අපේ තාත්තලා මෙහෙ පදිං­චි­යට ඇවිත් කුඹූරු වැඩකළා… යාපනේ පැත්තෙන් දෙමළ මිනි­ස්සුත් ඇවිත් වැඩකළා… මට අවු­රුදු පහ­ළො­වක් වෙන­කොට තාත්තට වෙන­මත්, මටයි මල්ලි­ටයි වෙන වෙන­මත් කුඹුරු කොටස් ලැබුණා…”

ඉඩම් හිමි­යා­ගෙන් වගා­වට අවශ්‍ය බිමද, බිත්තර වීද, හර­කා­බා­නද, නවා­තැන්ද, කන්නය අව­සන් වන තුරු විය­දම් මුදල්ද ලැබේ. අවශ්‍ය තරම් ජලය ලැබෙන්නේ යෝධ ඇළෙනි. ලැබෙන අස්වැ­න්නෙන් හරි අඩක් ඉඩම් හිමි­යා­ටය. ඉතිරි අඩ ගොවි­යා­ටය. දෙපා­ර්ශ­ව­ය­ටම අලා­භ­යක් නොවූ මේ ක්‍රම­යට ඇදී ගිය ගණු­දෙ­ණුව අක්‍ර­ම­වත් වූයේ 1942දි සිදුවූ ඩබ්ලිව්. ආතර් ද සිල්වා මහතා ගේ අභා­ව­යෙනි. ඉන්ප­සුව ඔහුගේ බෑණා වූ සුසන්ත ෆොන්සේකා විසින් මෙම ඉඩම කළ­ම­ණා­ක­ර­ණ­යට උත්සාහ දැරු­වද එය සාර්ථක වී නැත.

අව­සා­නයේ 1956 රජයේ කෘෂි­කර්ම අමා­ත්‍ය­ව­රයා වූ සි.පි.ද සිල්වා මහතා විසින් ගත් තීර­ණ­යක් අනුව මෙම ඉඩම් වගා­ක­රු­වන් අතරේ බෙදා දී තිබේ. ඒ අනුව සෑම වගා කරු­වෙ­කු­ටම අක්කර දෙකක ඉඩ­මක් ලැබී ඇති අතර අද­වන විට නෙළු­බෑව රෝහල, පාසැල, ගොවි­ජන සේවා කාර්යා­ලය පවා පිහිටා ඇත්තේ පැරණි ශ්‍රාව­ස්ති­ව­ත්තට අයත් ඉඩම්වලය. එසේම ශ්‍රාව­ස්ති­පුර තැපැල් කාර්යා­ලය, ශ්‍රාව­ස්ති­පුර දුම්රිය ස්ථානය පවා පිහිටා ඇත්තේ ශ්‍රාවස්ති වත්තේ ඉඩම්වලය. මේ නිසා 1950 දශ­ක­යේදී එතෙක් රත්මලේ ලෙස හැඳින්වූ එම ප්‍රදේ­ශය ශ්‍රාව­ස්ති­පු­රය යනු­වෙන් වෙනස් වී තිබේ. ඒ ඩබ්ලිව්. ආතර් ද සිල්වා මහතා සිහි ­වනු පිණි­සය. වර්ත­මා­නයේ බස්නා­හිර පළාත් මහ ඇමති කාර්යා­ලය පිහිටා ඇති “ශ්‍රාවස්ති මන්දි­රය” අතී­ත­යේදී ඩබ්ලිව්. ආතර් ද සිල්වා මහ­තාගේ නිවෙ­සය.

යාප­න­යෙන්, වව්නි­යා­වෙන් පැමිණ යෝධ ඇළ ශ්‍රාව­ස්ති­වත්තේ වැඩ­ කළ දෙමළ මිනි­සුන්ට, සින්න­ක්කර අයි­තිය ලැබූ සිය ඉඩම් වල වගා­ක­ර­ග­න්නට හැකි­වූයේ දෙව­ස­රක් පමණි. 1958දී ඇතිවූ සිංහල දෙමළ කෝලා­හ­ල­යේදී මොහොතා මාමා සමඟ සමෝ­ස­මව කුඹුරු වැඩ කළ, අත්ත­මට සහ­භාගි වූ රාස­යි­යලා, වේලා­යු­ධම්ලා සියල්ල හැරදා යළි යාප­න­යට ගොස් ඇත්තේ හිස් අතිනි. අද වන විටත් එම දෙමළ ගොවීන්ගේ කුඹුරු සිංහල ගොවීන් විසින් අඳ ක්‍රම­යට වගා කරන අතර, ඉඩම් හිමි­යාට අදාළ ගෙවීම් වාර්ෂි­කව ගොවි­ජන සේවා කාර්යා­ල­යට ගෙවන බව එහි සංව­ර්ධන නිල­ධා­රිනී එච්.ඒ. රේණුකා මහ­ත්මිය අප සමඟ පැවැ­සු­වාය.

“මේ ඉඩම් හිමි­කා­රයන්ගෙන් බහු­තරය අඳ අයි­තිය ගන්න එන්නේ නෑ.. ඒත් සමහර කොටස්වල අයි­තිය ගන්න ප්‍රංසයේ, කැන­ඩාවේ ඉඳන් එන අවස්ථා තියෙ­නවා… යුද්ධය ඉවරවුණාට පස්සේ උතුරේ හිටපු සම­හර පිරිස් ඇවිත් තමන්ගේ ඉඩ­ක­ඩම් එහෙම බලල ගියේ අවු­රුදු ගානකට පස්සේ…. ඉඩම් හිමියා ආවත් නැතත්, අඳ ගොවි පනතින් පැවැ­රුණු වග­කී­මක් විදි­යට, අඳගොවි­යා­ගෙන් ඉඩම් හිමි­ක­මට අදාළ අය­කි­රීම් නිවැ­ර­දිව කරන්න ගොවි­ජන සේවා දෙපා­ර්ත­මේ­න්තුව බැඳිලා ඉන්නවා…”

මොහොතා මාමා­ගෙන් සමු­ගත් අපි යළි යෝධ ඇල බැම්මට පිවි­සුණේ තිසා­වැ­වට එක්ව­න්නට සූදා­න­මින් සිය ගමනේ අව­සන් කොට­සට ළඟා­වෙන යෝධ ඇළේ අසි­රිය දකිනු රිසි­යෙනි.

කලා­වැවේ සිට බටු­වත්ත දක්වා වන ආර­ම්භක කොට­සේදී යෝධ ඇළේ බැම්ම තිබුණේ ඇළ මාර්ග­යට දකු­ණෙනි. බටු­වත්තේ සිට දිවු­ල්වැව දක්වා කොට­සේදී කානු­වක් ලෙස පොළෝ මට්ට­මට බොහෝ පහ­ළින් යෝධ ඇළ ගලා යන්නේ ඒ කොටසේ පව­තින උස් භූ විස­ම­තා­ව නිසාය. දැන් දිවු­ල්වැ­වෙන් පසු යෝධ ඇලේ බැම්ම ඇත්තේ ඇළ මාර්ග­යට උතු­රෙනි. ඒ අනුව යෝධ ඇළත්, මල්වතු ඔයත් අතර පිහිටි කුඹුරු වලට දිය­වර සැප­යෙන්නේ යෝධ ඇලේ අතුරු ඇළ මාර්ග වලිනි. ඒවා පිළි­වෙ­ළින් 1 ඇළ සිට 5 ඇළ දක්වා නම්කර තිබේ.

නාච්ච­දූ­වෙන් එන දිය­ක­ඳෙන් යළි පණ ලබන යෝධ ඇළ දැන් ආසන්න පදිංචි කරු­වන්ගේ නෑම රෙදි සේදීම වැනි දෛනික කට­යුතු සඳහා යළි යොදා­ගනී. පාසල් නිවාඩු සමයේ යෝධ ඇළේ කෙළි­දෙ­ළින් දිය කෙළින කොලු කුරු­ට්ටන් බැම්ම දිගේ යන අපට නොඅ­ඩුව හමුවේ.

ඔවුන් පසු­ක­ර­මින් යෝධ ඇළ බැම්ම දිගේ ගිය අප ආස­න්නයේ හමුවූ පාල­ම­කින් යෝධ ඇලෙන් එගොඩ වී ඉදි­රි­යට ගියේ මෙම ප්‍රදේ­ශයේ ගොවි සංවි­ධා­නයේ සභා­ප­ති­ව­රයා හමු­ව­න්න­ටය.

රන්කෙත ගොවි සංවි­ධා­නයේ සභා­පති එල්. එම්. වීර­රත්න මහතා සැබෑම ගොවි­යෙකි. අප ඔහුගේ නිවෙ­සට යන විටත් ඔහු සිය කුඹුරේ වල් ගල­ව­මින් සිටි­යේය. යෝධ ඇළෙන් ඔවු­නගේ කුඹුරු වෙත දිය­වර ලැබෙන සැටි අපි ඔහු­ගෙන් විම­සු­වෙමු.

“කලා­වැ­වෙන් නව ජය­ගඟ දිගේ එන වතුර කිරි අමු­ණු­කො­ලෙන් හැරෙන අතුරු ඇළ­කින් නාච්ච­දූ­වට ගේනවා… හැබැයි එහෙම වතුරගන්නේ නාච්චා­දූ­වට වතුර මදි වුණොත් විත­රයි. ඊට පස්සේ නාච්චා­දූ­වෙන් අතුරු ඇළක් දිගේ දිවුල් වැවට වතුර ඇවිත්, දිවුල් වැවෙන් යෝධ ඇළට වතුර ලැබෙ­නවා… එතැ­නින් පස්සේ තිසා­වැ­වට යන­කම් කොට­සෙදි ප්‍රධාන ඇළ­වල් පහ­කින් අනු­රා­ධ­පුරේ කුඹු­රු­ව­ලට වතුර දෙනවා…”

මහ­වැලි ජලය එන­තෙක් යළ-මහ දෙක­න්න­යම කුඹුරු කිරීම ගැන විශ්වා­ස­යක් රජ­රට ගොවි­යාට තිබී නැත. වතුර ලැබෙන්නේ නම් මඩ ගොවි­තැන් කිරී­ම­ටද, වතුර නොලැ­බෙන්නේ නම් ගොඩ ගොවි­තැන කිරී­ම­ටද හුරුවූ නුවර කලා­වියේ ගොවියා අද දවස වන විට යළ-මහ දෙක­න්න­යම අඩු­වක් නැතිව වී වගා කරයි. එහෙත් ගැට­ලුව ඇත්තේ මහ­වැ­ලියේ තෙවැනි පර­ම්ප­රා­වට, ඵල­දායී වී ගොවි­තැ­නක යෙදෙ­න්නට අවශ්‍ය තරමේ භූමි­යක් රජ­රට තුළ නොවී­මය. ඉඩම් ආර්ථික සම්ප­තක් වන නිසා දැන් අප උත්සාහ දැරිය යුතුව ඇත්තේ අඩු භුමි­ය­කින් වැඩි ලාභ­යක් ලැබිය හැකි වී වර්ග වගා කිරී­ම ය.

දිවු­ල්වැව රන්කෙත ගොවි සංවි­ධා­න­යට කුඹුරු අක්කර 366 ක කුඹුරු ප්‍රමා­ණ­යක් අයි­තිය. ගොවීහු 170ක් පමණ සංවි­ධා­නයේ සාමා­ජි­කයෝ වෙති. ඔහු­ගෙන් සමු­ගත් අපි යළි පාල­මෙන් එගො­ඩව යෝධ ඇළ බැම්මට පිවි­සි­යෙමු.

“බයි­සි­කලේ හුළං බහි­නවා… පැච් එකක් වගේ…” බයි­සි­ක­ලයේ වේගය මදක් අඩාළ කළ කැමරා ශිල්පී චතුර එය පිළි­ස­කර කර­න්නට උත්සහ දරයි. එහෙත් එය තාව­කා­ලික පිළි­ය­මක් කර­ගත නොහැකි ගැට­ලු­වකි.

ඒ නිසා අපි වින්ක­ල­යක් සොයා ගියෙමු. කාල­ය­කට පෙර හේනට, කුඹු­රට, නග­ර­යට යන්නට රජ­රට ගොවියා ගේ හිත­මි­තුරු වාහ­නය වූ පාපැ­දිය දැන් එම කලා­පයේ සුලබ වාහ­න­යක් නොවේ. ඒ නිසාම බයි­සි­කල් අලු­ත්වැ­ඩි­යාව සඳහා වෙන්වූ “වින්කලේ” යනු­වෙන් හඳු­න්වන පාපැදි වැඩ­පො­ළ­වල් දැන් රජ­ර­ටින් තුරන් වී යන බවක් පෙනේ…

“දැන් හැමෝම ගාව තියෙන්නේ මෝටර් බයි­සි­කල්. නැත්නම් ත්‍රීවීල්… සයි­කල් අඩුයි. ඒ නිසා අපි­ටත් වැඩ නෑ… ඉස්සර වරු­වක් වැඩ­ක­රද්දි රුපි­යල් දෙද­හක් විතර හොයා­ගන්න පුළු­වන්. ඒත් දැන් දව­ස­ටම රුපි­යල් පන්සි­ය­යක් හොයා­ගන්න බෑ….” දිවු­ල්වැව වින්කලේ බාසු­න්නැහේ වන ඇක්මොන් ජය­ලත් මහතා සිය රැකි­යාවේ අවි­නි­ශ්චිත බව ගැන අපට කීවේ එසේය. සිය පවු­ලත් සමඟ ගම්පහ වේය­න්ගොඩ සිට රජ­රට වින්කල් රස්සා­වට පැමිණි ඔහු තනි­කර දමා පවුලේ අය යළිත් ගම්ප­හට ගොස් ඇත්තේ “වින්කල්” රස්සා­වෙන් එදා වේලට එහා යමක් සරි කර ගන්නට ඔහුට නොහැකි වූ නිසා වන්නට ඇත.

ඒ අවි­නි­ශ්චිත බවේ පශ්චා­ත්තා­පය ඔහු හා බෙදා­හ­දා­ගත් අප පාපැදිවල වැරදි නිවැ­රදි කර­ගෙන යළිත් යෝධ ඇළ බැම්මට පිවි­සියේ හවස් වන්නට පෙර ශ්‍රාව­ස්ති­පු­රය දක්වා යන්නට අදි­ටන් කර­ගෙ­නය.

අන­ව­සර වැලි ගොඩ දම­න්නන්, යෝධ ඇළ රක්ෂි­තයේ ගස් කප­න්නන්, ඉවුර කපා කාණු තනා සිය ඉඩම්වලට වතුර ලබා­ගන්නා පිරිස්, කැළි කසළ දම­න්නන් මේ ඉස­ව්වේදී යෝධ ඇළට හානි කර­න්නන් ලෙස දැක්විය හැකිය.

“ඉස්සර වාරි ­මාර්ගේ ටී.ඕ. මහ­ත්වරු, ඉංජි­නේරු මහ­ත්වරු දවල් රෑ නැතිව මේ බැම්ම දිගේ කලා­වැ­ව­ටම යනවා... ඒත් කල­බල කාලෙ නැවැ­තු­නාට පස්සේ දැන් ආපහු ඒවැඩ සිද්ධ­ වෙන්නේ නෑ.. ඇත්ත­ටම ඒ දව­ස්වල ජීප්වලට ගල් ග­හල, ඇණ තියල ගමන් බිමන අඩ­පණ කලේ චේගු­වේරා කාරයෝ නෙවෙයි. ජාවා­ර­ම්කා­රයෝ… ආයෙත් බැම්ම දිගේ යන එන එක පටන් ගත්තොත් දැනට සිද්ධ වෙන වැරදි අඩු­ක­ර­ගන්න පුළු­වන් වෙයි…” කේ. පී. මොහොතා මාමාගේ අද­හස් දැක්වීම ගැන සිත­මින් ආමනේ වැව පසු­ කළ අපි ශ්‍රාව­ස්ති­පු­රට ළඟා­ වු­ණෙමු.

(සංචා­රය සඳහා අවශ්‍ය පාපැදි සම්බ­න්ධී­ක­ර­ණය කළ නෙළු­බෑව ගොවි­ජන සේවා දෙපා­ර්ත­මේ­න්තුවේ එච්.ඒ. රේණුකා මහ­ත්මි­ය­ටත්, ආහා­ර­පාන සහ නවා­තැන් සම්බ­න්ධී­ක­ර­ණය කළ එගො­ඩ­ගම ප්‍රියන්ත චන්දි­මාල් මහතා ඇතුළු අද­හස් දැක්වූ ගම්වැ­සි­ය­න්ටත් ස්තූතියි!)

පොතා­නේ­ග­මින් තිසා­වැවට එකතු වන යෝධ ඇළ ගවේ­ෂ­ණයේ අව­සන් ලිපිය ලබන සතියේ….

[email protected]
ඡායා­රූප - චතුර හේමාල්

Comments