
අද ලෝකයේ වේගයෙන් ව්‍යාප්ත වන බෝ නොවන රෝග අතරින් දියවැඩියාව ප්රමුඛස්ථානයක් ගනී. ඇමෙරිකාව, ඕස්ට්‍රෙලියාව, එංගලන්තය වැනි සංවර්ධිත රටවල ජනතාවට පවා මෙම ලෙඩරෝගවලින් ගැලවීමට නොහැකි වි තිබේ. ලංකාවේ ජනගහනයෙන් 11% ක ප්‍රමාණයක් දියවැඩියාව රෝගයට ගොදුරු වී ඇති බව සොයා ගෙන ඇත. කොළඹ ජනගහනයෙන් දියවැඩියාවට ගොදුරු වූ සහ දියවැඩියාව රෝගය වැළඳීමේ අවදානම ඇති පිරිස 59.3% කි. අද දවසේ දියවැඩියාව වැළඳුණු අය අතර පාසල් දරුවෝ ද සිටිති. එපමණක් නොවේ. උදේ හවස දහදිය වගුරුවන කම්කරුවන් අතර ද දියවැඩියා රෝගිහු සිටිති. කඳුකරයේ වෙසෙන කම්කරුවන්ගෙන් 15% කට දියවැඩියාව වැළඳී ඇති බවට වාර්තා වී තිබේ. හිනිඳුම වතු කම්කරුවන්ගේ තත්වයද එසේමය. දිනපතා කඳු නඟිමින් පල්ලම් බසිමින් ශ්‍රමය වැය කරන කම්කරුවන්ටත් දියවැඩියාව වැළඳීම පුදුමයට කරුණක් නොවේ ද?. මන්ද ශ්‍රමය වැය කරන දහදිය වගුරුවන අයට දියවැඩියාව, කොලෙස්ටරෝල් හට නොගන්නා බවට සාමාන්‍ය මතයක් පැවතීම ය.
එහෙත් අද වන විට ව්‍යායම තිබෙන ඔවුන්වත් දියවැඩියාව ආක්‍රමණය කර ඇත. ව්‍යායාම තිබෙන පුද්ගලයන් දියවැඩියාව ආක්‍රමණය කර ඇත. ව්‍යායාම තිබෙන පුද්ගලයන් දියවැඩියාව රෝගයට ගොදුරු වන්නේ ඇයි?. ප්‍රශ්නය එයයි.
සීනි අධික ආහාරපාන සහ පැණි රසැති කෑම දියවැඩියාවට හේතු වන බව බොහෝදෙනා සිතන සරල කාරණාවකි. එහෙත් අද වන විට සීනි අධික ආහාරපාන පමණක් නොව අප විසින් දිනපතා ආහාරයට ගනු ලබන බත්,පාන් වැනි ආහාරවලින් ද දියවැඩියාව වැළඳෙන බව සොයා ගෙන ඇත.
මේ අනුව දියවැඩියාවට හේතු වන ප්‍රධාන කරුණු කීපයක් හඳුනා ගෙන ඇති අතර ඒවා මතු දැක්වේ.
කෘෂි රසායනික ද්‍රව්‍ය අන්තර්ගත ආහාර පරිභෝජනය කිරීම
සියලුම කෘෂි රසායනික ද්‍රව්‍යවල ආසනික් අඩංගු වන බැවින් කෘෂි රසායනික ද්‍රව්‍ය යොදා වගා කරන සහල්, එළවළු, පලතුරු, අර්තාපල්වලින් මිනිස් සිරුරට ආසනික් ඇතුළු වන්නේ නිරායාසයෙනි. ආසනික්,අග්න්‍යාශයේ ඉන්සියුලින් නිපදවන බීටා සෛලවලට හානිදායකය.
අනුරාධපුර ප්‍රදේශයේ ට්‍රිබල් පොස්පේට් කිලෝ ග්‍රෑම් 1ක ආසනික් මයික්‍රෝ ග්‍රෑම් 4253 ක් ද පදවිය ප්‍රදේශයේ ට්‍රිබල් පොස්පේට් කිලෝ ග්‍රෑම් 1 ක ආසනික් මයික්‍රෝ ග්‍රෑම් 25,494 ක් ද අඩංගු වී තිබුණු බව පරීක්ෂණවලින් අනාවරණය විය. මේ අනුව කොපමණ ප්‍රමාණයක් ආසනික් ශරීරගත වේදැයි අපට සිතා ගැනීමට අසීරු නැත.
කෘත්‍රිම රසකාරක හා කෘත්‍රිමව ආහාර කල් තබා ගන්නා ද්‍රව්‍ය, කෘත්‍රිම ආහාර වර්ණ ගන්වන ද්‍රව්‍ය යෙදු ආහාර භාවිතය
වර්තමානයේ බොහෝ දෙනෙක් ආහාරයට ගන්නා පීට්සා, කොත්තු, රයිස්, බර්ගර්, ඩෝනට්, කේක්, මාගරින් යෙදූ ආහාර, බිස්කට්, මස් වර්ග, සොසේජස්, කෝඩියල් වර්ග වැනි ආහාර පාන බෝ නොවන රෝග රැසකට මග පාදයි. මෙම ආහාර වර්ගවල අඩංගු සින්තටික් ප්රිසවටිව් ශරීර සෞඛ්‍යයට අහිතකරය. මෙම ආහාරවලට යොදන අජිනමොටෝ මිනිස් සිරුර රෝගි කරන කාරකයකි. අජිනමොටෝ අග්න්‍යාසයේ රුධිර සංසරණයට බාධා ඇති කරයි.
හයිෆ්රක්ටෝස් කෝන් සිරප්
අද බොහෝ පැණි බීම කර්මාන්තශාලාවල සීනි වෙනුවට මෙය යොදා ගැනෙන්නේ මෙය ලාභදායි වන බැවිනි. හයිෆ්රක්ටෝස් කෝන් සිරප් ප්‍රබල දියවැඩියා කාරකයකි. මෙයින් ඉන්සියුලින් නිපදවීමට බාධා ඇති කරයි. එයින් දියවැඩියාවට ගොදුරු වෙයි. ශරීරයේ මේද තැන්පත් වීම ඉහළ යයි. රුධිර පීඩනය වැඩි වෙයි. හෘද පටක වර්ධනය වීමෙන් හදවත විශාල වෙයි මෙටබොලික් සින්ඩ්‍රොම් රෝගයට ගොදුරු වේ. හයිෆ්රක්ටෝස් කෝන් සිරප් යෙදූ ආහාර භාවිතය කිසි සේත් සුදුසු නැත.
පාන්පිටි භාවිතය
පාන්පිටි නිස්සාරණයේදී 70% ක් පමණ පෝෂණ සංඝටක ඉවත් වේ. විටමින් B සංඝටක වන තයමින්, රයිබොෆ්ලේවින්, නියැසින් 60% - 75% කින් අඩු වන අතර කැල්සියම් 50% කින් පමණ අඩු වේ. මැග්නීසියම් 60% කින් පමණ අඩුවේ. මැන්ගනීස්, පොටෑසියම් 50% කින් අඩුවේ.
පාන්පිටිවල ඇති කාබෝහයිඩ්රේට් ආහාර මාර්ගයේ ඇති ග්ලූකෝස් ඉක්මනින් අවශෝෂණය කරන බැවින් වැඩිපුර ඉන්සියුලින් ශ්‍රාවය නිකුත් කිරීමෙන් රෝගි තත්ත්වයක් ඇති වේ.
පාන්පිටිවල ඇති ග්ලුටන් ශරීර සෞඛ්‍යයට හිතකර නැත. ඒ හැර පාන් සැදීමේදී එක් කරන මාගරින් මගින් ට්‍රාන්ස්මේද එකතු වේ. පාන්වලට එකතු කරන සීනිවලින් දියවැඩියාව වැළඳේ.
සීනි රහිත (Sugar Free) ලේබලය යටතේ ඇති ආහාර භාවිතය
අද වෙළෙඳපොළේ Sugar Free ලේබලය යටතේ ඇති ආහාරවල සීනි වෙනුවට අඩංගු වන්නේ ඇස්පාටමේ (E 951) නම් කෘත්‍රිම රස කාරකයයි. මෙය සීනිවලට වඩා බොහෝ පැණිරස ඇති රස කාරකයකි. ඇස්පාටමේ නම් කෘත්‍රිම රස කාරකයේ අතුරු ආබාධ රැසක් පවති.එය දියවැඩියාව සෑදීමට තුඩු දෙන කාරකයකි.
මානසික ආතතිය
වර්තමාන සමාජයේ බහුතරයක් අනවශ්‍ය කලබලයකින් කටයුතු කිරීමෙන් දැඩි මානසික නොසන්සුන් තත්ත්වයකට පත් වේ. එම මානසික අවිවේකීය, නොසන්සුන් බව නිසාම මානසික ආතතිය ඇති වේ. මානසික ආතතිය දියවැඩියාවට ගොදුරු වීමට බලපාන ප්‍රබල සාධකයකි.
ක්ෂුද්‍ර පෝෂක ඌනතාව සහ තන්තු අඩු ආහාර භාවිතය
ක්ෂුද්‍ර පෝෂක ඌනතාව යනු විටමින් සහ ඛනිජලවණ ඌනතාවයි. ශ්‍රී ලංකාවේ කුඩා දරුවන්ගේ විටමින් A ඌනතාව 33.3% කි. යකඩ ඌනතාව 50% කි. අයඩින් සහ මැන්ගනීස්, සින්ක් ඌනතාව ද අද බහුලව දක්නට ලැබේ. මැග්නීසියම්, සින්ක්, මැන්ගනීස් වැනි ක්ෂුද්‍ර පෝෂකවලට දියවැඩියාව වැළැක්වීමේ හැකියාව තිබේ. එහෙත් අද ආහාරවල ක්ෂුද්‍ර පෝෂක හීන වීමෙන් දියවැඩියාවට ගොදුරු වීමේ වැඩි නැඹුරුවක් දැක ගත හැකිය.
තන්තු සහිත ආහාර ද දියවැඩියාව පාලනය කරන නමුත් අද බොහෝ විට යන්ත්‍රානුසාරයෙන් නිපදවන ආහාර පරිභෝජනය කිරීමෙන් තන්තු අඩු ආහාර භාවිතයට යොමු වී සිටින්නේ නිරායාසයෙනි. යන්ත්‍රානුසාරයෙන් නිපදවන ආහාරවල තන්තු විනාශ වීමෙන් තන්තු සහිත ආහාරවලින් ලැබෙන ප්‍රතිඵල නොලැබී යනු ඇත. උදා:- පොල් බ්ලෙන්ඩර් කිරීම.
කිරිපිටි භාවිතය
කිරිපිටිවල ප්‍රධාන සංඝටකය වන්නේ ලැක්ටෝස් ය. මෙය සීනි ගතිය වැඩි කාබෝහයිඩ්රේට් නොවන සංයෝගයකි. ආහාර මාර්ගයේදී ඉතා ඉක්මනින් අවශෝෂණය වේ. මේ නිසා කිරිපිටි පානය කළ පසුව රුධිරයේ ග්ලූකෝස් මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ යයි. මේ නිසා ග්ලූකෝස් මට්ටම පාලනය කිරීමට අග්න්‍යාශය වැඩිපුර ඉන්සියුලින් ශ්‍රාවය කරයි. මේ නිසා දියවැඩියාව ඇති වේ. පාසල් දරුවන්ට දියවැඩියාව වැළදීමට හේතු වී තිබෙන්නේ මෙම කිරිපිටි භාවිතයයි.
එළවළු තෙල් භාවිතය
අසංතෘප්ත මේදය අඩංගු එළවළු තෙල් වර්ග 100 C වැනි උෂ්ණත්වයකින් රත් කළ විට ට්‍රාන්ස් මේදය බවට පත්වේ. මෙම ට්‍රාන්ස් මේදය ශරීරය තුළ දියවැඩියාව, හෘදයාබාධ සහ අක්මා රෝග ඇති කරයි. පිළිකා ඇති කරයි.
මයික්‍රොවේව් උදුන් භාවිතය
මයික්‍රොවේව් උදුන්වල ආහාර රත් කිරීමේදී ආහාරවල ඖෂධීය ගුණය සහ ප්‍රතිඔක්සිකාරක ගුණය විනාශ වේ. එබැවින් සිරුරේ ප්‍රති ශක්තිය දුර්වල වේ. දියවැඩියාව, පිළිකා, මානසික අවපාතයන්, හෝමෝන අසමතුලිතතා වැනි රෝග රැසකට හේතු වේ. ශරීරයේ කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යෑමට තුඩු දේ. මයික්‍රොවේව් උදුන්වල ආහාර රත් කිරීම කිසිම විටෙක සුදුසු නැත.
ජානමය ආහාර පරිභෝජනය
අද ලොව පුරා වගා කරන සහල්, එළවළු සහ පලතුරුවලින් 90% කට වැඩි ප්‍රමාණයක් දෙමුහුන්කරණය වී ඇත. මෙම දෙමුහුන්කරණයට ලක් වූ ආහාරවල ඖෂධීය ගුණ සහ ප්‍රතිඔක්සිකාරක ගුණ අඩුය.
රෝග ඇති වීමේ හැකියාව වැඩිය. අනෙක, මෙම ආහාර නිෂ්පාදනයේදී අධික ලෙස කෘෂි රසායන භාවිත කෙරේ.
එම ආහාරවල ජාන තාක්ෂණය වෙනස් කර තිබෙන්නේ කෘෂි රසායන යෙදූ තරමට අස්වැන්න ලැබෙන පරිදිය. මේවා කෘෂි රසායන නොමැතිව වගා කළ නොහැකිය. එබැවින් මෙම දෙමුහුන්කරණයට ලක් වූ ජානමය ආහාර පරිභෝජනය කිරීමෙන් දියවැඩියාව පමණක් නොව අවදානම් රෝග රැසකට මග පෑදෙන බව සිහි තබා ගත යුතුය.
වැලිසර ළය රෝහලේ වෛද්‍ය
නිරෝෂ් සමරවික්‍රම
සාකච්ඡා කොට සංස්කරණය කළේ හර්ෂා සුගතදාස